
රුසියන් හමුදා විසින් අල්ලා ගනු ලැබූ යුක්රේන පළාත් 4 ක් රුසියාවට ඈඳා ගනිමින්, එම පළාත් නිල වශයෙන් රුසියාවේ කොටසක් වුණැයි නිවේදනය කිරීමට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් සූදානම් වෙයි.
ජනාධිපති පුටින් මෙම නිවේදනය කරනු ඇත්තේ අද (30) රුසියාවේ වේලාවෙන් සවස 3 ටය. ඒ, මොස්කව් අගනුවර රතු චතුරස්‍රයේ ඉදිකළ දැවැන්ත වේදිකාවේ සිටය.
රුසියාවට එක් කර ගැනෙන්නේ, නැගෙනහිර යුක්රේනයේ ලුහාන්ස්ක්, ඩොනෙස්ක් යන පළාත් ද දකුණු යුක්රේනයේ සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් ය. රුසියන් හමුදා ලුහාන්ස්ක්, ඩොනෙස්ක්, සැපරිස්සායා සහ කෙර්සෝන් යන පළාත් අත්පත කර ගත්තේ, එම පළාත්වල ජීවත් වන රුසියන් බස කතා කරන රුසියන් හිතවාදින් සහ රුසියන් හිතවාදී බෙදුම්වාදී සටන්කාමීන්ගේ ද සහාය ඇතිවය.
ඉන්පසු පසුගිය දා මෙම පළාත්වල ජනමත විමසුම් පැවැත්විණි. ඒ, රුසියාව සමඟ එක් වීමට කැමැත්ත විමසමිනි. එහිදී වැඩි දෙනාගේ මනාපය වූයේ රුසියාව සමඟ එක් වීමට කැමැති බවය.
යුක්රේනයට අයත් ක්‍රිමියා අර්ධද්වීපය ද 2014 වසරේ සිට පවතින්නේ රුසියාව යටතේය. රුසියාන් ජනාධිපති පුටින්ගේ අණ පරිදි, රුසියානු හමුදා ක්‍රිමියා අර්ධද්වීපය ද අත්පත් කරගත්තේ ද මේ අයුරින්ම හමුදා ආක්‍රමණයකින් පසු ජනමත විමසුමක් පවත්වමිනි.
(රොයිටර්)
COMMENTS
තමන්ගේ රටට, ජාතියට ආදරයෙන් බුද්ධිමත්ව ක්‍රියාකරන පාලකයෙක්...!
පුටින් මහත්තයෝ. ඔබතුමාට බැරිද අපිටත් උදව්වක් කරන්න ඔය වගේම වැඩක් කරලා...?
මේකට තමයි ආක්‍රමණයක් කියලා කියන්නේ...!