IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


අවුරුදු 100 ක් යුක්රේනයට සහාය දෙනවා - බ්‍රිතාන්‍යය

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, යුක්රේනයේ කීව් අගනුවරට ගොස් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවිය. එහිදී, ඉදිරි වසර 100 දක්වා කාලය සඳහා, කිසිදු අඩුවක් නැතිව යුක්රේනයට සහාය දෙමින් යුක්රේනය ශක්තිමත් කිරීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රතිඥා දුන්නේ නව ගිවිසුමකට ද අත්සන් තබමිනි.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියේර් ස්ටාර්මන්, කීව් අගනුවරට පැමිණ, යුක්රේන ජනාධිපති හමුවී, වසර 100 ක එම ගිවිසුමට අත්සන් කළේ රුසියන් හමුදා කීව් අගනුවරට මිසයිල ප්‍රහාර එල්ල කරද්දීය. යුක්රේන හමුදා ඊට පහර දෙමින්, ප්‍රති මිසයිල එල්ල කරමින් එම මිසයිල විනාශ කරන්න වූ බව ද වාර්තා විය.

රුසියන් යුක්රේන යුද්ධය ආරම්භ වී මේ වනවිට වසර 3 ක් ගත වී ඇත. යුද්ධය හේතුවෙන් මිලියනයක් මියගොස් හෝ තුවාල ලබා ඇති බව ද පැවැසෙයි.

රුසියාවෙන් එල්ල වන මිසයිල ප්‍රහාරවලට ප්‍රති මිසයිල එල්ල කරමින්, රුසියන් හමුදා ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කිරීමට යුක්රේන හමුදාවට, බ්‍රිතාන්‍යයෙන් පමණක් නොව ඇමෙරිකාවෙන් ද දිගු දුර මිසයිල ලැබී ඇත. මෙය රුසියාවේ දැඩි විරෝධයට හේතුවක් වී තිබේ.

 (ඒ.එෆ්.පී.)



අදහස් (0)

අවුරුදු 100 ක් යුක්රේනයට සහාය දෙනවා - බ්‍රිතාන්‍යය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site