
ඉරානයට එල්ල කළ ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාරවලින්, ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මරා දැමීමට හැකිවුණු බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
ඊයේ (28) අලුයම ආරම්භ වූ මෙම ප්‍රහාරවලින් 86 හැවිරිදි කමේනි මියගිය බව ට්‍රම්ප් පවසා ඇත්තේ සිය ටෲත් සෝෂල් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුමෙනි මැරිලා නැහැ !!! නමුත් තවත් රටක නායකයෙක්ව මරා දමන්න ට්‍රම්ප් කියන මන්ද බුද්ධිකයාට තිබෙන අයිතිය කුමක්ද? ඇමෙරිකානු ඉතිහාසයම ලියවිලා තිබෙන්නේ මිනී මැරුම් වලින්. මුලින්ම යුරෝපීයයන් ඇමෙරිකාවට පය ගැසූ මොහොතේ පටන් සැබෑ ඇමෙරිකන් ජාතිකයින් (රතු ඉන්දියානුවන්) මරා දැම්මා ම්ලේච්ච තිරිසන් විදිහට. ඔවුන් ජලය බොන ගංගා වලට වහ දමලා දහස් ගණනක් රතු ඉන්දියානුවන්ව ඝාතනය කළා..ඔහොම මරාගෙන මරාගෙන ඇවිත් කොංගෝවේ අගමැති පැට්රිස් ලුමුම්බාව මරා දැම්මා දස වධ දීලා, චේ ගුවේරා ..සදාම් හුසේන් ..දැන් වෙනිසුවෙලාවේ ජනාධිපතිව පැහැරගෙන ආවා ... මේ ඇමෙරිකානුවන් කියන්නේ ඇත්තටම තිරිසන් ජාතියක් , උන් තමයි යුදෙව්වෝ කියන දෙවියන්ටත් එපාවුණ අපරාධකාරයින්ගේ ආරක්ෂකයා. ඇත්තටම එක්සත් ජාතීන්ගෙන් තව දුරටත් ප්‍රයෝජනයක් තිබෙනවාද ?
ඉතාමත්ම සන්තෝෂ දායක ආරංචියක්. මේ වගේ මෘග පාලකයින් විනාශ කර දැමීම ගැන ඊශ්‍රායලයටත්, ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාටත් ප්රජාතන්ත්රවාදයට ගරු කරන සැමගේම ස්තුතිය පළවිය යුතුයි...