( ජයමාල් චන්ද්‍රසිරි)
පන්නිපිටිය ඇතුළු ප්‍රදේශ කිහිපයකට කිසිදු දැනුම් දීමකින් තොරව ජලය කපා හැරීමෙන් මහජනයා පීඩාවට පත්ව ඇතැයි කියති.
ඊයේ රාත්‍රියේ සිට මේ වන තෙක් තවමත් ජල සැපයුම් කටයුතු සිදු නොවන බැවින් දෛනික රාජකාරී සිදු කිරීමේදී ප්‍රදේශවාසීන් ,පෞද්ගලික මෙන්ම රාජ්‍ය ආයතනයන්හිද පිරිස් අපහසුතාවට පත්ව ඇතැයි කියති.
මහරගම, පන්නිපිටිය, අරලිය උයන,දෙපානම,කොට්ටාව , කලල්ගොඩ ආදී ප්‍රදේශ රැසක ජනතාව මෙම ගැටලුවට මුහුණ පා සිටිති.
දින කිහිපයක් තිස්සේ මේ අයුරින් විටින් විට ජලය කපා හැරීමෙන් ඔවුහු දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇතැයි කියති.
ජලසම්පාදන මණ්ඩලයේ හදිසි ඇමැතුම් ඒකකය (1939 ) අමතා මේ පිළිබඳව විමසීමේදී මහරගම ප්‍රාදේශිය ජල සැපයුම් අංශයේ ඉංජිනේරුවරිය සම්බන්ධ කර දුන් අතර ඇය සඳහන් කළේ නල කිහිපයක අලුත් වැඩියා කටයුතු කිහිපයක් හේතුවෙන් මෙලෙස ජල කප්පාදුව කර ඇති බවයි.
ඇතිව ඇති තත්ත්වය හැකි ඉක්මනින් එය යථා තත්ත්වයට පත් කරන බව පැවසු ඇය මහරගම පමණක් නොව හදිසියේ ප්‍රදේශ කිපහිපයකම ජලය කප්පාදු කර ඇති බවත්, සවස් වන විට කෙසේ හෝ ජලය ලබා දීමට කටයුතු කරන බවත් සඳහන් කළාය.
එමෙන්ම මේ වන විට ඇති විදුලි කප්පාදුව හේතුවෙන් කිසිවක් නිසි අයුරින් සිදු කරගත නොහැකි වි ඇති බවද සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කඩවත පින්තලිය මාර්ගය දින පහක්වත් ජලය බැහැලා නැහැ
ජලසම්පාදන මණ්ඩලය විසින් මෙමකප්පාදුව කලින් දන්වුවානම් අපි කිසියම් ප්‍රමාණයක් ජලය රැස්කර ගන්න තිබුණා. කෙසේ වෙතත් මොවුන් ඇමතීමට දී ඇති අංකවලින් මොවුන්ට කතාකොරන්න බැරිය. කොහොම හරි ඉංජිනේරුවාට කතා කලොත් මිනිහා තව එකෙකුගේ අංකයක් දීලා ශේප් වෙනවා අන්තිමට ඉන්ජිනරුවා කතාකොරන්නෙත් නැත දීපු අංකය කතා කොරන්නෙත් නැත. අලුත්වැඩියාවක් කරන්න තිබෙනවානම් එයකළ යුතුය නමුත් කලින් දැන්වීම ඔවුන්ගේ වගකීමක් බව මේ ගොබ්බයින්ට කිසිවෙක් කියාදී නැත. මම මොවුනට කතා කලේ වතුර කැපීම ගැන කතා කරන්න නොව බටයක් කැඩී වතුර අපතේ යනබව කීමටය. දින 3 ක කාලය තුල මට මොවුනට ඒ පණිවිඩය දීගන්නට බැරිවිය. පුදුම මිනිස්සු ටිකක් නේද මුන්.
මිරිහාන ප්‍රදේශයට දින තුනක් තිස්සේ වතුර නැහැ. ඒ මදිවට කරන්ට් එක කපනවා. රෑට ගෙදර ගිහින් ළිං හොයාගෙන කළුවරේ යන්න ඕනේ. කෑමක් උයාගන්න විදිහක් නැහැ. නිදාගන්න නැහැ තියෙන රස්නෙට. ගම්පෙරලිය කිව්වේ මේකට වෙන්න ඇති. කවදාහරි ජන්දයක් තියයිනේ. එතකම් ඉන්නම් ඉවසගෙන.
හොයල බලන්ට ඕනේ ඔය විදුලිය සහ වතුර කැපිල්ල කොළොඹ 7 පැත්තෙත් තියනවද කියල. හැම වෙලේම උන්ට කිරි අපිට කැකිරි.