
දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහරෙයෙන් පසු, ඉන්දු පාකිස්තාන අර්බුදය දිනෙන් දින උත්සන්න වෙමින් පවතින අතර, පාකිස්තාන ගුවන් යානා සඳහා තම ගුවන් කලාපය වසා දැමීමට ඉන්දියාව ඊයේ (1) තීරණය කළේය.
ඉන්දු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ, පසුගිය 22 වැනිදා සිදුවුණු එම ත්‍රස්ත ප්‍රහාරයෙන්, එම පළාතේ සංචාරය කරමින් සිටි සංචාරකයන් 26 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
ප්‍රහාරයෙන් පසු පසුගිය 24 වැනිදා පාකිස්තානය, ඔවුන්ගේ ගුවන් කලාපය ඉන්දීය ගුවන් යානා සඳහා වසා දැමීය.
එම ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ යුද උණුසුමක් වර්ධනය වූ අතර, ඊයේ (1) ද ඉන්දු කාශ්මීර දේශසීමාවේ ඉන්දු පාකිස්තාන සෙබළුන් අතරේ වෙඩි හුවමාරු සිදුවිය. කෙසේ නමුත් එයින් ද කිසිවකුටවත් තුවාල සිදු නොවිණි.
තමන්ට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරමින්, පාකිස්තාන රජය දිගින් දිගටම පවසා ඇත්තේ ප්‍රහාරය සම්බන්ධයෙන් ජාත්‍යන්තර විමර්ශණයක් පැවැත්විය යුතු බවය.
සුදුසු පරිදි, සුදුසු වේලාවක, පාකිස්තානයේ ත්‍රස්ත ප්‍රහාර ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන්නැයි ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි ඉන්දීය ආරක්ෂක කමිටුව රැස්කර, ආරක්ෂක අංශ ප්‍රධානීන්ට උපදෙස් දුන්නේය.
පාකිස්තාන රජය පවසා ඇත්තේ, ඉදිරි පැය කීපය ඇතුළත ඉන්දීය ගුවන් හමුදාවෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි තමන් අපේක්ෂා කරන බවය. මේ වනවිටත් ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානා ඉන්දු කාශ්මී දේශසීමා කලාපයේ ගුවනේ සැරිසරන බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, සිය ආරක්ෂක ප්‍රධානීන් හමුවී සාකච්ඡා පැවැත් දෙවැනි අවස්ථාව මෙය යැයි ද පැවැසෙයි.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ලබන 9 වැනිදා රුසියාවේ සංචාරයකට යෑමට නියමිත නමුත් ඉන්දු පාකිස්තාන අර්බුදය හේතුවෙන් අග්‍රාමාත්‍ය මෝදි එම සංචාරය ද අවලංගු කර ඇත.
ඉන්දියාවත් පාකිස්තානයත් න්‍යෂ්ටික අවිවලින් සමන්විත රාජ්‍යයන්ය. යුද ගැටුම් උත්සන්න වී න්‍යෂ්ටික ගැටුමක් තෙක් දුරදිග ගියහොත් එය කලාපීය වශයෙන් පමණක් නොව, ගෝලීය වශයෙන් ද ගැටලු රැසක් නිර්මාණය කරනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.
මේ අතර, දකුණු කාශ්මීරයේ පහල්ගාම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන්, ඉදිරිපත් වූ පෙත්සමක් භාර ගැනීමට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර ඇත.
ජම්මු කාශ්මීර පදිංචිකරුවන් පිරිසක් අදාළ පෙත්සම ඉදිරිපත් කරමින් ඉල්ලා ඇත්තේ, පහල්ගාම් ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීමට අධිකරණ විනිසුරුවරයෙකු පත් කරන ලෙසය.
පෙත්සම බාර ගැනීම ප්‍රතික්ෂේප කළ ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පෙන්වා දී ඇත්තේ, පෙත්සම ඉදිරිපත් කිරීම හරහා ඉන්දීය හමුදා අධෛර්යමත් වන බවත්, මෙම අවස්ථාවේ ඉන්දියානුවන් එක්ව වැඩ කළ යුතු බවත්, පෙත්සම්කරුවන් එම වගකීම පැහැර හැර ඇති බවත්ය.
(එන්.ඩී.ටීවී)
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඉන්දීය ගුවන් කලාපය වසා දැමේ