IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


‘එට්නා’ පුපුරද්දී සංචාරකයෝ පලායති

ඉතාලියට අයත්, සිසිලි දූපතේ පිහිටි ‘එට්නා’ ගිනි කන්ද සක්‍රිය වී පුපුරා යෑමට පටන් ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. 

අඩි 10,925 ක් උසැති ‘එට්නා’ ගිනි කන්ද යනු යුරෝපයේ විශාලතම ගිනි කන්දය. ‘එට්නා’ ගිනි කන්ද විටින් විට පුපුරා ගොස් ඇති නමුත්, දශකයකට පසු එනම් 2014 වසරෙන් පසු, එට්නා ගිනි කන්ද බිහිසුණු අයුරින් පුපුරා ගිය පළමු අවස්ථාව මෙය යැයි විද්‍යාඥයෝ පැහැදිලි කරති. 

ගිනි කන්ද පිහිටි සිසිලි දූපත සංචාරක ආකර්ශණයකි. ගිනි කන්ද පුපුරා දුම්වලා නිකුත් වෙද්දී, සංචාරකයෝ බොහෝ දෙනෙක් ගිනි කන්ද නැරැඹීමට ගොස් සිටියහ.

කුඩා භූමිකම්පා ද සමඟින් ගිනි කන්දෙන් දුම් වලා නැගෙද්දී, එම සංචාරකයක් පිරිස බියෙන් දුවන අයුරු දැක්වෙන වීඩියෝ දසුන් පවා මේ වනවිට විදෙස් මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධියට පත් වී ඇත. විද්‍යාඥයන් පැවැසුවේ දුම්වලා සමඟ උණු ලාවා නිකුත් වීමක් ද සිදුවුණු බවය.

(ඒ.එෆ්.පී.)



අදහස් (0)

‘එට්නා’ පුපුරද්දී සංචාරකයෝ පලායති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 709 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 556 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 451 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site