IMG-LOGO

2025 ඔක්තෝබර් මස 20 වන සඳුදා


ඉරාන ජනාධිපති පාකිස්තාන සංචාරයක

දින 12 ක් පැවැති ඊශ්‍රායල-ඇමරිකානු යුද්ධයේදී පාකිස්තානය දැක්වූ ස්ථීරසාර සහයෝගය අගය කිරීමට ඉරාන ජනාධිපති මසූද් පෙසෙෂ්කියාන් පියවර ගෙන ඇත. ඒ, පාකිස්තාන සංචාරයේ දී පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ්ට ඒ බව පවසමිනි.

පාකිස්තානය ඉරානයට ලබා දුන් සහයෝගය, දෙරට අතර ඇති ගැඹුරු බැඳීම පෙන්නුම් කරන බව ද ඉරාන ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඉස්ලාමාබාද් අගනුවරදී පාකිස්තාන අගමැති ෂෙහ්බාස් ෂරීෆ් සමඟ පැවති ඒකාබද්ධ මාධ්‍ය හමුවකදී පෙසෙෂ්කියාන් සඳහන් කර ඇත්තේ පාකිස්තාන රජය, පාර්ලිමේන්තුව, දේශපාලන කණ්ඩායම්, විද්වතුන් සහ ජනතාව දැරූ ස්ථාවරය ඉතාමත් සතුටුදායක බවය.

පසුගිය ජූනි 13 වනදා ඊශ්‍රායලය ඉරානයට එරෙහිව ගුවන් ප්‍රහාර එල්ල කළ අවස්ථාවේදී, ඉරාන හමුදා නිලධාරීන්, න්‍යෂ්ටික විද්‍යාඥයින් සහ සාමාන්‍ය වැසියන් ඇතුළුව අවම වශයෙන් 1,064 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.

මේ අතර, ඊශ්‍රායලය සමඟ පැවති දින 12ක ගැටුම හේතුවෙන් පනවා තිබූ සියලුම ගුවන් සීමා සම්පූර්ණයෙන්ම ඉවත් කළ බව ඉරාන සිවිල් ගුවන් සේවා සංවිධානය නිවේදනය කර ඇත.

එම සංවිධානය තම වෙබ් අඩවියේ පළ කළ ප්‍රකාශයකට අනුව, දේශීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් මෙහෙයුම් යුද්ධයට පෙර පැවති තත්ත්වයට පත් කර ඇති බව පැවැසෙයි. ඉරානයේ තෙහෙරාන් අගනුවර පිහිටි මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන් තොටුපළ ද පැය 24 පුරාම සිය මෙහෙයුම් ආරම්භ කර ඇතැයි ද පැවැසෙයි.



අදහස් (0)

ඉරාන ජනාධිපති පාකිස්තාන සංචාරයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1048 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1082 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 419 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site