
ඇෆ්ගනිස්තානයත් පාකිස්තානයක් අතරේ දේශසීමා ගැටුම් ඇවිළෙමින් පවතින බව තමන්ට වාර්තා වී ඇති බවත්, එම ගැටුම ද අවසන් කිරීමට තමන් වහා මැදිහත් වන බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇත.
ට්‍රම්ප් මේ බව කියා සිටියේ, ඊශ්‍රායල හමාස් ගැටුම සමථයකට පත් කර ආපසු ඇමෙරිකාව බලා සිට නිල ගුවන් යානයෙන් පියාවර කරමින් සිටියදීය. ට්‍රම්ප් සමඟ විශේෂ අවසරයක් ලැබූ මාධ්‍යවේදීන් කණ්ඩායමක් ද ගුවන් යානවයේ සිටි බව පැවැසෙයි.
“ඇෆ්ගනිස්තානයත් පාකිස්තානයත් අතරේ අවි ගැටුමක් ගැන මට අසන්න ලැබුණා. ඒ ගැටුම ඔඩුදුවන්න මා ඉඩ දෙන්නේ නැහැ. ලෝකයේ යුද ගැටුම් නැවැත්වීමට මා හපනෙක්. ඒ නිසා මේ ගැටුමත් මා අවසන් කරනවා” යැයි ට්‍රම්ප් පැහැදිලි කළේය.
ට්‍රම්ප් සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් සමඟත්, පාකිස්තාන හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් අසීම් මුනීර් අතරේත් සමීප මෙන්ම ශක්තිමත් මිත්‍රත්වයක් වර්ධනය වී ඇත. ඊජිප්තුවේ පැවැත්වුණු සාම සමුළුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ට්‍රම්ප් වර්ණනා කිරිම පවා මේ වනවිට ලෝකයේ අවධානයට ලක් වී ඇත.
ඊජිප්තුවේ ඊජිප්තුවේ රතු මුහුද ආශ්‍රිත ෂාර්ම් එල් ෂෙයින් නගරයේ පැවැති එම සාම සමුළුව අවසන් වී පැවැති මාධ්‍ය හමුවේ දී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ටුම්ප් වර්ණනා කළේ ට්‍රම්ප් ලෝකයට අත්‍යාවශ්‍ය සාමයට කැපවුණු නායකයකු බව පෙන්වා දෙමිනි.
ඊශ්‍රායල හමාස් යුද්ධය පමණක් නොව, ඉන්දු පාකිස්තාන යුද්ධය ද ඇතුළු යුද ගැටුම් අටක් අවසන් කිරීමට ට්‍රම්ප් මැදිහත් වීම ප්‍රසංශනීය යැයි ද පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
දශක ගණනාවක් හොඳ මිතුරන් වූ ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය අතරේ ගැටුම් හටගෙන ඇත්තේ ඇෆ්ගන් තලේබාන් රජය, පාකිස්තානය රජයට එරෙහිව සටන් වදින පාකිස්තාන තලේබාන් ත්‍රස්තවාදීන්ය රැකවරණය දීමය. ඇෆ්ගකිස්තානය පාලනය කරන ඇෆ්ගන් තලේබාන්වරුන් සහ පාකිස්තාන තලේබාන්වරුන් අදහස්වලින් පමණක් එකිනෙකාගෙන් වෙනස් වෙයි.
2025 දෙසැම්බර් මස 18
33
0
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
123
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇෆ්ගන් පාකිස්තාන ගැටුම ඔඩුදුවන්න දෙන්නේ නෑ