IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඊශ්‍රායල අගමැතිට ට්‍රම්ප්ගෙන් ඇරැයුමක්

තමන් හමුවීමට ධවල මන්දිරයට පැමිණෙන්නැයි, ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුට ඇරැයුම් කර ඇත. ඒ අනුව, නෙදන්යාහු ලබන 4 වැනිදා ධවල මන්දිරයට පැමිණීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ට්‍රම්ප් සිය දෙවැනි ධුරය ආරම්භ කළේ පසුගිය 22 වැනිදා දිවුරුම් දෙමිනි. ඒ අනුව, ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, නිල වශයෙන් ඔහු හමුවීමට ධවල මන්දිරයට පැමිණෙන පළමු රාජ්‍ය නායකයා වනු ඇත්තේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහුය.

ට්‍රම්ප් ඇමෙරිකාවේ ජනාධිපති ධුරයට යළි තේරී පත් වුණු අවස්ථාවේදී පවා වඩාත් සතුටට පත් වුණු ලෝක නායකයකු වන්නේ නෙදන්යාහුය. ඊට හේතුව, ට්‍රම්ප් කොන්දේසි විරහිතව ඊශ්‍රායලය වෙනුවෙන් පෙනී සිටීමයි.

ඊශ්‍රායලය මෙන්ම පලස්තීනය ද අයිතිය ඉල්ලන ජෙරුසලම, ඊශ්‍රායලයේ අගනුවර ලෙස පළමුවෙන් නිල වශයෙන් පිළිගත්තේ ද ට්‍රම්ප්ය. ඒ, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය අතරතුරේ, ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර පිහිටි ඇමෙරිකන් තානාපති කාර්යාලය, ජෙරුසලමට මාරු කරමිනි.

(එන්.ඩී.ටීවී.)

 



අදහස් (0)

ඊශ්‍රායල අගමැතිට ට්‍රම්ප්ගෙන් ඇරැයුමක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 10 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 809 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site