(ජයන්ත සමරකෝන්)
අලුගෝසු තනතුර සඳහා අද (02) පැවැති සම්මුඛ පරීක්ෂණයට උපාධිධාරියකුද සහභාගීවී සිට ඇතැයි බන්ධනාගාර මූලස්ථානය කියයි.
මෙම සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් 39 දෙනෙක් කැඳවා ඇතත් පැමිණ ඇත්තේ 19 දෙනකු බවත් අමාත්‍යංශය කියයි.
ඔවුන් අපොස සාමාන්‍යපෙළ හා උසස්පෙළ සමත් වුවන් බවද එහි උසස් නිලධාරියෙක් පැවසීය.
මෙම තනතුර සඳහා අවම සුදුසුකම් වනුයේ අපොස සාමාන්‍යපෙළ විෂයන් 6 ක් සහ සම්මාන සාමාර්ථ 2 ක් පමණි.
හෙට(03) පැවැත්වෙන සම්මුඛ පරීක්ෂණයට අයදුම්කරුවන් 40 ක් කැඳවා තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොදු මහත් ලාංකික ජනතාවගේම අනාගත පරපුර ඇතුළුව බෙල්ලට තොන්ඩුව දාන 225 දෙනාම මෙම තනතුර සඳහා සුදුසු වේ.
ඇත්තටම මේ අය ඉල්ලුම් කරන්නේ විරැකියාව නිසා මිස මිනිස්සුන් එල්ලා මැරීමට ඇති ආසාව කියලා මට නම් හිතෙන්නෑ.
ඒකත් එකටම ලංකාවේදී දොස්තර උපාධිය ගත්තු කෙනෙක් වෙන්න ඇති.
උපාධිදාරියාටනම් පළපුරුද්දත් ඇති. නවක වදය දීලා.
පළපුරුද්ද ඕන නැද්ද?
මං නම් කියන්නේ එල්ලුම් ගහ ප්‍රාථමික වැඩියි. දියුණු ජාතියක් වන අපේ රටේ පුද්ගලයන් අතුරුදහන් කිරීම කලක සිට පවත එන චාරිත්‍රයක් බව අපි කවුරුත් දන්නවා. වෙන එකක් තියා ඒකට කොමිසමකුත් තියෙනවා. එල්ලුම් ගහ වෙනුවට අපරාධ කාරයන්ව අතුරු දහන් කිරීම පටන් ගත්තොත් නවීන තාක්ෂණයටත් ගැලපෙන ගමන් මානව හිමිකම් කාරයින්ගෙනුත් ගැලවිලා ඉන්න පුළුවන් කියලයි මට හිතෙන්නේ.
කලන්තේ දන අය නම් තෝරාගන්න එපා .නැත්නම් කුඩු කාරයෝ එල්ලනකොට එහෙම වෙන්න පුළුවන්. මේවා හීනද දන්නේ ජනපති විතරයි.
බමුණෙකුත් එනවා කියලා ආරංචියි ?