ඉන්දියාවත් රුසියාවත් අතරේ පවතින හිතවත්කම් මුල්කොට ගනිමින්, ඉන්දියාවට වැඩි වැඩියෙන් තීරුබදු පනවා, ඉන්දියාව අමනාප කර ගැනීම නුවණට හුරු නැතැයි ඇමෙරිකන් රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රබල චරිතයක් වන නිකී හේලි පවසයි.
ඉන්දීය සම්භවයක් සහිත ඇමෙරිකානුවෙකු වන හේලි, මේ බව පැවැසුවේ, සිය එක්න් ගිණුමේ සටහනක් තබමිනි. ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඉන්දියාවට තව තවත් තීරු බදු පනවන බවට තර්ජනය කර ඇත්තේ, යුක්රේන රුසියන් යුද්ධය හේතුවෙන් රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීම සැලකිල්ලට ගනිමිනි.
“ඉන්දියාව ඇමෙරිකාවේ සමීපතම මිතුරෙක්. ඒ මිත්‍රත්වය පළුඳු විය යුතු නැහැ. ඉන්දියාව පමණක් නොවෙයි, චීනයත් රුසියාව සමඟ තෙල් ගනුදෙනු කරනවා. ඒත් ට්‍රම්ප් ජනාධිපතිවරයා චීනයට නිදහසක් දී තිබෙනවා” යැයි නිකී හේලි පෙන්වා දි ඇත.
චීනය රුසියාවෙන් පමණක් නොව, ඇමෙරිකන් සම්බාධකවලට යටත්ව සිටින ඉරානයෙන් ද තෙල් මිලදී ගැනීම කරයි. ඇමෙරිකාවේ ප්‍රධාන ප්‍රතිවාදියා වන්නේ ද චීනයයි. එසේ වුවත්, නිකී හේලි පෙන්වා දෙන ආකාරයට, ට්‍රම්ප් පරිපාලනය චීනයට දින 90 ක තීරුබදු විරාමයක් ලබා දී ඇත.
දකුණු කැරොලිනා ප්‍රාන්තයේ හිටපු ආණ්ඩුකාරවරියක වන හේලී, ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකානු තානාපති ලෙස කටයුතු කළාය. ඇය 2024 වසරේ ඇමෙරිකා ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අතර, පසුව එයින් ඉවත් විය. ට්‍රම්ප් යළි බලයට පත් වූයේ එම ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් හිමි කර ගනිමිනි.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
ඉන්දියාව තරහ කරගැනීම නුවණට හුරු නැහැ