
ඊශ්‍රායල හමාස් ගැටුම විසඳීමේ අරමුණින්, ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතිය හිමිවෙද්දී, ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊශ්‍රායලයට ගොස් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවිය.
ඇමෙරිකාව මැදිහත් වී සකස් කළ සටන් විරාම යෝජනාවට ඊශ්‍රායලයේ කැමැත්ත හිමිවී ඇති නමුත්, පලස්තීන හමාස් සංවිධානයේ කැමැත්ත හිමිවී නැත. සටන් විරාම යෝජනාව සම්බන්ධයෙන් ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් සහ අග්‍රාමාත්‍ය නෙදන්යාහු අතරේ දීගඝ වශයෙන් සාකච්ඡා පැවැත්විණි.
ඇමෙරිකාව එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයට අවධාරණය කර ඇත්තේ, සටන් විරාම යෝජනාව පිළිගන්නැයි හමාස් සංවිධානයට බල කළ යුතු බවය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
නව නීති ක්රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.