IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


ඇමෙරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් නෑ - රුසියාව

චීන හමුදා පෙළපාළියට සහභාගී වෙමින්, රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින්, උතුරු කොරියා නායක කිම් ජොන් උන් සහ චීන ජනාධිපති ෂී ජින්පින් එකිනෙකා හමුවුණේ ඇමෙරිකාවට එරෙහිව කුමන්ත්‍රණය කිරීමේ අරමුණින් නොවන බව රුසියාව ඇමෙරිකාවට දැනුම් දී ඇත.

රුසියාව මෙසේ ඇමෙරිකාවට දැනුම් දීමක් කළේ පුටින්, කිම් ජොන් උන් සහ ජින්පින් තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කරනවා යැයි ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමාජ මාධ්‍ය ඔස්සේ කළ චෝදනාවට පිළිතුරු දෙමිනි.

චීන සංචාරය අතරතුරේ රුසියන් ජනාධිපති පුටින් සහ උතුරු කොරියානු නායක කිම් ජොන් උන් අතරේ ද හමුවක් පැවැත්විණි. එහිදී දෙරට අතරේ මිතුදම් තවත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වුණු බව ද වාර්තා වේ.

රුසියන් ජනාධිපති පුටින් යුක්රේන යුද්ධය හේතුවෙන් ද, උතුරු කොරියානු නායක කිම් ජොන් උන් එරට න්‍යෂ්ටික වැඩසටහන හේතුවෙන් ද බටහිර රටවල උදහසට ලක්වී සිටිති.



අදහස් (0)

ඇමෙරිකාවට එරෙහි කුමන්ත්‍රණයක් නෑ - රුසියාව

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 306 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2128 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1616 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site