IMG-LOGO

ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමේ අරමුණින්, ඇමෙරිකාව සකස් කළ දින 30 ක සටන් විරාමයට තමන්ගේ විරෝධයක් නැතැයි රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් පවසයි. එසේ වුවත්, ඇමෙරිකාවේ සාම සැලැස්මේ සියලු විස්තර සලකා බලා සාකච්ඡා කර ස්ථිරසාර සාම සැලැස්මකට යා යුතු බව ද රුසියන් ජනාධිපති පුටින් වැඩි දුරටත් පැහැදිලි කරයි.

‘ගැටුම් නැවැත්වීමට ඇමෙරිකාව මැදිහත් වීම සතුටක්. ඒ වගේමයි ඔවුන් දින 30 ක සටන් විරාමයක් යෝජනා කර තිබෙනවා. ඊටත් කැමැත්ත පළ කරනවා.’ යැයි පුටින් මාධ්‍යවේදීන් හමුවේ කියා සිටියේ, බෙලරුසියානු ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂෙන්කෝ සමඟ පැවැත්වුණු සාකච්ඡාවකින් අනතුරුවය.

බෙලරූසය යනු යුක්රේනය මෙන්ම රුසියාවේ අසල්වැසියෙකි. බෙලරූසයේ ජනාධිපති ඇලෙක්සෙන්ඩර් ලුකෂෙන්කෝ රුසියන්ජ නාධිපති ව්ලොදිමීර් පුටින්ගේ සමීපතම මිතුරෙකි. ද්වී පාර්ශ්වීක සබඳතා ශක්තිමත් කර ගැනීමේ අරමුණින්, රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ අවබෝධතා ගිවිසුම් කීපයකට අත්සන් තැබුණි.

 (අල් අසීරා)



අදහස් (0)

ඇමෙරිකන් සටන් විරාමයට පුටින්ගේ අකමැත්තක් නැහැ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1976 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 621 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 705 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site