ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉන්දියාව මත පනවා ඇති තීරුබදු සැලකිය යුතු ලෙස ඉහළ නැංවීමට තීරණය කර ඇත. ඒ, රුසියන් යුක්රේන යුද්ධය දිනෙන් දින ඔඩුදුවද්දී, රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාව සමඟ ගනුදෙනු කරමින්, රුසියාවෙන් විශාල වශයෙන් බොරතෙල් මිලදී ගෙන, නැවත විශාල ලාභයකට අලෙවි කිරීම හේතුවෙනි.
“රුසියාව යුක්රේන වැසියන් මරා දමනවා. ඉන්දියාව ඒ ගැන තැකීමක් කරන්නේ නැහැ. ඉන්දියාවට පනවා ඇති තීරු බදු සැලකිය යුතු මට්ටමකින් තවත් ඉහළ දැමීමට අපට ඒ නිසා සිද්ධ වෙනවා” යැයි ජනාධිපති ට්‍රම්ප්, සිය සමාජ මාධ්‍ය ඔස්සේ පවසා තිබේ.
ඇමෙරිකාව, ඉන්දියාව ඇමරිකානු නිෂ්පාදන සඳහා අය කරන බදු අය කිරීමත්, රුසියාව සමඟ ගනුදෙනු කරමින්, රුසියානු තෙල් සහ යුද උපකරණ මිලදී ගැනීමත් සැලකිල්ලට ගනිමින් මේ වනවිටත් ට්‍රම්ප් පරිපාලනය ඉන්දියානු භාණ්ඩ සඳහා සියයට 25ක තීරුබදු පැනවීමක් කර තිබේ. ට්‍රම්ප් අනතුරු අඟවා ඇත්තේ එම තීරු බදු තවත් ඉහළ දමන බවටය.
මේ සම්බන්ධයෙන්, ට්‍රම්ප් ප්‍රතිචාර දක්වමින් ඉන්දියාව පවසා ඇත්තේ, බටහිර රටවල් ද රුසියානු භාණ්ඩ සහ බලශක්ති නිෂ්පාදන ආනයනය කරන බැවින් ඉන්දියාවට පමණක් මෙලෙස චෝදනා කිරීම අසාධාරණ බවය.
ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල් මාධ්‍ය හමුවේපැහැදිලි කර ඇත්තේ, ඉන්දියාව රුසියාවෙන් බොර තෙල් ආනයනය කරන්නේ තම රටේ පාරිභෝගිකයන්ට සාධාරණ මිලකට බලශක්තිය ලබා දීම සඳහා බවය.
ඇමෙරිකාවේ තීරු බදු හමුවේ, ඉන්දියාව තම ජාතික අවශ්‍යතා සහ ආර්ථික ආරක්ෂාව රැකගැනීමට අවශ්‍ය ගතහැකි සියලු පියවර ගන්නා බවත් ඉන්දීය රජය වෙනුවෙන්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්දීර් ජයිස්වාල්අවධාරණය කර ඇත.
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දු ඇමෙරිකා අර්බුදය ඔඩුදුවයි