විජය කුමාරතුංග රෝහලේ අක්ෂි ශල්‍යාගාරය වැසීමෙන් රෝගීහු අමාරුවේ සීදුව විජය කුමාරතුංග රෝහලේ අක්ෂි ශල්‍යාගාරය මාස කීපයක සිට වසා දැමීමට බලධාරින් කටයුතු කිරීමෙන් රෝගීන් දැඩි අසීරුතාවයකට පත්වී ඇතැයි ශ්‍රි ලංකා නිදහස් සෞඛ්‍ය සේවා සීදුව ශාඛාවේ සභාපති රුවන් බෝගොඩ මහතා අද (15) පැවසීය. 15 May 2018
පුස්කොළ පොත් සංරක්ෂණ මධ්‍යස්ථානය පේරාදෙණිය සරසවියෙන් නවතම ක්‍රමවේදයට අනුව පුස්කොල පොත් සංරක්ෂණය කිරීමේ මධ්‍යස්ථානය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී.දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ප්‍රධාන පුස්තකාලයේදී අද (15) විවෘත කෙරිණි. 15 May 2018
සහනාධාර හිමිවන්නේ භූමිතෙල් වලට පමණයි - මුදල් අමාත්‍යාංශය අඩු ආදායම්ලාභීන්ට සහ ධීවරයින්ට සහනාධාර හිමිවන්නේ භූමිතෙල් සඳහා පමණක් වන අතර පෙට්‍රල් හෝ ඩීසල් සඳහා එවැනි සහනාධාරයක් හිමිනොවන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. 15 May 2018
බස් ගාස්තුව ගැන බස් සංගම් අතර මතභේද බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ප්‍රතිශතය හා අවම බස් ගාස්තුව සම්බන්ධයෙන් බස් සංගම් අතර දැඩි මතභේදයක් හට ගෙන තිබේ. 15 May 2018
මුල්‍ය අපරාධ කොට්ඨාසයේ වැඩබැලීමට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න පොලිස් මුල්‍ය අපරාධ කොට්ඨාසයේ වැඩ බැලීම සඳහා පොලිස්පතිවරයා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ඩී ඩබ්ලිව් ආර් බී සෙනවිරත්න මහතා පත්කර ඇත. 15 May 2018
අර්තාපල් හා ලූනු ගොවීන් රැකගැනීමට කමිටුවක් අර්තාපල් හා ලූනු ගොවීන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩපිළිවෙළක් සැකසීම සඳහා කමිටුවක් පත්කිරීමට කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා තීරණය කර තිබේ. 15 May 2018
මෝටර් රථයක් දුම්රියේ ගැටී මවක සහ දියණියක රෝහලේ කැලණිවැලි දුම්රිය මාර්ගයේ මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගය හරහා ගිය මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයෙහි ගමන් ගත් මවක සහ දියණියක බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 15 May 2018
රුපියල් කෝටි එකහමාරක් වංචා කළ කත අල්ලන්න මහජන සහය පතයි ගල්කිස්ස ප්‍රදේශයේ වෙළෙඳ ආයතනයක් පවත්වාගෙන යමින් නිමි ඇදුම් ලබාගෙන වෙළෙඳසල් හිමියන්ට අගරු චෙක්පත් ලබා දී රුපියල් කෝටි 1 1/2 ට අධික මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලිසිය මහජන සහය පතයි. 15 May 2018
සංවර්ධනය ගැන අමාත්‍යංශ ලේකම්වරුන්ට වැඩමුළුවක් රජයේ ඒකාබද්ධ සංවර්ධන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් මැති ඇමතිවරුන්ට හා අමාත්‍යංශ ලේකම්වරුන්ට විශේෂ වැඩමුළුවක් පවත්වන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ජාතික ආර්ථික සභාවට අද (15) උපදෙස් දී ඇත. 15 May 2018
ලක්ෂ 70ක හෙරොයින් පූගොඩින් අල්ලයි රුපියල් ලක්ෂ 70 ට ආසන්න හොරොයින් මත්කුඩු තොගයක් සහ පිස්තෝලයක් සමග පූගොඩ ගල්පොතුගොඩ ප්‍රදේශයේ දී සැකකරුවකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියයි. 15 May 2018
ඊශ්‍රායල-ගාසා දේශසීමා ගැටුමට අට මස් බිලිඳකුත් බිලි ඊශ්‍රායල-ගාසා දේශසීමාවේ ඇති වූ ගැටුම් අතරවාරයේදී මාස අටක බිලිඳකු මියගොස් ඇතැයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය අද, අඟහරුවාදා (15) නිවේදනය කළේය. 15 May 2018
බදුලු බණ්ඩාරවෙලට නාය අනතුරු ඇඟවීම් පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ බදුල්ල දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක නායයෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 15 May 2018
ග්ලයිෆොසෙට් ගැන හොයන ඇමැති කමිටුව එක් වරක්වත් රැස්වෙලා නෑ ග්ලයිෆොසේට් තහනම ඉවත් කරනවා ද නැද්ද යන්න ගැන තීරණය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කැබිනට් ඇමති කමිටුව ඒ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා එකම වතාවක් හෝ රැස් නොවූ බව වැවිලි කර්මාන්ත අමාත්‍යංශය මඟින් ඒ පිළිබඳව ඉදිරිපත් කර ඇති කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ. 15 May 2018
දක්ෂිණ අධිවේග සංවර්ධන ව්‍යාපෘතියේ චීන ජාතිකයෙක් අතුරුදන් මාතර හම්බන්තොට නව දක්ෂිණ අධිවේගී මාර්ග සංවර්ධන ව්‍යාපෘතියේ වැඩට පැමිණ චීන ජාතික තරුණයෙකු දන්දෙනිය රක්ෂිතයේ තඹගල ප්‍රදේශයේදී අතුරුදන් වී ඇතැයි තිහගොඩ පොලීසිය පවසයි. 15 May 2018
සිංගප්පූරු වෙළඳ ගිවිසුමට වෘත්තීයවේදීන්ගේ විරෝධය ආර්ථික වශයෙන් තිබෙන වාසි අවාසි පිළිබඳ නිසි තක්සේරුවකින් තොරව සිදුකරන ශ්‍රි ලංකා සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම වැනි ගිවිසුම් මගින් රටේ ඉදිරි අනාගතය කෙරෙහි බලපෑම් එල්ල විය හැකි බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අද (15) කොළඹදී පැවසීය. 15 May 2018
‘නියෝජ්‍ය කතානායක කවුරුන්දැයි තවම දැනුම් දී නැහැ‘ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරයට පත් කරන්නේ කවුදැයි ජනාධිපතිවරයා ගේ තීරණය තවමත් කතානායකවරයාට දැනුම් දී නොතියබුණු බව කතානායක කාර්යාලය පවසයි. 15 May 2018
මාලිගාවත්තේ දරුවා අමානුෂික ලෙස ඝාතනය කරලා මාලිගාවත්ත මහල් නිවාසයක අභිරහස් ලෙස මිය යෑමෙන් පසු වැළලීමට ගිය දෙහැවිරිදි පිරිමි දරුවා කෲර අමානුෂික ලෙසින් වද හිංසා දී මරණයට පත්කර ඇතැයි 15 May 2018
යල කන්නයේ පොහොර සහනාධාරය බෙදාහැරීම ඇරඹේ මේ වසරේ යල කන්නය සඳහා අවශ්‍ය පොහොර සහනාධාර ක්‍රමය යටතේ ගොවීන්ට බෙදාදීම සඳහා දිවයිනේ සියලුම පළාත්වලට බෙදාහැර ඇතැයි ජාතික පොහොර ලේකම් කාර්යාලය සඳහන් කරයි. 15 May 2018
අපරැක්කේ විදුහල්පතිවරයකු මාරු කළැයි මාපිය විරෝධය අපරැක්ක මහ විද්‍යාලයේ වැඩබලන විදුහල්පතිවරයා ස්ථාන මාරු කිරීමට විරෝධය දක්වමින් එහි සිසුන් මව්පියන් හා ආදී සිසුහු එක්ව අද (15) මාතර යටියන ප්‍රධාන මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයක නිරත වුහ. 15 May 2018
ලංගම නඩුවෙන් සුසිල් - අනුර ඉවත් කිරීම ගැන ප්රතිවිරෝධයට කල් දෙයි ජනපතිවරණ සමයේ හිටපු ජනපතිගේ රැස්වීම් සඳහා ලංගම බස් රථ යොදාගැනීම වෙනුවෙන් රුපියල් කෝටි 12ක මුදලක් ගෙවීමට නියම කරන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හත් දෙනකුට එරෙහිව ගොනු කළ 15 May 2018
පස්සර කණවැරැල්ල මාර්ගයෙත් නාය යෑම අවදානමක් පස්සර - කණවැරැල්ල නැගෙනහිර ග්‍රාම නිළධාරී වසමේ ඇටකෙහෙලන්ද ප්‍රදේශයේ අද (15) උදේ සිදුවූ නායයාමක් හේතුවෙන් ප්‍රදේශයේ මාර්ගයක් සම්පූර්ණයෙන් අවහිර වී ඇටකෙහෙලන්ද වෙල්යායේ කොටසක්ද හානියට පත් වී තිබේ. 15 May 2018
තවත් බ්‍රිතාන්‍ය රග්බි ක්‍රීඩකයෙක් කොළඹ දී මියයයි කොළඹදී පැවැත්වු සුහද රග්බි තරගාවලියක් සඳහා මෙරටට පැමිණ සිටියදී හදිසියේ රෝගාතුර වී අසාධ්‍ය තත්ත්වයෙන් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි සෙසු කී‍්‍රඩකයාද අද (15) පස්වරුවේ මියගිය බව පොලිසිය කියයි. 15 May 2018
වාරි ඉංජිනේරුවරයාට පහර දුන් එජාප දිස්ත්‍රික් සංවිධායක රිමාන්ඩ් පොලොන්නරුව පරාක්‍රම සමුද්‍රයේ වාරි ඉංජිනේරුවරයාට රාජකාරි කටයුත්තක් කිරීම සඳහා ගිය අවස්ථාවේදී බැන තර්ජනය කර පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිසිය මඟ හරිමින් සිටි එජාප පොළොන්නරුව දිස්ත්‍රික් ප්‍රධාන සංවිධායකවරයා 15 May 2018
දුෂණය මැඩලීමේ පනත් කෙටුම්පතට කතානායක අත්සන් තබයි දුෂණය මැඩලීම සඳහා විශේෂ අධිකරණ පිහිටුවීමට අදාල විධිවිධාන ඇතුළත් අධිකරණ සංවිධාන සංශෝධන පනත් කෙටුම්පතට කතානායක කරූ ජයසුරිය මහතා ඊයේ (15) අත්සන් තැබීය. 15 May 2018
බස් සමාගම් හෙට මැදියම් රෑ සිට වර්ජනයක රජය මගින් ලබාදුන් සියයට 6.56 ක බස් ගාස්තු වැඩිවීම ප්‍රතික්ෂේප කරමින් පෞද්ගලික බස් හිමියෝ හෙට (16) මධ්‍යම රාත්‍රීයේ සිට බස් ධාවනයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය පවසයි. 15 May 2018
‘තහනම ඉවත් කිරීමට එරෙහිව නඩු මඟට බහිනවා‘ - රතන හිමි ග්ලයිෆෝසෙට් තහනම ඉවත් කිරීමට විරුද්ධව නඩු මගට බසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසුහ. මේ සම්බන්ධයෙන් අප කළ විමසුකදී අදහස් දැක්වු රතන හිමියෝ පැවසුයේ මේ පිළිබඳව නීතීඥයින් පිරිසක් සමඟ දීර්ඝ ලෙස සාකච්ඡා කරගෙන යන බවයි 15 May 2018
මන්ත්‍රී මහින්දානන්දගේ පෙත්සම විභාගය ජුනි 25 වැනි දා රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා නිවසක් බොරැල්ල කිංසි පාරෙන් මිලදී ගැනීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට නීතිපති ගොනු කළ අධි චෝදනා නඩුව 15 May 2018
පස් කන්දක් කඩා වැටී පස්සර - බිබිලේගම මාර්ගයත් අවහිර වෙයි පස්සර බිබිලේගම , ඉඩම්ගෙදර හන්දිය ආසන්නයේ මහා මාර්ගයට පස් කන්දක් කඩා වැටීමෙන් වාහන ගමනාගමනයට බාධා සිදු වී තිබේ. 15 May 2018
මේ ආණ්ඩුව බූරුගහන්න පුරුදු වුණ බේබදු තාත්තෙක් වගේ ‘- ලාල්කාන්ත ඉන්ධන මිල ඉහළ යාම හා බඩු මිල ඉහළ දැමීමට එරෙහිව තම පක්ෂය දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් රට පුරා පවත්වන බවත් එහි ආරම්භක උද්ඝෝෂණය හා පාගමන මැයි 22 වැනිදා පස්වරු 3.00ට කොළඹ කොටුවෙන් ආරම්භ කරන බවත් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති කේ. ඩ්. ලාල්කාන්ත මහතා අද (15) පැවසීය. 15 May 2018
ගිනිගත්ගල යළි නාය යයි අධික වර්ෂාව සමඟ කොළඹ - බදුල්ල මාර්ගයේ වල්හපුතැන්න 175 සැතපුම් කණුව ආසන්නයේ ගිනිගත්ගල කන්ද නැවත නාය යෑමට පටන් ගෙන ඇතැයි අපදාකළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 15 May 2018
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026