(එෆ්.අස්ලම්)
ඌව පළාතේ සියලු රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල රාජකාරියේ නිරත වෛද්‍යවරුන් හෙට (03) සිට අඛණ්ඩ වැඩ වර්ජනයක් අරඹන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාව සඳහන් කරයි.
දෙමෝදර රෝහල මැදින් මාර්ගයක් කැපීමට ඉඩ නොදීමේ හේතුව මත ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා විසින් පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරිය සහ දෙමෝදර රෝහලේ බලධාරීන් සිය කාර්යාලයට කැඳවා බැණ වැදීමට විරෝධය දැක්වීමක් ලෙස මෙම වර්ජනය ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඌව පළාත් ශාඛාවේ ලේකම් වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා සදහන් කළේය.
මෙම මාර්ගය පිළිබඳ අධිකරණයේ නඩු කටයුත්තක් පැවතියදී ඌව මහ ඇමතිවරයා රෝහල මැදින් මාර්ගය ඉදිකිරීමට තැත්කර ඇති බවත් ඊට වෛද්‍යවරුන් විරෝධය පළකිරීම හේතුවෙන් අමාත්‍යවරයා මත පසුගියදා 25 වනදා සිය ආධාරකරුවන් යොදවා රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාගේ නිල නිවසට පහරදී ඇති බවත් 28 වැනිදා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනිතා තෙන්නකෝන් මහත්මිය සහ රෝහල් බලධාරීන් සිය නිල නිවසට කැඳවා තර්ජනාත්මකව බැණවැදී ඇති බවත් හෙතෙම කීය.
මේ සම්බන්ධයෙන් මහ ඇමතිවරයාට ප්‍රසිද්ධියේ සමාවගන්නා ලෙස ඉල්ලා සිටින බවත් මහ ඇමතිවරයා සමාවගැනීම ප්‍රතික්ෂේප කර සිටි හෙයින් ඔහු සමාව ඉල්ලන තාක් හෙට(3)සිට අඛණ්ඩ වැඩවර්ජනයක් ආරම්භ කිරීමට තීරණය කළ බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව ඌව පළාතේ රජයේ රෝහල්වල සහ රාජ්‍ය සෞඛ්‍ය ආයතනවලට අනියුක්තව සේවය කරන වෛද්‍යවරුන් 700ක් පමණ වර්ජනයේ නිරතවන බවත් වෛද්‍යවරුන් පවත්වාගෙන යනු ලබන පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානද වසා දමා එම රාජකාරීවලින් ඉවත්වනු ඇති බවත් රාජපක්ෂ මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි හපොයි මානසික අංශය විතරක් පැය 24ම විවෘතව තියන්න . ඔය මහා ඇමතියි එයාව පත් කරපු එක්කෙනාවයි ඇතුලත් කරනකන් . බල්ලොත් එක්ක නිදියගත්තොත් මැක්කොත් එක්ක නැගිටින්න වෙන විත්තිය නොදත් අය
ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් පෙනී සිටින මහා ඇමතිතුමනී, ඔබතුමා මේ මාෆියා කාරයින්ගෙන් කවදාවත් සමාව යදින්න එපා. මේ මාෆියා නඩයට අවශ්‍ය ලෙසද දැන් මේ රටේ මහා ජනතාව ජීවත් විය යුත්තේ?
කෙසෙල් ගහට කෙටුවටද?
කරුණාකර හෙටදින පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථාන වටලන්න. රටට බොරු ප්‍රචාරය කලාට, පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානවලට ඔය කියන මාෆියා සංගමයේ දොස්තරලා පිටුපස දොරින් ඇතුළු වෙලා ප්‍රතිකාර කරනවා. පුලුවන්නම් අඛණ්ඩව වර්ජනය කරලා පෙන්වන්න..නයින්ට කිරිපොවා ඇති දැඩි කල ජනතාව දැන් නයි වෙනුවෙන් මැරෙන්න සුදානම්. මහ ඇමති තුමාට ජයවේවා!!!
මේ අයට දේශපාලනය කරන්නයි, වර්ජන කරන්නයි ඇරුණහම, රෝගීන්ට බෙහෙත් කරන්න වෙලාවක් නැහැ. මේක තනිකරම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්. මඩු වලිගෙන් තලලා හිරේට දාන්න ඕනා මේ මාෆියා කල්ලිය.
මේ රටේ දේශපාලකයොත්, රජයේ වෛද්‍ය සංගමුත්, පුද්ගලික බස් සංගමුත්, දුම්රිය රියදුරු සංගමුත් එක හා සමානයි. මේ ප්‍රශ්නයට වැඩ වර්ජනයට යන්නම ඕනෙද?
මේ දොස්තරයින් හිතාගෙන සිටින්නේ පළාතේ ජනතාව මහා ඇමතිතුමාගේ පවුලේ උදවිය කියලද? බලාගෙන ගියාම මෙවැනි මානසික විකුර්ති දොස්තරලගෙන් බෙහෙත් ගන්න එකත් භයානකයි. දැන් තමයි තේරුනේ රටේ සෞඛ්‍ය ඇමති වරයා බෙහෙත් ගන්න සිංගප්පුරු යන්නේ ඇයි කියලා.