IMG-LOGO

2025 ඔක්තෝබර් මස 25 වන සෙනසුරාදා


ඊශ්‍රායලයේ ළැව් ගිනි අවසන්

මධ්‍යම ඊශ්‍රායලයේ පළාත් කීපයක හටගත් ළැව් ගිනි මේ වනවිට නිවා දැමීමට තමන්ට හැකිවුණු බව ඊශ්‍රායල ගිනි නිවන භටයෝ පවසති. 

ගිනි නිවන භට කණ්ඩායම් 150 කට වැඩි පිරිසක් ළැව් ගිනි නිවා දැමීමට යෙදවිණි. ළැව් ගිනි පැතිර ගියේ ජෙරුසලම් සිට ටෙල් අවීව් අතරේ පැවැති ලට්රුන් නමැති පළාතේය.

ළැව් ගිනි දුම් අඝ්‍රාණය වී, ස්වසන අපහසුතා හේතුවෙන්, පුද්ගලයන් 12 දෙනකු රෝහල්ගත කළ බව පැවැසෙයි. එක් ගිනි නිවන භටයන් 17 දෙනකු පිළිස්සුම් තුවාල ලැබූ බව ද වාර්තා වේ. ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබා දුන් බවත් ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බවත් වාර්තා වේ. ළැව් ගිනිවලින් ජීවිත හානි කිසිවක් සිදු වූයේ නැත.
ළැව් ගිනි හටගත්තේ පවතින වියළි කාලගුණය සහ වියළි සුළං හේතුවෙනි. 

ළැව් ගිනි හේතුවෙන් හදිසි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අග්‍රාමාත්‍ය බෙන්ඩමින් නෙදන්යාහු පියවර ගත් අතර, ළැව් ගිනි පැතිර යද්දී, හමුදාව සහ පොලිසිය යොදවා, අනාරක්ෂිත ප්‍රදේශවල පදිංචිකරුවන් කඩිනමින් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට ද උපදෙස් ලබා දුන්නේය.

ඊශ්‍රායලයේ ළැව් ගිනි නිවා දැමීමට ප්‍රංශය, ඉතාලිය සහ ස්පාඤ්ඤය ගිනි නිවන ගුවන් යානා ඊශ්‍රායලයට යැවීමට ද කටයුතු කර තිබුණි.



අදහස් (0)

ඊශ්‍රායලයේ ළැව් ගිනි අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1368 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1268 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 463 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site