IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය ඇරැඹේ

දීර්ඝ සාකච්ඡාවලින් පසු, ඊශ්‍රායල රජයේ නියෝජිතයන් සහ ගාසා තීරයේ හමාස් සංවිධානයේ නියෝජිතයන් අතරේ ඇතිකරගත් දින 15 ක සටන් විරාමය ඊයේ (19) උදෑසන 8.30 සිට ආරම්භ විය.

සටන් විරාමයේ මැදහත්කරු ලෙස කටයුතු කරන්නේ කටාර් රාජ්‍යයයි. කටාර් රාජ්‍යයට ඇමෙරිකාවේ සහාය ද හිමිවෙයි. ‘දෙපාර්ශ්වය අතරේ ඇති කරගත් එකඟතාවට අනුව, සටන් විරාමය ආරම්භ වුණා. දෙපාර්ශවයම එකිනෙකට ගරු කරමින් සටන් විරාමය ඉදිරියට ගෙන යාවි යැයි විශ්වාස කරනවා’ යනුවෙන් කටාර් විදේශ කටයුතු අමත්‍යාංශය එක්ස් ගිණුම ඔස්සේ නිවේදනයක් නිකුත් කර ඇත.

සටන් විරාමයට, ඊශ්‍රායල යුද කැබිනට්ටුවේ අනුමැතිය හිමිවූයේ පසුගිය සිකුරාදා (17) දිනයේය. එම අවස්ථාවේදී ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු, හමාස් සංවිධානයට අනතුරු ඇඟවීමක් ද කළේය. ඒ, සටන් විරාමය කඩ කරන්නේ නම්, යළි ගාසා තීරයට දිගට හරහට පහර දෙන බවටය. එසේ කිරීමට ඊශ්‍රායලයට අයිතිය ඇතැයි ද අග්‍රාමාත්‍ය නෙදන්යාහු පැහැදිලි කළේය.

ඇති කරගත් කොන්දේසිවලට අනුව, සටන් විරාමය අදියර කිපයකින් ක්‍රියාත්මක වෙයි. හමාස් සටන්කාමින්ගේ ග්‍රහණයේ සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ගෙන් 33 දෙනකු, සටන් විරාමයේ පළමු අදියරේදී නිදහස ලැබීමට නියමිතය. ඊට සමගාමීව ඊශ්‍රායල රජය එරට අත්අඩංගුවේ පසුවන පලස්තීන සිරකරුවන් නිදහස් 737 දෙනකු කිරීමට ද නියමිතය‍.

ඊශ්‍රායල හමුදා, ගාසා තීරයේ හමාස් සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් පහර දීම ආරම්භ කළේ 2023 ඔක්තෝබර් 7 වැනිදාය. ඒ, හමාස් සටන්කාමීන්, ලෙබනනයේ ඉරාන හිතවාදී හිස්බුල්ලා සටන්කාමීන් ද සමඟ හවුල් වී, ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමිනි. ඊශ්‍රායල හමුදා ගාසා තීරයේ හමාස් ඉලක්කවලට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවෝ 46,707 ක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 110,265 කි.

සටන් විරාමය ආරම්භ වීමත් සමඟ, ඇතිකරගත් එකඟතාවට අනුව, ගාාස තීරයට මානුෂීය ආධාර ලබා දීම ද ඊයේ (19) සිට සිදුවිය. ගාසා තීරය ඊශ්‍රායලයට පමණක් නොව, ඊජිප්තුවට ද මායිම් වෙයි. මානුෂීය ආධාර රැගත් ට්‍රක් රථ ඊජිප්තුව දෙසින් ගාසා තීරයට ඇතුළු වුණු බව පැවැසෙයි.‍ 

විදෙස් මාධ්‍ය ඊයේ (19) උදෑසන වාර්තා කළේ ආහාර රැගත් ට්‍රක් රථ 4000 ක් ගාසා තීරයට යෑමට සූදානමින් සිටි බවය. මෙම ආහාර ඉදිරි මාස 3 ක කාලයේ ගාසා වැසියන් මිලියනයක් පෝෂණය කිරීමට ප්‍රමාණවත් වනු ඇතැයි ද පැවැසෙයි.

ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ට ඊශ්‍රායල හමුදා පහර දෙද්දී, ගාසා තීරයේ පලස්තීන මුස්ලිම් වැසියන්ටත්, හමාස් සටන්කාමින්ටත් සහාය දෙමින් යේමනයේ සිටින ෂියා මුස්ලිම් හවුති සටන්කාමීන් ද ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් සහ රතු මුහුදේ ඊශ්‍රායල සහ බටහිර නැව් ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ඒල්ල කරමින් තිබුණි. සටන් විරාමයත් සමඟ හවුති සටන්කාමීන් නිවේදනය කර ඇත්තේ තමන් ද ඊශ්‍රායට පහර දීම් සිදු නොකරන බවය.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

ඊශ්‍රායල පලස්තීන සටන් විරාමය ඇරැඹේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site