තරුණයන් අතුරුදන් කිරීමේ සිද්ධියේ නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනාට ඇප පසුගිය සමයේ කොළඹ ප්‍රදේශයේ සිටි ළමුන් ඇතුළු පුද්ගලයින් 11 දෙනකු සුදුවෑන් වලින් පැහැරගෙන ගොස් අතුරුදන් කරන ලදැයි කියන සිද්ධියකට අදාළව රිමාන්ඞ් බාරයට පත් කොට සිටින හිටපු නාවික හමුදා බුද්ධි නිලධාරීන් දෙදෙනා කොන්දේසි සහිත ඇප මත මුදා හැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය නියම කළාය. 30 July 2018
නවක වදයට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා - විජයදාස රාජපක්ෂ විශ්ව විද්‍යාලවල නවක වදය මේ වන විට මිලේච්ඡ හිංසනයක් බවට පත්ව ඇති බවත් ඉදිරියේදී ඊට එරෙහිව නවක වද පනත අනුව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවත් උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. 30 July 2018
ඡන්දය ඉල්ලා ජී. එල්. උසාවි යන්න යයි නිල කාලය අවසන්ව තිබෙන පළාත් සභා තුනෙහි මැතිවරණ පැවැත් වීමට ක්‍රියානොකරන්නේ නම් මැතිවරණ කොමිසම් සභාවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුපවරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 30 July 2018
කංගැට්ටා අල්ලන්න වරෙන්තු ජාතික කෞතුකාගාරයට අයුතු ලෙස ඇතුළු වී පෞරාණික භාණ්ඩ සොරකම් කරන ලදැයි කියන සිද්ධියේ පළමු සැකකරු වූ ලන්සගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් ‘කංගැට්ටා’ නොහොත් ‘බලවලූවා’ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දැනුම් දෙමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා වරෙන්තු නිකුත් කළේය. 30 July 2018
මන්ත්‍රී නිල නිවාසයට ඇතුළු වු රියදුරා ගැන පරික්ෂණයක් ඉල්ලයි මාදිවෙල මන්ත්‍රී නිවාස සංකිර්ණයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු මහතාට අයත් නිල නිවසට බීමතින් හා අනවසරයෙන් ඇතුළු වීමට උත්සහ දැරූ රියදුරා සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් කරන්නැයි අධ්‍යාපන රාජ්‍ය ඇමැති වී රාධාක්රිෂණන් මහතා පොලිසියට දැනුම් දී තිබේ. 30 July 2018
හෙරොයින් විකිණූ දෙදෙනකුට මරණ දඬුවම කොළඹ ප්‍රදේශයේ හෙරොයින් බේදා හරිනු ලැබු කුඩු ජාවාරම් කරුවන් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද මරණ දඬුවම නියම කළේය. 30 July 2018
කුවේට් යුවළට රටින් පිටවීම තහනම් කරන නියෝගයක් සුනඛයකු සම්බන්ධයෙන් ඇති වු සිද්ධියක් මුල්කරගෙන ගුවන් තොටුපළ රේගු නිලධාරීන් පස් දෙනෙකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිටින කුවෙට් ජාතික යුවළට එම නඩුව අවසන් වන තෙක් මෙරටින් පිටවීම තහනම් කරමින් මීගමුව මහේස්ත්‍රාත් සජීන්ද්‍ර ජයසුරිය මහත්මිය අද (30) නියෝගයක් නිකුත් කළාය. 30 July 2018
ආදර කන්දට ගිනි තැබු තිදෙනාට ඇප බළන්ගොඩ නියදගල ආදර කන්දට ගිනි තැබු බවට සැකකරන පුද්ගලයින් තිදෙනෙකු බළන්ගොඩ අඩවි වන කාර්යාලයේ නිලධාරින් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන අද (30) අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ඇප දීමට බළන්ගොඩ මහේස්ත්‍රාත් දුමින්ද පී. මුදුන්කොටුව මහතා නියෝග කළේය. 30 July 2018
උසස් පෙළ උපකාරක පන්ති අද මැදියම් රෑ සිට තහනම් අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති හා දේශන ආදිය පැවැත්වීම අද (31) මධ්‍යම රාත්‍රී 12 න් පසුව තහනම් වන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 30 July 2018
දුම්රිය වැඩවර්ජනය අත්හිටුවයි දුම්රිය රියදුරු නියාමකවරු,ස්ථානාධිපතිවරු සහ පාලකවරු අද (30) මැදියම් රෑයේ සිට ක්‍රියාත්මක කිරිමට නියමිතව තිබු පැය 48 ක දුම්රිය වැඩවර්ජනය තාවකාලිකව අත්හිටුවිමට තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති ජනක ප්‍රනාන්දු මහතා පැවසිය. 30 July 2018
අභ්‍යන්තර ගුවන් ගමන්වලට නව ගුවන් පර්යන්තයක් කටුනායක ගුවන් තොටුපළ පරිශ්‍රයේම අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා නව ගුවන් පර්යන්තයක් ඉදිකිරිමේ කටයුතු ඉදිරි මාසයේ දී ආරම්භ කිරිමට ගුවන් සේවා අධිකාරිය පියවර ගෙන ඇත. 30 July 2018
කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා රිමාන්ඩ් මාතර නගරයේ ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ආයතනයක් මංකොල්ල කෑමට පැමිණ පොලිස් සැරයන්වරයකුට වෙඩි තබා ඝාතනය කර තවත් සිව් දෙනෙකුට තුවාල සිදු කළැයි කියන කොස්ගොඩ තාරක ඇතුළු පාතාල කල්ලි සාමාජිකයින් තිදෙනා හඳුනා 30 July 2018
කුරුඳු පොලු නඩුවේ 7කට වරෙන්තු එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වු කුරුදු පොලු ගැටුමට අදාල නඩු වලට අධිකරණය හමුවේ පෙනී නොසිටි සැකකරුවන් හත් දෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළ මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය එම නඩු තුනම ලබන වසරේ පෙබරවාරි මස 11 වැනි දින දක්වා කල් තැබීමට අද (30) නියෝග කළාය. 30 July 2018
මංගලට බන්දුලගෙන් පෙත්සමක් පසුගිය රජයේ ඉන්ධන මිළ අඩු වැඩිවීම පිළිබඳව අසත්‍ය තොරතුරු ඇතුළත් වන පරිදි රජයේ මුදල් අවභාවිත කර පුවත්පත් දැන්වීම් පළකිරීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා ඇතුළු පිරිසකට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මුලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. 30 July 2018
ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිගේ වැඩ තහනම් ඉංගිරිය ප්‍රදේශයේ දී තරුණයින් දෙදෙනකුට පහර දුන් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ වැඩතහනම් කර ඇති පොලිසිය කියයි. 30 July 2018
මහවැලියේ කොට්ඨාස කළමනාකරුට අල්ලස් දුන් චීන ජාතිකයා අත්අඩංගුවට මහවැලි අධිකාරියේ අගුණුකොළපැලැස්ස කාර්යාලයේ කොට්ඨාස කළමනාකාරවරයාට අල්ලස් ලබා දීමට උත්සාහ කළ චීන ජාතික පුද්ගලයකු අගුණුකොළපැලැස්ස පොලිසිය විසින් අද (30) අත්අඩංගුවට ගනු ලැබීය. 30 July 2018
රොබට් මුගාබේගේ නම ඡන්ද ලැයිස්තුවෙන් ඉවතට වසර ගණනාවකට පසු රොබට් මුගාබේගේ නම ඡන්ද පත්‍රිකාවේ නොමැතිව සිම්බාබ්වේහිදි පැවැත්වෙන පළමු මැතිවරණය අද (30) පැවැත්වෙයි. 30 July 2018
දික්වැල්ල ප්‍රා. සභා මන්ත්‍රීගේ නිවසට වෙඩි ප්‍රහාරයක් මුහුණු ආවරණය කරගෙන පැමිණි තිදෙනෙක් දික්වැල්ල ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිවරයකු වන ප්‍රියන්ත වනිගරත්න මහතාගේ නිවසට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි. 30 July 2018
මහර බන්ධනාගාරය ඉදිරිපිට උද්ඝෝෂණයක් වසර 100 ක් පැරණි මාර්ගයක් වසා දැමීමේ සිද්ධියට විරෝධය දක්වමින් මහර බන්ධනාගාරය ඉදිරිපිට ප්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක් ආරම්භ කර ඇත. 30 July 2018
අල්ලස් ගත් ආනයන - අපනයන පාලකවරයා රිමාන්ඩ් වසර 10 ක් පැරණි වාහන දෙකක් ජපානයෙන් ගෙන්වා ගැනීමට අල්ලස් වශයෙන් රුපියල් ලක්ෂ දෙකක් ඉල්ලා ලබා ගත් බව කියන අපනයන ආනයනය පාලකවරයා ලබන 7 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය. 30 July 2018
රංජන්ගේ අපහාස චෝදනා කෙටුම්පත නීතිපති අධිකරණයට දෙයි නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා අධිකරණයට අපහාස කළ බවට සඳහන් චෝදනා පත්‍රයේ කෙටුම්පත නීතිපතිවරයා විසින් අද (30) ශ්‍රේෂ්ඨාධිකරණයට බාර දෙන ලදී. 30 July 2018
ඉතාලි ජාතිකයාගෙන් පහර කෑ ලාංකිකයාට මාස 2 ක් ප්‍රතිකාර ඉතාලියේ මිලාන් නගරයේ සේවය කරන ශ්‍රී ලාංකිකයෙක් තම ජංගම දුරකතනයෙන් ඇමතුමක් ගනිමින් සිටින විට ඒ අසලින් ගමන් ගත් ඉතාලි ජාතිකයෙක් සිංහල භාෂාවෙන් කතා කිරිම සම්බන්ධයෙන් උරණ වී සිදුකළ පහරදීමක් හේතුවෙන් ලාංකිකයාට රෝහල් ගතවී ප්‍රතිකාර ගැනීමට සිදුවූ පුවතක් පසුගිය 25 වැනි දා එරටින් වාර්තා විය. 30 July 2018
සූරියවැව ප්‍රා. ලේ කාර්යාලයේ වැඩ නවතී සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ප්‍රධාන ගේට්ටුව අවහිර කර පැවැත්වෙන විරෝධතාවක් හේතුවෙන් අද (30) සුරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වැඩ සම්පුර්ණයෙන්ම ඇණහිට තිබේ. 30 July 2018
ලක්ෂ 13 හෙරොයින් දෙහිවලින් සොයා ගනී දෙහිවල ටෙරන්ස් පාරේ බංගලාදේශ කාන්තාවක් නැවතී සිටි කාමරයක සුට් කේසයක් තුළ තිබි රුපියල් ලක්ෂ 13 කට ආසන්න වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් සොයා ගත් බව දෙහිවල පොලිසිය කියයි. 30 July 2018
යාපනයේ කල්ලි ගැටුම් ඇරඹෙයි යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා බවට සැලකෙන පුද්ගලයාගේ නිවසට ඇතුළු ස්ථාන 4 ක පිහිටි නිවාස 4 කට ඊයේ (29) රාත්‍රියේ තියුණු ආයුධ ගත් පිරිසක් කඩා වැදී නිවාස අලාභ හානි රැසක් සිදු කර පලා ගොස් ඇතැයි යාපනය පොලීසිය පවසයි. 30 July 2018
නවාස් ෂරීෆ් අසනීපෙන් සිර දඬුවම් ලබන පාකිස්තානයේ හිටපු අගමැති නවාස් ෂරීෆ් කඩිනමින් රෝහල් ගත කරන ලෙස බන්ධාගාර වෛද්‍යවරුන් එරට බලධාරීන්ගෙන් ඉල්ලා ඇතැයි වාර්තා වේ. 29 July 2018
විදුලි අර්බුදය ගැන හොයන්න නිලධාරීන් කෝප් කමිටුවට කැඳවයි විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සහ විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීමට විදුලිබල අමාතශංයේ හා ආර්ථික කටයුතු අමාත්‍යශයේ ලේකම්වරුන් සහ විදුලිබල මණ්ඩලය හා ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව යන ආයතනවල සභාපතිවරුන් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවට (කෝප්) කැඳවීමට නියමිත බව පාර්ලිමේන්තු ආංචි මාර්ග කියයි. 29 July 2018
ආදර කන්ද ගිනි තැබීමට 6ක් සැකපිට - අක්කර 100ක් ඉවරයි ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නම්පේරියල් නියදගල රක්ෂිතයට ගිනි තැබීම පිළිබඳ සැකපිට හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉඹුල්පේ ප්‍රාදේශිය ලේකම් කිර්ති ජයසිංහ මහතා පැවසීය. 29 July 2018
නැගෙනහිර සංවර්ධන සැලැස්මේ අරමුණ අගමැති කියයි යුද්ධයෙන් බැට කෑ නැගෙනහිර ගම් ගණනාවක් ඉදිරියට ගෙන යාම නැගෙනහිර සංවර්ධන සැලැස්මේ අරමුණ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මඩකලපුවේ දී අද පැවසීය. 29 July 2018
මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ 2ක් මේ වසරේ සිට අලුතින් වෛද්‍ය පීඨ දෙකක් ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි. 29 July 2018
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026