අහමදාබාද් නුවර සිදුවුණු ගුවන් යානා අනතුර ඉන්දියාව පමණක් නොව, මුළු ලෝකයම කැලැඹීමට සමත් වී ඇත. මෙය ඉන්දීය ගුවන් ගමන් ඉතිහාසයේ සිදුවුණු දරුණුතම ගුවන් අනතුරක් ලෙස සැලකෙයි.
මෙහි දැක්වෙන්නේ පසුගිය වසරවල ඉන්දියාවේ සිදුවුණු ගුවන් අනතුරු සම්බන්ධ කෙටි විස්තරයකි.
2020 අගෝස්තු 7, කැළිකට් (කෝෂිකෝඩ්) ගුවන් අනතුර: ඩුබායි සිට පැමිණි එයාර් ඉන්දියා එක්ස්ප්‍රස් 1344 දරණ ගුවන් යානය කැළිකට් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩබසින විට කඩා වැටී 21 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තෙත බරිත වූ ගුවන් පථයේ යානය ලිස්සා ගොස් දෙකට කැඩී ගියේය.
2000 ජූලි 17, පට්නා ගුවන් අනතුර: ඇලියන්ස් එයාර් ගුවන් සේවයේ අංක 7412 දරණ බෝයිං 737 ගුවන් යානය පට්නා නුවරට ගොඩබාන විට කඩා වැටී 60 කට වැඩි පිරිසක් මිය ගියහ. ගුවන් නියමුවාගේ දෝෂයක් නිසා යානය පාලනයෙන් ගිලිහී මෙම අනතුර සිදුවිය.
1996 නොවැම්බර් 12, චාර්කි දාද්‍රි ගුවනේදී සිදුවූ ගැටුම: සෞදි අරාබියන් ගුවන් සේවයේ බෝයිං 747 යානයක් සහ කසක්ස්තාන් ගුවන් සේවයේ ඉලියුෂින් Il-76 යානයක් දිල්ලි අසලදී එකිනෙක හැපීමෙන් යානා දෙකේ සිටි 349 දෙනාම මිය ගියහ. ගුවන් නියමුවන්ගේ දෝෂයක් සහ ගුවන් ගමන් පාලනය මධ්‍යස්ථානයේ සිදුවුණු සන්නිවේදන දෝෂයක් නිසා යානා දෙක එකිනෙක හැපීම සිදුවිය.
1993 අප්‍රේල් 26, ඖරන්ගාබාද් ගුවන් අනතුර: ඉන්දීය ගුවන් සේවයේ 491 දරණ බෝයිං 737 ගුවන් යානය ඖරන්ගාබාද් සිට ගුවන් ගත වූ පසු ට්‍රක් රථයක සහ විදුලි රැහැන් වල වැදී කඩා වැටීමෙන් 55 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
1991 අගෝස්තු 16, ඉම්ෆාල් ගුවන් අනතුර: ඉන්දීය ගුවන් සේවයේ 257 දරණ ගුවන් යානය ඉම්ෆාල් අසලදී කඩා වැටී එහි සිටි 69 දෙනාම මිය ගියහ.
1990 පෙබරවාරි 14, බැංගලෝර් ගුවන් අනතුර: ඉන්දියානු ගුවන් සේවයේ 605 දරණ එයාර්බස් 'ඒ320' ගුවන් යානය බැංගලෝර් වෙත ළඟා වෙද්දී, කඩා වැටී අනූ දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
1988 ඔක්තෝබර් 19, අහමදාබාද් ගුවන් අනතුර: ඉන්දීය එයාර්ලයින්ස් ගුවන් සේවයේ අංක 113 දරණ ගුවන් යානය අහමදාබාද් හිදී කඩා වැටී 133 දෙනෙක් මියගියහ.
1982 ජූනි 21, බොම්බේ ගුවන් අනතුර: එයාර් ඉන්දියා ගුවන් සේවයේ අංක 403 ගුවන් යානය මුම්බායි ගුවන් තොටුපළේදී කඩා වැටී 17 දෙනෙක් ජීවිතක්ෂයයට පත්වූහ.
(ඉන්දීය මාධ්‍ය ඇසුරිනි)
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඉන්දියාව කැලඹූ ගුවන් අනතුරු
Bunny Preena Saturday, 14 June 2025 11:59 AM
මෙම ශෝචනීය අනතුර සම්බන්ධව ඉන්දියාව විතරක් නොවේ., මුළු ලෝකයම ශෝකයෙන් කැළඹිලා තියෙන්නේ...!
Kumar Sunday, 15 June 2025 09:11 AM
ගුවන්යානයේ පමණක් නොවේ ධාවනපටය කෙළවරට නුදුරින් පිහිටි වෙෙද්‍ය විදුහලේ සිසුන්ට සිදුවන දෙය සෝචනීයයි. එම වෙෙද්‍ය විදුහල එතැන නොතිබුණා... බොහෝ දෙනෙකුගේ ජීවිත රැකගන්න ඉඩ තිබුණා. එම වෙෙද්‍ය විදුහල සැලසුම් කල මැටි මෝලට දඬුවම් කරන්න ඕනෑ.