
ඇමෙරිකාවේ උතුරු කැලිෆෝනියා පළාතේ සහ අයෝවා ප්‍රාන්තයේ වෙඩි තැබම් තුවක් සිදුවිය. එම වෙඩි තැබීම්වලින් සිසුන් දෙදෙනකු ඇතුළු නව දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 6 කි. මියගොස් තවත් පුද්ගලයන් සය දෙනකු තුවාල ලබා ඇතැයි ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මොන්ටෙරි පාර්ක් නගරයේ චීන අලුත් අවුරුදු සැමරුම් උත්සවයකදී සිදුකළ වෙඩි තැබීමකින් 11 දෙනකු මියගොස් පැය 48 යන්නට මත්තෙන් මෙම වෙඩි තැබීම් සිදුව තිබේ.
වෙඩි තැබීමේ සිදුවීම් දෙකක් වාර්තා වී ඇත්තේ උතුරු කැලිෆෝනියා පළාතේ හාෆ් මූන් බේ නගරයේ ගොවිපළවල් දෙකක වන අතර ඉන් හත් දෙනකු මියගොස් තුන් දෙනකු බරපතල තුවාල ලබා ඇත.වෙඩි තැබීම් සිදුකළ සැකකරු අත් අඩංගුවට ගැනීමට ශාන්ත මතෙයෝ ෂෙරිෆ් කාර්යාලය සමත්විය.
තුන්වෙනි වෙඩි තැබීම අයෝවා ප්‍රාන්තයේ ඩෙස් මොයින්ස් ප්‍රාන්තයේ සිදුව ඇති අතර ඉන් සිසුන් දෙදෙනකු මියගොස් තවත් පුද්ගලයන් තුන්දෙනකු තුවාල ලබා ඇත.මියගිය සිසුන් දෙදෙනා 16 ත් 18 ත් වයස්වල පසුවන්නන් බව පොලිසිය ප්‍රකාශ කර තිබේ. තුවාල ලැබූ තුන්දෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල බව ද පොලිසිය පවසා ඇත.
(රොයිටර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාවේ ජීවත්වීමම ත්‍රසජනක දෙයකි. පාසැල් ළමුන්ව සමූල ඝාතනයට ලක්වන ලොව එකම රට ඇමරිකාවයි. ඇෆ්ගනිස්ථානයේ වත් ළමයි සමූලඝාතනය කරන්නේ නැහැ. ඇමරිකාවේ දෙමාපියන් තම දරුවන් පාසලෙන් එන තෙක් මොන තරම් බයකින් ඉන්නවා ඇත්ද?
මිලානෝ වැස්සකට ඇමරිකාවට ගිහින් තියනවද? මේ රටේ ජනගහනයට සාපෙක්ෂව මිනීමැරුම් ප්‍රමානය ලංකාවට වඩා අඩුයි... මෝඩ කතා කියන්න කලින් හොයා බලන්න
නාමල්, ගෙදරටම මරුවා එන තෙක් කකුලුවා සේ දියකෙලින්න. ස්ටැටන් අයිලන්ඩ් වල ඉන්න කල්ඉකුත්වූ ලංකාවේ හිටපු නිළියකගේ පාදනමස්කාර කරගෙන ජීවත් වෙන එක නේද ඔබලා ස්ටැටන් අයිලන්ඩ් වල චාටර් වෙවී කරන්නේ. මිස් ශ්‍රීලංකා තරගෙදී ඔයත් අම්බානකට කන්න ඇති නේද…?
ඇමරිකාව සංචාරය ට සුදුසු රටක් නොවෙයි . ඒක මිනීමරුවන් ඉන්න දේශයක් .