IMG-LOGO

2025 නොවැම්බර් මස 03 වන සඳුදා


ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ගැටුම් දරුණුයි

ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ දරුණු අවි ගැටුම් ඇවිළෙයි. ඇෆ්ගන් තලේබාන් රජය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, ඔවුන් එල්ල කළ ප්‍රහාරයකින්, පාකිස්තාන හමුදා සෙබළුන් 58 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය.

ඇෆ්ගන් තලේබාන් රජය සහ පාකිස්තාන රජය අතර අර්බුදයක් නිර්මාණය වී ඇත්තේ පාකිස්තාන රජයට එරෙහිව අවි දරා සිටින පාකිස්තාන තලේබාන් සටන්කාමීන්ට ඇෆ්ගන් රජයේ සහාය සහ රැකවරණය හිමිවන බැවිනි.

පසුගිය දා ඇෆ්ගන් තලේබාන් රජයේ විදේශ කටයුතු අමාත්‍ය අමීර් ඛාන්, ඉන්දියාවේ නවදිල්ලි අගනුවර නිල සංචාරයකට ගියේය. ඉන්දීය රජය සමග යහපත් සබ‍ඳතා ශක්තිමත් කර ගැනීමට තලේබාන් රජයේ විදේශ අමාත්‍යවරයා සමත් වූ අතර, සිවු වසරකට පසු කාබුල් අගනුවර ඉන්දීය තානාපති කාර්යාලය යළි විවෘත කිරීමට ද තීරණය කෙරුණි.

ඇෆ්ගනිස්තානය මෙසේ ඉන්දීය රජය සමග යහපත් සබදතා වර්ධනය කර ගැනීම පාකිස්තානයේ දැඩි විරෝධයට හේතුවක් වුණු බවත්, පාකිස්තාන ගුවන් හමුදාව කාබුල් අගනුවර පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදීන් ඉලක්ක කර ගනිමින් ප්‍රහාරයක් එල්ල කළ බවත් පැවැසිණි.

එම ප්‍රහාරයෙන් පසු ඇෆ්ගන් පාකිස්තාන දේශසීමාවේ ගැටුම් ඇවිළී ගිය අතර ඇෆ්ගන් තලේබාන්වරුන් එල්ල කළරයෙන් පාකිස්තාන හමුදා සෙබළුන්ට දැඩි හානි සිදුවුණු බව ද වාර්තා වේ. ඇෆ්ගන් තලේබපාන් ප්‍රහාරයෙන් පාකිස්තාන සෙබළුන් මියයෑම සම්බන්ධයෙන් පාකිස්තාන රජය මෙතෙක් කිසිවක් පවසා නැත.



අදහස් (0)

ඇෆ්ගන් පාකිස්තාන දේශසීමා ගැටුම් දරුණුයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1902 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1521 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 532 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site