IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


අඩුආදායම්ලභී පවුල්වලට ලබාදෙන ආහාර ආධාර නවතී

නව මූල්‍ය වර්ෂයට අදාළ අයවැය සම්මත කර ගැනීමට නොහැකිවීමෙන්, ඇමෙරිකා රජයේ කටයුතු දිනෙන් දින අඩපණ වෙමින් පවතී. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කළේ, මේවනවිට එරට අඩු ආදායම්ලාභී මිලියන 24 කට ලබා දෙන ආහාර ආධාර නැවැත්වීමට රජයට සිදුවී ඇති බවය.

නව මූල්‍ය වර්ෂයට අදාළව අයවැය සම්මත කර ගැනීම කළ යුතු වූයේ නොවැම්බරයේය. කෙසේ නමුත් ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව සෞඛ්‍ය ප්‍රතිපත්ති හේතුවෙන්, ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලයේ නිර්මාණය වී ඇති මත ගැටුම් අයවැය සම්මත කර ගැනීමට හරස් වී තිබේ. 

ඇමෙරිකාවේ අඩු ආදායම්ලාභී පවුල් මිලියන 24 සඳහා ආහාර ආධාර ලබා දීමට ඇස්තමේන්තුගත කළ මුදල් ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන 9 කි.

ඇමෙරිකන් කොංග්‍රස් මණ්ඩලය යනු නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සහ සෙනෙට් මණ්ඩලයයි. ඇමෙරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වන්නේ රිපබ්ලිකන් පක්ෂය සහ ඩිමොක්‍රටික් පක්ෂයයි.

ට්‍රම්ප්ගේ සෞඛ්‍ය ප්‍රතිපත්ති, ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ ඇතැම් සාමාජිකයන්ගේ ද අප්‍රසාදයට හේතුවක් වී ඇති බැවින් අයවැය සම්මත කරගැනීම ගැටලුවක් වී ඇත. 

අයවැය සම්මත කර ගැනීමට නොහැකි වීමෙන්, මෙසේ ඇමෙරිකන් රජය අඩපණ වී මේ වනවිට දින 36 කට වැඩි ගණනක් ගතවී ඇතැයි පැවැසෙයි. ඇමෙරිකන් රජයේ කටයුතු වැඩිම දින ගණනක් මේ අයුරින් අකර්මණ්‍ය වූ පළමු අවස්ථාව වන්නේ මෙයයි.

මේ වනවිට අත්‍යාවශ්‍ය නොවන සේවා සියල්ල නවතා දමා ඇත. ජාතික උද්‍යාන, කෞතුකාගාර වැනි ‘අත්‍යවශ්‍ය නොවන‘ ලෙස සැලකෙන බොහෝ ෆෙඩරල් රජයේ සේවා තාවකාලිකව වසා දැමීම හෝ ඒවායේ ක්‍රියාකාරිත්වය අඩු කිරීම සිදුවී තිබේ. අත්‍යවශ්‍ය නොවන රජයේ සේවකයන් විශාල පිරිසක් තාවකාලිකව නොගෙවූ නිවාඩු යැවීම සිදුකර ඇත.



අදහස් (0)

අඩුආදායම්ලභී පවුල්වලට ලබාදෙන ආහාර ආධාර නවතී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 132 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 756 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site