IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ

රුසියන් යුක්රේන යුද්ධයේ දී තමන්ගේ සහාය රුසියාවට ලබා දෙන බවත්, තම හමුදා රුසියන් හමුදා සමඟ එක් වී, යුක්රේන හමුදා සමඟ සටන් වදින බවත් උතුරු කොරියාව නිල වශයෙන් තහවුරු කර ඇත.

උතුරු කොරියා රජය සහ එරට හමුදාව නිකුත් කළ නිවේදනයක් උපුටා දක්වමින්, උතුරු කොරියානු පුවත් සේවය මේ බව තහවුරු කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

යුක්රේනයේ කර්ස්ක්ස් පළාත රුසියන් හමුදාව විසින් මේ වනවිට අත්පත් කරගනු ලැබ ඇති අතර, උතුරු කොරියාව පවසා ඇත්තේ කර්ස්ක්ස් පළාත අත්පත් කර ගැනීමට තම හමුදාවේ සහාය රුසියන් හමුදාවට හිමිවුණු බවය.

විදෙස් මාධ්‍ය පෙන්වා දෙන ආකාරයට යුක්රේන යුද්ධයට ගොස් සිටින උතුරු කොරියානු සොල්දාදුවන් ගණන 10,000 ට වැඩිය. ඔවුන්ගෙන් ද වැඩි දෙනකු යුක්රේන හමුදා එල්ල කළ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. ඊට අමතරව, තවත් උතුරු කොරියානු සෙබළුන් පිරිසක්, යුක්රේන හමුදා අත්අඩංගුවට පත් වී ඇතැයි ද වාර්තා වේ.

(එන්.ඩී.ටීවී.)



අදහස් (0)

උතුරු කොරියාන් සෙබළු රුසියන් යුක්රේන යුද පිටියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 686 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site