මාලිගාවත්ත මහල් නිවාසයේදී දරුවෙක් මරා දැමූ යුවළ 24 දක්වා රිමාන්ඩ් මාලිගාවත්ත මහල් නිවාසයක දෙහැවිරිදි පිරිමි දරුවකු කෲර අමානුෂික ලෙසින් වද හිංසා දී මරණයට පත්කළැයි කියන දරුවා හදාගත් මව් පිය යුවළ ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේය. 16 May 2018
වීරවංශට එරෙහි මූල්‍ය වංචා නඩුව කල් යයි ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ වසර හයක කාලය තුළදී සිය වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි, අල්ලස් මඟින් උපයාගත් රුපියල් කෝටි 7 1 / 2 කට ආසන්න මුදල් හා දේපළවල හිමිකරුවක සිටි බවට චෝදනා කරමින් නිවාස ඉදිකිරීම් හා ඉංජිනේරු සේවා හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාට එරෙහිව පවරා ඇති නඩුව ලබන අගොස්තු මස 06 වැනිදා කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා අද (16) නියම කළේය. 16 May 2018
අන්තරේ පාගමනින් ටවුන්හෝල්හි වාහන තදබදයක් සරසවි විෂය මාලාවෙන් බුද්ධ දර්ශනය කප්පාදු කිරීමට එරෙහිව අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලය සංවිධානය කළ විරෝධාතා පාගමනක් හේතුවෙන් කොළඹ පුරහල ප්‍රදේශයේ මාර්ග තදබදයක් හටගෙන ඇත බව පොලිසිය පවසයි . 16 May 2018
හිටපු මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ් මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගෙන ගොස් පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර සිටි හිටපු යුද හමුදා බුද්ධි ප්‍රධානි මේජර් ජනරාල් අමල් කරුණාසේකර මහතා මෙම මස 30 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඞ් බාරයට පත්කරන ලෙසට ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද (16) නියෝග කළාය. 16 May 2018
’සිංගප්පුරු වෙළඳ ගිවිසුම මගින් බදු වංචා නීතිගත කරනවා’ ශ්‍රී ලංකා සිංගප්පූරු වෙළඳ ගිවිසුම මඟින් බදු වංචා නීතිගත කර ඇතැයි ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා චෝදනා කළේය. 16 May 2018
ලක්ෂ 15 ක දුම්වැටි තොගයක් ගලේවෙලින් අත්අඩංගුවට නිතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වා බෙදාහැරිමේ ජාවාරමක නිරතවී සිටි පුද්ගලයින් දෙදෙනෙකු සමඟ රුපියල් ලක්ෂ 15 ක් වටිනා දුම්වැටි 20000 ක් අත්අඩංගුවට ගත් බව ගලේවෙල පොලිසිය පවසයි. 16 May 2018
පුරාවිද්‍යා කැණිම් වලින් දේහයක අස්ථි කොටස් සහිත මැටි බඳුනක් පොලොන්නරුව - මඩකලපුව ප්‍රධාන මාර්ගයට ආසන්නයේ පිහිටි පොලොන්නරුව 28 කණුව පුරාවිද්‍යා රක්ෂිතයේ සිදුකරනු ලබන පුරාවිද්‍යා කැණීම් වලදී ඉපැරණි පිළිම ගෙයක් තුළ තැන්පත් කර තිබූ ආදාහනය කරන ලද දේහයක අස්ථි කොටස් සහිත මැටි බඳුනක් අද (16) හමුවූ බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 16 May 2018
වෙළෙඳපොළට වැලිමලු නිකුත් කිරීමට පියවර කුඩා ප්‍රමාණයේ ඉදිකිරීම් කටයුතු සඳහා වැලි අවශ්‍ය වන අවස්ථාවන්හිදී නාගරික ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විසඳුම් ලෙස කිලෝ 10, 25 හා 50 ප්‍රමාණවලින් වැලි උර වෙළඳපොළට නිකුත් කිරීමට භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යංශය පියවර ගෙන ඇත. 16 May 2018
නිතීවිරෝධී දුම්වැටි සමඟ අයෙක් රේගුවේදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට රැගෙන ආ විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ මගියකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් බව රේගුව පවසයි. 16 May 2018
කෘත්‍රිම වර්ෂාව ගැනීමේ තාක්ෂණය ඇතුළත් වාර්තාවක් අගමැතිට නියඟය පවතින ප්‍රදේශවලට විසඳුමක් ලෙස වැසි වලාකුළු වලින් කෘත්‍රිමව වර්ෂාව ලබා ගැනීමේ තාක්ෂණය ඇතුළත් වාර්තාවක් චීන නියෝජිතයන් පිරිසක් විසින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට බාර දෙන ලදී. 16 May 2018
අඹේවෙල ගොවීන් වනජිවී උප ඇමැතිට එරෙහිව උද්ඝෝෂණය රාජ්‍ය නිලධාරින්ට බැන වදිමින් වගාවට හානි කරන කුළු හරක් රක්ෂිතයට මුදා හැරි යැයි වනජිවි නියෝජ්‍ය අමාත්‍යය පාලිත තෙවරප්පෙරුම මහතාට එරෙහිව විරෝධය පාමින් අඹේවෙල ප්‍රදේශයේ ගොවියෝ අඹේවෙල දුම්රිය ස්ථානය අසල උද්ඝෝෂණයක නිරත වෙති. 16 May 2018
නිශ්ශංක සේනාධිපතිගෙන් අයිතිවාසිකම් පෙත්සමක් ගාලු වරායේ පාවෙන අවි ගබඩාවේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීමට සුදානමක් ඇති හෙයින් එය වළක්වාලන්නැයි ඉල්ලමින් ඇවන්ට්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 16 May 2018
ලංගම සේවක නිවාඩු අවලංගු කරයි අද (16) මධ්‍යම රාත්‍රීයේ සිට සැලසුම් කළ පෞද්ගලික බස් වර්ජනය හේතුවෙන් සියලුම ලංගම රියදුරු, කොන්දොස්තරවරුන් සහ කාර්මික ශිල්පීන්ගේ නිවාඩු අවලංගු කර තිබේ. 16 May 2018
රන් බිස්කටි සමඟ පුද්ගලයෙක් රේගුවේදී දැලේ තමන් පැළද සිටින පාවහන් තුළ සගවා ගෙන රත්තරන් බිස්කට් දෙකක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (16) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන ඇත. 16 May 2018
දැව සංස්ථාවේ හිටපු සභාපති 18 දක්වා රිමාන්ඩ් රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා මෙ මස 18 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහෙස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝග කළේය. 16 May 2018
බයිසිකලයෙන් තරඟ කළ මන්ත්‍රීන්ට නොතීසි මහරගම නගර සභාව සඳහා බයිසිකලයේ ලකුණින් තේරී පත්වූ ස්වාධීන කණ්ඩායම් අංක 2 තේරී පත්වූ නාගරික මන්ත්‍රීවරු විසි තුන් දෙනෙකුගේ පත්කිරීම බලරහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන් ඉල්ලා ගොනුකළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර සිටින ස්වාධීන කණ්ඩායම් අංක 2 යටතේ තේරීපත් වූ නාගරික මන්ත්‍රීවරු විසි තුන් දෙනා ඇතුළු වගඋත්තරකරුවන් 27 දෙනෙකුට ලබන මස 28 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිට කරුණු දක්වන ලෙස දන්වා අභියාචනාධිකරණය අද (16) නොතීසි නිකුත් කළේය. 16 May 2018
මසට ගෙනා ගල් ඉබ්බන් සමඟ අයෙක් සැකපිට ආණමඩුව මුදලක්කුලිය ප්‍රදේශයේ නිවසක පැවැති සාදයකට මස් පිණිස ගැනීම සඳහා රැගෙන විත් සඟවා සිටි ගල් ඉබ්බන් සිව් දෙනෙකු සොයා ගැනීමට ආණමඩුව පොලිස් නිලධාරීන් අද (16) සමත් විය. 16 May 2018
දැව සංස්ථාවේ හිටපු සභාපති කොටුව උසාවියට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා මීට සුළු මොහොතකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට රැගෙන එනු ලැබීය. 16 May 2018
යාපනයේ ගෙවල් බිඳුම් කළ කල්ලියක් අත්අඩංගුවට තියුණු ආයුධ රැගෙනවිත් නිවැසියන් බිය ගන්වා උතුරු පළාත තුළ ගෙවල් බිඳුම් හා මංකොල්ලකෑම් රැසක් සිදුකළ සංවිධානාත්මක අපරාධ කල්ලියක සාමාජිකයින් පස්දෙනකු ඊයේ (15) මන්නාරම ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව වවුනියාව පොලිසිය කියයි. 16 May 2018
ආහාර විස වී භික්ෂුන් 29 ක් ඇතුළු තවත් 11 ක් රෝහලේ මරදන්කඩවල පෙරමියන්කුලම ශ්‍රී සදානන්ද විද්‍යාරතන පිරිවෙනේ වැඩ විසු භික්ෂුන් වහන්සේලා 29 දෙනෙකු හා ගිහියන් 11 දෙනෙකු ආහාර විෂ විමක් හේතුවෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළු කළ බව අනුරාධපුර පොලිසිය කියයි. 16 May 2018
විදුලි රැහැනේ පැටලුණු පිය පුතු මරුට වවුනියාව පාවක්කුලම, සූඩුවෙන්දපිලව් වැවේ ආසන්නයේ වනසතුන් වෙනුවෙන් අටවා තිබූ විදුලි රැහනක පැටලීමෙන් මියගිය පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු අද (16) උදෑසන හමුවූ බව වවුනියාව පෙරියඋළුක්කුලම පොලිසිය පවසයි. 16 May 2018
බොරු ඇමතුමකින් දොස්තර කොල්ල කෑ තිදෙනෙක් අත්අඩංගුවට තරුණියක් මගින් දුන් ඇමතුමකින් පාළු ස්ථානයකට ගෙන්වා ගත් වෛදවරයකු බිය ගන්වා ඔහු සතු පවුම් පහමාරක් බරැති රන් ආභරණ කොල්ල කෑ කල්ලියක තිදෙනෙකු කොල්ල කෑ රන් ආභරණ සමඟ ඊයේ (15)අත්අඩංගුවට ගත් බව හලාවත පොලිසිය කියයි. 16 May 2018
දැව සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති අනුරුද්ධ පොල්ගම්පොල මහතා ඊයේ (15) රාත්‍රී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබු බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පවසයි. 16 May 2018
මහනුවර කලබල ගැන මන්ත්‍රී දිලුම්ගෙන් පැය 12ක් ප්‍රශ්න කරයි මහනුවර පැවැති කලහකාරී සිදුවීම් සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම මහතාගෙන් පැය 12කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගත්තේය. 16 May 2018
ධූරයේ ඉන්නේ ටික කාලයයි - මහතීර් මොහොමද් තමන් අවුරුද්දක් හෝ දෙකක් අග්‍රාමාත්‍යධුරයේ රැඳී සිටින බව මැලේසියාවේ නව අග්‍රාමාත්‍ය මහතීර් මොහොමද් අද (15) ප්‍රකාශ කළේය. සිරභාරයේ පසුවන මැලේසියාවේ විපක්ෂ නායක අන්වර් ඊබ්‍රහීම් හෙට (16) නිදහස ලබන බව ද නව අගමැති මහතීර් මොහොමද් කීවේය. 15 May 2018
කෝටි 9420 මුදල් නෝට්ටු 2017 දී විනාශ කරලා බලි කුරුටු ඇඳි , විකෘති කෙරුණු මුදල් නෝට්ටු දාහත් කෝටි හැත්තෑ ලක්ෂයක් ගිය වසරේදී විනාශ කරන ලදැයි ශ්‍රි ලංකා මහ බැංකුව නිකුත් කළ එහි අලුත්ම වාර්තාවේ සඳහන් වෙයි. 15 May 2018
ඉන්ෆ්ලුවෙන්සා දකුණේ හිස ඔසවයි දකුණු පළාතේ ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්ත්වයක් පැතිරෙමින් පවතින බවත් ඇතැම් විට එය වසංගත තත්ත්වයක් දක්වා වැඩිදියුණු විය හැකි බවත් දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා පවසයි. 15 May 2018
එක්සත් රාජධානිය ගාසා තීරයේ ගැටුම් ගැන සොයයි ගාසා තීරයේ සිදු වූ ප්රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් කළ යුතු යැයි එක්සත් රාජධානිය අද (15) ප්‍රකාශ කළේය. 15 May 2018
අක්‍රීය වූ කාරක සභා පිහිටුවීම ගැන හෙට සාකච්ඡාවක් පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමෙන් පසුව අක්‍රීය වුණු කාරක සභා පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායකයින්ගේ විශේෂ රැස්වීමක් හෙට (17) පැවැත්වෙන බව පාර්ලිමේන්තු ප්‍රධානීහු පවසති. 15 May 2018
ස්වර්ණාභරණ තොගයක් ගුවන් තොටෙන් අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස ස්වර්ණාභරණ තොගයක් තම යට ඇඳුමේ සඟවා ගෙන මෙරටට පැමිණි දේශීය ගුවන් මගියකු අද (15) කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 15 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026