(අජිත්ලාල් ශාන්තඋදය)
ලංකාව පුරා පිහිටි ඇළදොළ ගංගා ආදියේ ජලය උපයෝගී කරගෙන කුඩා පරිමාණයේ ජල විදුලි බලාගාර තැනීම සඳහා අයදුම්පත් 3500ක් ඇතත් තව ඉදිකළ හැක්කේ කුඩා පරිමාණ විදුලිබලාගාර 75 ක් බව ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරියේ පුනර්ජනන බලශක්ති අධ්යක්ෂ අතුල ජයතුංග මහතා පවසයි.
මේ වනවිට රත්නපුර, කෑගල්ල, නුවරඑළිය ඇතුලූ තෙත් කලාපිය කදුකර ප්‍රදේශ ආශ්‍රිතව කුඩා පරිමාන පෞද්ගලික ජල විදුලි බලාගාර වලින් සැලකිය යුතු මෙගවොට් ප්‍රමාණයක් ජාතික ජල විදුලි බල පද්ධතියට එක්වන බවද ඒ මහතා පැවසීය.
කෙසේ වෙතත් 2015 වර්ෂයෙන් පසු කිසිදු කුඩා පරිමාන ජල විදුලි බලාගාරයකට අවසර දී නැති බවද අතුල ජයතුංග අධ්යක්ෂවරයා රත්නපුරේ දී ජනමාධ්‍යවේදීන් අමතමින් පැවසීය.
තාක්ෂණයේ හැරවුම් ලක්ෂයක් පැමිණිය හොත් බලශක්ති අර්බුදයක් ඇතිවනු ඇතැයි සැක පහළ කරන බව කී අතුල ජයසිංහ මහතා කුඩාපරිමාන ජල විදුලි බලාගාරයකින් නිපදවන විදුලිය මෙගාවොට් එකකට යන මිලත් ඞීසල් විදුලි බලාගාරයකින් මෙගාවොට් එකක් නිපදවීමට වැයවන මිලත් අතර ඇත්තේ විශාල පරතරයක් බවද පෙන්වා දුන්නේය.
කුඩා ජල විදුලි බලාගාරයක් සඳහා අවසර දීමේ දී බලාගාරය ඉදිකිරිම සඳහා ඉල්ලූම්කරන ප්‍රදේශයේ වැසි ලැබීම් ඇතුලූ ස්වභාවික පරිසර පද්ධතියේ වසර දහයක ඉතිහාස තොරතුරු සැලකිල්ලිට ගන්නා බව ද කීවේය. ආයතන ගණනාවක නිර්දේශ ලබාගත් පසු කුඩා පරිමාණ ජල විදුලි බලාගාර ඉදිකිරිමට අනුමැතිය පුනර්ජනනීය බලශක්ති අධිකාරියෙන් ලබාදෙන බව ද කීවේය.
එහෙත් ඇතැම් ප්‍රදේශවල සංවිධානාත්මක පිරිස් ආයෝජකයන්ගෙන් මුදල් බලාපොරොත්තුව විරෝධතා පවත්වා රටේ බලශක්ති අර්බූදයට පිළියම් ගෙනෙන කුඩා පරිමාන ජල විදුලි බලාගාර ඉදිකිරිමට බාධාකරන බව ද කීවේය.
‘‘මේවා කරන්නේ තණ්හාවට. අනුන්ගේ දේවල් හොයන්නේ නැතුව අපි කෙටි කාලයක් ඉවසමු. කුඩා ජල විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුත්ත ආරම්භ කරනවිට පියවරයන් ගණනාවක් පහුකලා ඇවිත් තියෙන්නේ. අනුන්ගේ දේවල් ගැන සොයනනේ නැතුව, තණ්හාව, ආශාව, කුහකකම ඉවතලා වෙනවැඩක් බලාගමු’’ යැයි කීවේය.
කුඩා පරිමාණ ජල විදුලි බලාගාර සඳහා අවසර ලබාගත් අයට හෝ සමාගම් වලට අභිමත පරිදි පරිසර හානි සිදුකර ඒවා ඉදිකරන තෙක් නිහඬව සිටිය යුතුද යැයි එවිට මාධ්‍යවේදීන් විමසුවේය. අතුල ජයසිංහ අධ්යක්ෂවරයා පැවසුවේ පරිසර හානියක් නොමැතිව කිසිම ව්‍යාපෘතියක් හෝ සංවර්ධන කටයුත්තක් කළ නොහැකි බවයි.
රත්නපුර සහ කෑගල්ල දිස්සත්රික්ක වල අවසර දී ඇති කුඩා පරිමාන ජල විදුලිබලාගාර ඉදිකිරීම සම්බන්ධයෙන් ස්ථාන ගණනාවකින් මේ වනවිට මහජන විරෝධයන් මතුව තිබේ.
සබැඳි පුවත්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය ඉතාමත් අකාර්යක්ෂම ක්‍රමයක්. සම්පත් නාස්තියක්. පරිසරයට හානියක්. මේවා නැතුව හරියට විදුලිය නිපදවන ව්‍යාපෘතියක් පටන් ගන්න. මේක හැමදාම පායන කොට ලයිට් නැතිවන දැන දැනත් කරන අනුවන දෙයක්. වයි ෆයි, ඉන්ටර්නෙට් තිබුනට මදි. ලයිට් සහ වතුර හරියට සපයා ගන්න බැරි රටක් වීම ලැජ්ජාවට කරුණක්.
සූර්ය බලශක්තිය මගින් මෙවැනිදේ ඇතිකල නොහැකිද
අතුල ජයසිංහ කියන ඊනියා බුද්ධිමතාට නොතේරෙන සත්‍ය නම්, පරිසරය විනාශකර ස්ථාපිත කරන බලාගාරයක් ස්වභාවික ජලය නොමැතිව ක්‍රියාත්මක වන්නේ කෙසේද යන්නය්
මේ අර්බුදයට හොදම විසදුමක් තමයි. රජයෙන් පහසු ගෙවීමේ ක්‍රමයට නිවාස වලට, විදුහල් වලට, පෞද්ගලික හා රජයේ ආයතන වලට සූර්ය කෝෂ ලබා දීම. ලංකාව වගේ හිරු එලිය වැඩි රටවල් වලට අඩු වියදමින් නොකඩවා විදුලිය ලබා ගැනීමේ හොදම ක්‍රමය මේක.
කුඩා ජලවිදුලි බලාගාර හොඳයි.. වහින කාලෙට. නමුත් පෑවිල්ල කාලෙට සෝලර් බලාගාර තමයි නියම විසඳුම...
හොඳයි පහුගිය දවසක බඹර කන්ද දිය ඇල්ලටත් වැඩක් දීලා කියලා දැන ගන්නට ලැබුණා. දැන් ඉතිරි වෙලා තියෙන කුඩා දියඇලි ටිකටත් වැඩක් දුන්නාම ඔක්කොම සම්පූර්ණයි. ගේදොර නඩත්තු කරන්න බැරි සමහර බේබද්දනුත් ගෙදර බඩු මුට්ටු, ළමයි හා බිරිඳත් විකුණලා කොහොම හරි යැපෙන්න බලනවා...
මෙතන ප්‍රතිචාර දක්වන සමහරු ගැටළුව තේරුම් අරගෙනවත් නෑ. ලංකාවේ තව දුරටත් මහා පරිමාණ ජල විදුලි බලාගාර හදන එක ප්‍රායෝගික නෑ. ඒකයි කුඩා පරිමාණ ජල විදුලි බලාගාර හදන්නේ. හරියට විදුලිය නිපදවන්න කතා කරන අයට මොකක්ද තියෙන යෝජනාව? සූර්ය බලශක්ති බලාගාරවලින් විදුලි පරිහෝජනය අධික රාත්‍රී කාලයට විදුලිය ගන්න බෑ වගේම වලාකුළු සහිත අහසක් ආවොත් නිෂ්පාදනය ඇණ හිටිනවා. විශාල විදුලි පරිභෝජනයක් (මසකට ඒකක 200 වගේ ඉක්මවන) තැනකට නම් දීර්ඝ කාලීන ආයෝජනයක් කියලා සෝලාර් පැනල ගන්න හැකියි. මොකද ආයෝජනයේ ප්‍රති ගෙවුම් කාලය වැඩියි. සෝලාර් පැනල වල...
පරිසර හානි අවම වන අකාරයෙන් අදාල ප්‍රමීතීන්ට අනුව ජල විදුලි බලා ගාරයක් ඉදිකිරීම් කල හැකි යෝග්‍ය ස්තානයක්, අප සතුව තිබෙනවා, ස්වභාව ධර්මයට හානියක් නොවන ලෙස හා බාහිර ගැටලු වලින් තොරවූ ස්ථානකි.