
යුනෙස්කෝ සංවිධානයේ සාමාජිකත්වයෙන් ඉවත්වෙන බව ඇමෙරිකා එකසත් ජනපදය නිවේදනය කර ඇත. යුනෙස්කෝ යනු එක්සත් ජාතීන්ගේ අධ්‍යාපනික, විද්‍යාත්මක සහ සංස්කෘතික සංවිධානයයි.
ඇමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් කර ගැනීම ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගත් තීරණයකි. යුනෙස්කෝ සංවිධානය ඊශ්‍රායලයට එරෙහිව තීන්දු තීරණ ගන්නවා යැයි ඊශ්‍රායලයට පමණක් නොව ඇමෙරිකාව ද දිගින් දිගටම චෝදනා නගා ඇති අතර, එම චෝදනා සැලකිල්ලට ගනිමින්, ඇමෙරිකාව යුනෙස්කෝ සංවිධානයෙන් ඉවත් කර ගැනීමට ට්‍රම්ප් තීරණය කළේය.
ඇමෙරිකාවේ රාජ්‍ය දෙපාර්තමේන්තු ප්‍රකාශිකා ටැමී බෲස් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ යුනෙස්කෝ සංවිධානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය කිසිසේත් සෑහීමකට පත් නොවන බවය.
ට්‍රම්ප් සිය පළමු ධුර කාලයේ දී ද යුනෙස්කෝ සංවිධානයෙන් ඇමෙරිකාව ඉවත් කර ගැනීමට කටයුතු කළේය. ඒ, 2017 දීය. කෙසේ නමුත්, ට්‍රම්ප්ට පසු බලයට ආ ජෝ බයිඩන්, එම තීන්දුව වහා වෙනස් කරමින් ඇමෙරිකාව යළි යුනෙස්කෝ සංවිධානය සමඟ එක් කර තිබුණි.
යුනෙස්කෝවේ මූලික අරමුණ වන්නේ අධ්‍යාපනය, විද්‍යාව, සංස්කෘතිය සහ සන්නිවේදනය තුළින් ජාතීන් අතර සහයෝගීතාවය ප්‍රවර්ධනය කිරීම මගින් ලෝකයේ සාමය සහ ආරක්ෂාව තහවුරු කිරීමට දායක වීමය.
2025 ඔක්තෝබර් මස 08
1423
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1297
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
468
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකාව යුනෙස්කෝවෙන් ඉවත් වෙයි