(ටී.කේ.ජී.කපිල )
රුපියල් දෙකෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා මත් පෙති තොගයක් සමඟ ඒවා රැගෙන යෑමට පැමිණි පුද්ගලයෙකු කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇත.
මෙම මත්ද්‍රව්‍ය පෙති 5,500 ක් පාර්සල් 06 කට සකස් කර , ඒවා ශබ්ද වාහිනී උපකරණයක් තුළ සඟවා බෙල්ජියමේ සිට මෙරටට එවා තිබුණි.
කොළඹ ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි පුද්ගලයකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු පැරණි ගොඩනැගිලි කඩා ඉවත් කිරීමේ කොන්ත්‍රාත්කරුවෙකි. ශබ්දවාහිනී උපකරණය රැගෙන කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත පැමිණ සිටියදී රේගු නිලධාරීන් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි.
ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ගුවන් තොටුපළ, වරාය හෝ කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ දී මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති විශාලතම මත් පෙති තොගය මෙය බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාවත් සිරිසේන මහත්තයාගේ ලැයිස්තුවට එක්කරන්න..
මරණ දඬුවම නම් සක්කරයා කිව්වත් ගේන්න එපා පුතෝ...
අල්ලාගෙන අර ඇස් වහගෙන තරාදියක් එල්ලන් ඉන්න නංගි බබාට දෙන්න. ඔප්පු කරන්න තර්ක නෑ කියලා එළියට දායි..