
ඉන්දීය රජය සමඟ සාකච්ඡා කර, පවතින අර්බුදයට විසඳුම් සෙවීමට තමන් සූදානම් බව, පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අවධාරණය කරයි.
පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ,මේ බව අවධාරණය කළේ ඉස්ලාමාබාද් අගනුවර, බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේන් මැරියොට් හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුවය.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ ගැටුම්කාරී තත්ත්වය සමතයකට පත් කිරීමට, අවශ්‍ය ඕනෑම ආකාරයක සහායක් ලබා දීමට පියවර ගන්නා බව ද බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ජේන් මැරියොට්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා හමුවේ පැහැදිලි කළ බව වාර්තා වේ.
ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ ඇයිහොඳයිකම් පළුදු වූයේ පසුගිය අප්‍රේල් මාසයේ, ඉන්දීය සංචාරකයන් පිරිසකට පාකිස්තාන ත්‍රස්තවාදීන් කළ ප්‍රහාරයෙන් පසුවය. ඉන්දීය සංචාරකයන්, 26 දෙනකුට මරු කැඳවූ එම ප්‍රහාරය මුල්කොට ගනිමින් ඉන්දියාවත් පාකිස්තානයත් අතරේ අවි ගැටුම් පැවැති නමුත් එය සමථයකට පත් විය.
ඉන්දියාව කන් දීමට සූදානම් නම්, ඵලදායී සාකච්ඡා සඳහා යොමු වීමට තමන් සූදානම් බවත්, සාකච්ඡා මාර්ගයෙන් රාජ්‍ය තාන්ත්‍රික විසඳුම් කරා යෑමට තමන් කැමැති බවත් පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් පෙන්වා දී ඇත.
2025 ඔක්තෝබර් මස 08
1423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඉන්දියාව එක්ක කතා කරන්න සූදානම්