
ඇමෙරිකාවේ වොෂින්ටන් ජනපදයේ, ඇඩම්ස් ගිනි කන්ද කෙමෙන් කෙමෙන් සක්‍රීය වෙමින් පවතින බව එරට භූ විද්‍යාඥයෝ අනතුරු අගවති.
මේ වනවිට ගිනි කන්ද ආශ්‍රිතව භූ කම්පන රැසක් හට ගනිමින් පවතින බවත්, ගිනි කන්ද ඕනෑම මොහොතක පුපුරා යෑමට හැකි බවත් විද්‍යාඥයන් වැඩි දුරටත් පැහැදිලි කර ඇත.
ඇඩම්ස් ගිනි කන්ද අඩි 12,000 ක් උසින් යුක්ත වන අතර, එය පිහිටා ඇත්තේ යකීමා නගරයේ සිට සැතපුම් 55 ක් දුරිනි.
නි කන්ද පුපුරා ගියොත්, ලාවා අළු සහ ගිනි කන්ද මුදුනේ ඇති අයිස් තට්ටු නාය යනු ඇති බවත්, ඒවා සැතපුම් 50 ක් පමණ දුරට විසිරී පැතිරී යනු ඇති බවත් පැවැසෙයි. මෙම ගිනි කන්ද මීට පෙර සක්‍රිය වී පුපුරා ගොස් ඇත්තේ වසර 1,000 කට පෙරය.
(ඩේලිමේල් ඇසුරිනි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd