ඊශ්‍රායල හමුදාව, පැයක් ඇතුළත මධ්‍යම ගාසා තීරයේ නූස්රියාත් පළාතේ ස්ථාන තුනකට ගුවන් ප්‍රහාර එල්ල කළේය. 

එම ප්‍රහාරවලින් ගාසා සිවිල් වැසියෝ 48 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණු බවත්, ඔවුන්ගෙන් වැඩිදෙනා කුඩා දරුවන් සහ කාන්තාවන් බවත් පැවැසෙයි.

ඊශ්‍රායල ගුවන් හමුදාව එක් ප්‍රහාරයක් එල්ල කර ඇත්තේ නූස්රියාත් පළාතේ පිහිටි පාසලකටය. මෙම පාසල එක්සත් ජාතීන්ගේ ආධාර යටතේ පිහිටුවන ලද්දකි. පාසලට එල්ල කළ ප්‍රහාරයෙන් මියගිය ගණන 25 ක් බව පැවැසෙයි.

 (ඒ.එෆ්.පී.)