
නව අභිරහස් වයිරසය උණ රෝගයක්, අප්‍රිකා රාජ්‍යයක් වන කොංගෝ ජනරජයේ ව්‍යාප්ත වෙමින් පවතී.
ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ, මේ වනවිට කුඩා දරුයන් ද ඇතුළු 143 දෙනකු මෙම වයිරස උණ රෝගයට බිලි වී ඇති බවත්, තවත් 400 දෙනකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත්ය.
මෙම උණ රෝගය ආරම්භ වී ඇත්තේ පසුගිය ඔක්තෝබර් මාසයේය. කොංගෝ සෞඛ්‍ය අංශ වයිරසය ගැන බිය පළ කිරීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිලධාරීන් කණ්ඩායමක් කොංගෝවට ගොස් සිටින බව ද පැවැසෙයි.
තද උණ, කැස්ස, කැරකිල්ල, සොටු දියර ගැලීම, හිසේ කැක්කුම සහ මාංශපේෂී වේදනාව, ස්වසන අපහසුතා ආදිය මෙම නව වයිරසයේ මූලික රෝග ලක්ෂ යැයි පැවැසෙයි.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෛද්‍ය පර්යේෂකයන් ඔවුන්ට ලැබුණු දත්ත අනුව පවසා ඇත්තේ ‘කොවිඩ් 19’ වයිරසයේත්, සරම්ප සහ ඉන්ෆ්ලුවන්සා වයිරසයේත් ලක්ෂණ මෙම නව වයිරසයේ අන්තර්ගතවන බවය.
2025 දෙසැම්බර් මස 30
73
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
728
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
351
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
අප්‍රිකාවේ අභිරහස් වයිරසයට 143 ක් බිලි