
ලතින් ඇමෙරිකාවට අයත් එක්වදෝරයේ, සිදුවුණු නායයෑමකින් හය දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මඩ සහ පස් තට්ටු යට සැඟවී අතුරුදන් වුණු පිරිස 30 කට වැඩිය.
නායයෑමට ලක්වූයේ බානෝස් දෙ අගුවා සැන්ටා නමැති කඳුකර නගරයයි. නායයෑමට හේතුව නොකඩවා ඇද හැලුණු මහ වර්ෂාව යැයි පැවැසෙයි.
මඩ, පස තට්ටු සහ ගල් ඉවත් කරමින්, පස් තට්ටු යට සිරවුණු පිරිස් මුදා ගැනීමේ මෙහෙයුම් දිගටම සිදුවෙයි. ඒ සඳහා බැකෝ යන්ත්‍ර පවා යොදා ගන්නා බව පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd