
ඉරානය දැඩි වියළි කාලගුණයකින් බැටකයි. ඉරාන මාධ්‍ය වාර්තා කළේ එරට තෙහෙරාන් අගනුවර පමණක් නොව, සෙසු ප්‍රධාන නගරවලත්, සෙසු ප්‍රාන්තවලත් වැසියන් දැඩි පානීය ජල අර්බුදයකට මුහුණ පා සිටින බවය.
තෙහෙරාන් නගර බලධාරීන්, තෙහෙරාන් අගනුවර වැසියන්ට දන්වා ඇත්තේ ජලය අරපිරිමැස්සෙන් භාවිතයට ගන්නා ලෙසය. රට මුහුණ දී ඇති ජල අර්බුදය සම්බන්ධයෙන්, ඉරාන ජනාධිපති මෙසූඩ් පෙසෙෂ්කියන් ජනතාව ඇමතුවේය.
ඒ, එලැඹෙන දෙසැම්බර් මාසය වනවිට වර්ෂාව නොලැබුණහොත්, ජලය සලාක ක්‍රමයට ලබා දීමට සිදුවනු ඇති බවය.
දරුණු නියං කාලයකට මුහුණ දෙන ඉරානයේ උෂ්ණත්වය මේ වනවිට සෙල්සියස් අංශක 50 පසු කර ඇත.
මෙම නොවැම්බර් මාසයේ මුල් සතිය වෙද්දී, ඉරානයට ලැබී ඇත්තේ මිලිමීටර 2.3 කට වඩා අඩු ඉතා සුළු වර්ෂාපතනයක් පමණක් යැයි කාලගුණ විද්‍යාඥයෝ පවසති.
2025 නොවැම්බර් මස 04
687
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2357
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1732
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඉරාන වැසියන්ට බොන්න වතුර නෑ