( නිමන්ති රණසිංහ)
බොරැල්ල පොලීසියේ රථවාහන ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කිරීමේ සිද්ධිය සම්න්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධානාගාරගත කර සිටි උමේෂ් රත්නායක නැමැත්තා ලක්ෂ 05 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අද නියෝග කර තිබේ.
අද (01) ඔහු කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චලනි පෙරේරා මහත්මිය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරිණි.
ස්ථානාධිපතිවරයා පසුගිය මස 23 වැනිදා අලුයම යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටියදී බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.
අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතල තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සතියකින් පමණ අනතුරුව ඔහු මිය ගියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මරණයක් සිදුකල අයෙකුට ඇප දෙන්න පුලුවන්ද ? මේ මියගියේ පොලිස් රථවාහන ලොක්කෙක්.
ගොඩක් මිනිස්සු ඇප දීමයි, දඬුවම් දීමයි පටලවාගෙන... මිනීමැරීම් වලටත් ඇප දෙනවා. (අමතක අය බලන්න අර එස්ෆ් ලොක්කා කියන පාතලයාට ඇප දුන්නේ මතක විදියට අවුරුද්දකට හරි දෙකකට හරි ගියාට පස්සේ). ගොඩක් වෙලාවට අනිත් පාර්ශවයෙන් සහ පොලීසියෙන් විරෝධයක් නැත්තම් ඇප දෙනවා. ඊට පස්සේ ඉතින් නඩුව යනවා. අවසානයේ තීන්දුව ලැබුණාම තමයි දඩුවම් නියම වෙන්නේ. මාධ්‍ය මහත්වරු මේවා පොඩ්ඩක් පැහැදිලිව මිනිස්සුන්ට කියලා දෙනවා නම් ලොකු දෙයක්...
බීමත්ව රිය පදවා මිනීමැරීමක්... වරදවල් දෙකක්.. දවස් කියක් රිමාන්ඩ් එකේ හිටියාද? මුලින්ම මේ නඩුව ඇසූ හා ඔහුව රිමාන්ඩ් කල ගරු විනිශ්චයකාරතුමා කවුරුන්ද? මෙවැනි වරදකට කොයි නීතිය යටතේද නඩු පවරන්නේ? එම නීතිය යටතේ ඇප දිය හැක්කේ කුමන අධිකරණයකටද? රාජ්‍ය වාහනයක්... රියදුරුට රාජ්‍ය වාහන පැදවීමේ අවසරය නීත්‍යානුකූලව ලබාදී තිබේද? මෙවැනි කාරණා යම් කෙනෙකුන් විසින් පළකලොත් නීතිය හා අධිකරණයේ සාධාරණත්වය පිළිබඳ මහජන කුතුහලය සමතයකට පත්කළ හැකිය. එසේ නැතිනම් මේකත් ඉතින් "ඇත්තෝ කති බොති නැත්තෝ ලෙවකති " තමයි...
නඩුත් හාමුදුරුවන්ගේ, බඩුත් හාමුදුරුවන්ගේ කියලා කියමනක් තියෙනවනේ.
මේවා මෙහෙම සිදුකරන නිසානේ ලංකාවට ජාත්‍යන්තරයෙන් බලපෑම් එල්ල වී තිබෙන්නේ .ඊට පසුව කෑ ගහනවා ඔන්න අපිව දන් ගෙඩියට දක්කනවෝ කියා. බමුණට කේන්ති යයිද දන්නේ නැහැ .