
ඇමෙරිකාවේ මිචිගන් ජනපදයේ, දේවස්ථානයකට වෙඩි ප්‍රහාරයක් එල්ල විය. ප්‍රහාරය සඳහා තුවක්කුකරු පැමිණියේ මෝටර් රථයකිනි.
තුවක්කුකරු ඔහු පදවාගෙන ආ මෝටර් රථයෙන් දේවස්ථාන ගොඩනැගිල්ලට කඩා වැදුණු බව ද පැවැසෙයි.
එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනකු මියගිය බවත් 14 දෙනකු තුවාල ලැබූ බවත් වාර්තා වේ. ප්‍රහාරය එල්ල වෙද්දී, දේවස්ථානයේ 100 කට වැඩි බැතිමතුන් පිරිසක් ඉරිදා දේව මෙහෙයට එක් වී සිටි බව පොලිසිය පවසා ඇත.
වෙඩික්කරු 40 හැවිරිදි තෝමස් ජේකොබ් නමැත්තා බව පොලිසිය විසින් හඳුනාගනු ලැබ ඇත. පොලිසිය පෙරළා කළ වෙඩි ප්‍රහාරයකින් තෝමස් ජේකොබ් ජීවිතක්ෂයට පත්වුණු බව ද වාර්තා වේ.
වෙඩි ප්‍රහාරවෙන් තුවාල ලැබූවන්ගෙන් අට දෙනකුගේ තත්වය බරපතල නොවන බව පැවැසෙයි. ඉතිරි අයගේ තත්වය බරපතල යැයි රෝහල් ආරංචි මාර්ග පවසයි.
වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් සිදු කෙරෙන පොලිස් විමර්ශන සඳහා සහාය දීමට එෆ්.බී.අයි. පරීක්ෂඛයන් ද මැදිහත් වී සිටින බව වාර්තා වේ.
2025 ඔක්තෝබර් මස 08
1495
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1332
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
475
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
ඇමෙරිකන් දේවස්ථානයකට ප්‍රහාරයක්