
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් අතරේ හමුවක් නවදිල්ලි අගනුවරදී පැවැත්විණි.
තුල්සි ගැබාඩ් ඉන්දීය සම්භවයක් ඇති ඇමෙරිකානු කාන්තාවකි. මාස දෙකක් ඇතුළත තුල්සි ගැබාඩ් සහ ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි අතරේ හමුවක් පැවැත්වුණු දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි.
මීට පෙර, තුල්සි ගැබාඩ් සහ මෝදි අතරේ හමුවක් පැවැත්වූයේ පසුගිය පෙබරවාරියේ මෝදි ඇමෙරිකාවට ගොස් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවුණු අවස්ථාවේදීය.
එකිනෙකා හමුවුණු අවස්ථාවේදී, ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි, මහා කුම්භ පූජා උත්සවය පැවැත්වෙන ප්‍රයාග්රාජ් නුවර, ගංගා නදියේ ජලය පිරවූ බදුනක් තෑගි කිරීමට ද අමතක නොකළේය.
ත්‍රස්තවාදය සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන්, ඉන්දියාවත් ඇමෙරිකාවත් අතරේ සහයෝගීතා වර්ධනය කර ගැනීම, මෙහිදී සිදුවිය.
ශීක්වරුන් වෙනුවෙන් පෙනී සිටින ‘කලිස්තාන්’ සංවිධානය ඉන්දියාව විසින් ත්‍රස්ත සංවිධානයක් ලෙස සලකනු ලබයි.
එම සංවිධානයේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ, ගුර්පත්වාන්ත් පානුන්ය. ‘කලිස්තාන්’ සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස නම් කිරීමට සහාය දක්වන්නැයි ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් ද ඇමෙරිකන් ජාතික බුද්ධි අංශ ප්‍රධානී තුල්සි ගැබාඩ් හමුවී සාකච්ඡා කළ බව ද පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd