IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ඇමෙරිකාවෙන් පිටුවහල් කළ ඉන්දියානුවෝ ආපසු ඉන්දියාවට

නීතිවිරෝධී සංක්‍රමණිකයන් ලෙස ඇමෙරිකන් ආරක්ෂක අංශ භාරයේ සිටි ඉන්දීය ජාතිකයන් 104 දෙනකු හමුදා ගුවන් යානයකින් යළි ඉන්දියාවට එවීමට, ඇමෙරිකා රජය කටයුතු කළේය.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, නීතිවිරෝධී සංක්‍රමණිකයන් ඇමෙරිකාවෙන් පිටුවහල් කිරීමේ තීරණය යටතේ ඉන්දියාවට පැමිණි ඉන්දීය ජාතික නීතිනිරෝධී සංක්‍රමණිකයන්ගේ පළමු කණ්ඩායම මොවුන් බවය.

ඇමෙරිකන් ගුවන් හමුදාවට අයත් ‘සී 17’ හමුදා ගුවන් යානයකින් ඉන්දියාවේ ශ්‍රී ගුරු රාම් දාස්ජී ජාත්‍යන්තර ගුවන්තොටුපොළට රැගෙන ආ බව ඉන්දීය මාධ්‍ය ද සනාථ කර ඇත. 

එම 104 දෙනාගෙන් 25 දෙනකු කාන්තාවන් බවත්, 12 දෙනකු කුඩා දරුවන් බවත් පැවැසෙයි. දරුවන් 12 දෙනා අතරේ අවුරුදු 4 ක දරුවෙක් ද සිටී. මොවුන් පන්ජාබ්, හර්යානා, ගුජරාට්, උත්තර ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ චන්දිගාර් යන ප්‍රාන්තවල වැසියන්ය.

ගුවන් හමුදා කාර්ය මණ්ඩල සාමාජිකයන් 11 දෙනාට අමතරව, පිටුවහල් කිරීමේ ක්‍රියාවලිය අධීක්ෂණය කිරීමට ඇමෙරිකන් රජයේ නිලධාරීන් 45 දෙනකු ද ඉන්දියාව බලා පැමිණි බව ද මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

ඇමෙරිකාවෙන් පිටුවහල් කළ ඉන්දියානුවෝ ආපසු ඉන්දියාවට

MDO Sunday, 09 February 2025 04:15 PM

ඉන්දීය ජාතික අපේක්ෂිකාව ජයග්‍රහණය කරවන්න දමිළ ඩයස්පෝරාව දුන් සහයෝගය අතිවිශාලයි. මෙහේ සිවාජිලිංගමයා කෝවිල් ගානේ පූජාවන් තිබ්බ නේද? කොහොමද එයත් දිනලා මාලිමාවත් දිනලා තියෙනකොට. උතුර තියා නැගෙනහිරවත් අපට බේරාගන්න බැරිවෙනවා. අපේ වාසනාවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 6 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 807 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 592 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site