(සිරංගිකා ලොකුකරවිට)
පළාත් සභා හා පළාත් පාලන ආයතනවල සේවය කරන රාජ්‍ය සේවකයන්ට මෙවර අලුත් අවුරුද්දට පෙර වැටුප් ගෙවීම ගැටලුවක් බවත් එයට වගකිව යුත්තේ පාර්ලිමේන්තුවේ දී අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්කළ පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් බවත් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (1) ගාල්ලේ දී පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ගාල්ල කඩවත් සතර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වෙමිනි.
කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ දී මෙම රැස්වීම පැවැත්විණි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද කීවේය.
‘අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පරාජයට පත්වූ නිසා ආණ්ඩුවට ප්‍රශ්නයක් තියෙනවා කියලා ඇතැම් අය හිතාගෙන ඉන්නවා. අපිට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ප්රශ්නය තියෙන්නේ පොහොට්ටුව බලය අල්ලාගෙන ඉන්න පළාත් පාලන ආයතනවලට සහ පළාත් සභාවලට. මේවායේ සේවය කරන රජයේ සේවකයන්ට අවුරුදු කන්න පඩි ගෙවන්න අවශ්‍යයි කියලා හිතන්නෙත් නැතිව පළාත් සභා හා පළාත් පාලන වැය ශීර්ෂය පරාජයට පත්කලා. මේකට වගකියන්න ඕනෑ විපක්ෂයයි"
'' අයවැය කාරක සභා අවස්ථාවේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ වැය ශිර්ෂය සම්මත වූ අතර ආගමන විගමන දෙපාර්තමේන්තුව, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව ඇතුළු දිස්ත්‍රික් ලේකම් කාර්යාල ගණනාවක ද වැය ශීර්ෂ සම්මත වෙමින් තිබුණ අවස්ථාවේදී හදිසියේ බෙදීමක් ඉල්ලා සිටියා.
නමුත් කලින් පැවැති පක්ෂ නායක රැස්වීමේ දී එකඟතාවකට පැමිණියා ඡන්දයක් නොපවත්වන බවට. මේ හදිසි බෙදීම ඉල්ලා සිටීම නිසා පැවැත්වූ ඡන්ද විමසීමෙන් වැය ශීර්ෂ පරාජයට පත්වුණා. ඒ නිසා පළාත් 9 ක පළාත් පාලන ආයතන 341 ක අප්‍රේල් 5 වැනි දායින් පසු වැඩ අවසන් කර ඇති වැඩකටයුතු සහ වැඩ කෙරෙමින් පවතින වැඩවල අත්තිකාරම් මුදල් සහ කිසිදු මුදලක් ගොවීමට නොහැකි වෙනවා.
මෙහි දී අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ ඉතිහාසයෙත් විවිධ අවස්ථාවල වැය ශීර්ෂ පරාජය කර ඇතත් එයින් ආණ්ඩුවලට හානියක් සිදු නොවූ බවයි. මෙවර එය බැරෑරුම් ප්‍රශ්නයක් වන්නේ වෙනදා අයවැය ඉදිරිපත් වන්නේ දෙසැම්බර් මාසයේ වුවත් මෙවර අයවැය ඉදිරිපත් වෙන්නේ සිංහල හින්දු අවුරුදු සමයේ බැවිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් අපිට මොකද? පළාත් පාලන වැයශීර්ෂ දිනාගන්න බැරි ඔහෙලා කොහෙද ඡන්ද දිනන්නේ? හලෝ කරන්න පුළුවන් මිනිහෙකුට දීලා තොලොංචිවෙලා යනවකෝ අපිට පව් නොදී...
මේ පොහොට්ටුවේ බයියෝ කළොත් වැඩක් ඔහොමමයි. දැන් ඉතින් අවුරුද්දට අපිට උඩ බලාගෙන තමා ඉන්න වෙන්නේ...
පම්පෝරි ගැහුවට අයවැය පරද්දන්න බැරි වුණා. හැංගිමුත්තන් සෙල්ලන් කරලා යන්තම් වැය ශීර්ෂයක් පැරැද්දුවා. එ්කෙත් පරහක්. ඉතින් කොහෙද මෙයාලත් එක්ක අපි ආණ්ඩු පරද්දන්නේ?
බොර දියේ මාළු බාන්න දඟලන විලිලැජ්ජා නැති උදවිය..
පොහොට්ටුවට දොස් කියන්න එපා. ඒ අවස්ථාවේ ඔයාලගේ මන්ත්‍රීලා කොහෙද හිටියේ? පොහොට්ටුවටද නැත්නං ඔයලාටද පාර්ලිමේන්තුවේ බහුතරය තියන්නේ... නිකන් අහිංසක රජයේ සේවකයන්ගෙන් පලිගන්න නැතුව, අවුරුද්ද සමරන්න වැටුප් ගෙවන්න. විනාඩි 10ක් පාර්ලිමේන්තුවේ ලිෆ්ට් එක අක්‍රීය වුණු ගමන්, පක්ෂ බේදයෙන් තොරව ලිෆ්ට් සේරම අලුත් වැඩියා කරන්න ක්ෂණික මුදල් වෙන්කළා. මෙතන්ට වැටුප් ගෙවන්න වෙන කතාව...
අවුරුද්දට පඩි ගෙවන්න ඕන හරියට වැඩක් කරන කාර්යක්ෂම සේවකයන්ට . බහුතරයක් රාජ්‍ය සේවකයෝ නියමිත රාජකාරි වැඩ කිරීම තියා අඩු ගානේ මහජනයාට හරියට කතා කරන්න දන්නවාද ? කොහොමද කතා කරන්නේ කියලා දැනගන්න ඕන උදවිය බමුණුආරච්චිගේ භාෂාව දිහා බලන්න.
ප්‍රාදේශීය සභා වල සනීපාරක්ෂක කම්කරු වන් ඇරුනහම ඉන්න ඔක්කොම පගා මරුවො. විශේෂයෙන්ම TO ලා. ඒගොල්ලන්ට හැමදාම අවුරුදු . ප්‍රාදේශීය සභාව අය මගෙන්ම සැලසුමක් අනුමත කරන්න හොදට පගාව ගත්තා.
ආණ්ඩුවේ මන්ත්‍රීලා පාර්ලිමේන්තු ආවානම් ඔහොම වෙන්නේ නැහැනේ. ඔබතුමා අහල නැද්ද රජතුමාට සුදුහකුරු හදපු හැටි. විපක්ෂයේ ඉන්නේ රජුට සුදු හකුරු හැදුව වගේ වැඩ කරන අය කියලා අපිනම් දන්නවා.