රන්ජන්ට එරෙහිව පුරවැසියකුගෙන් පැමිණිල්ලක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සිය ෆේස් බුක් ගිණුමේ පසුගිය පෙබරවාරි 13 දින ගුවන් හමුදා විශ්‍රාමිකයන් කිහිප දෙනෙක් සමග සජීවී සංවාදයක් පවත්වමින් රාජ්‍ය ආරක්ෂාවට හානිකර ප්‍රකාශ කරමින් ත්‍රිවිධ හමුදාව විවේචනය කරමින් හමුදා සේවය පොදු මහජනයාට සහ හමුදා සේවයට එන්නට බලාපොරොත්තුවන අයට එපා කරවමින් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා නීතිමය පියවර ගන්නැයි අද (27) ජී.පී. නිස්සංක යන අය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානයට පැමිණිල්ලක් 27 February 2019
මැද්දවත්ත විශ්ව විද්‍යාලයේ වී ගබඩාවක් ආරම්භ කිරීමට විරෝධය මාතර මැද්දවත්ත විශ්ව විද්‍යාල විද්‍යායතන භූමියේ වී ගබඩාවක් ආරම්භ කිරීමට විරෝධය පළ කරමින් එහි සිසුන් ආරම්භ කළ උද්ඝෝෂණ හේතුවෙන් මේ වන විට එම ප්‍රදේශය තුළ දැඩි නොසන්සුන්කාරී තත්වයක් හට ගෙන ඇත. 27 February 2019
දිල්ලියට උතුරින් පිහිටි ගුවන්තොටුපළ කිහිපයක් යළි විවර කෙරේ කාශ්මීරයේ පිහිටි ඉන්දු - පාකිස්තාන දේශ සීමාවේ ඇතිවී තිබෙන යුද උණුසුම හේතුවෙන් ජම්මු කාශ්මීරය, පන්ජාබ් සහ හිමාචල් යන ප්‍රදේශවලට අයත් ගුවන් තොටුපළ අටක් වසා දැමීමට ඉන්දීය රජය පියවර ගෙන තිබිණි. 27 February 2019
අදහස් පළ කිරීමේදී වගකීම් සහගතවන්නැයි අගමැති කියයි එක්සත් ජාතික පෙරමුණේ මැති ඇමතිවරුන් හා මන්ත්‍රීවරුන් ජනතා සේවය කිරීමේදී මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේදී දැඩි වගකීමෙන් යුතුව කටයුතු කළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී අද(27) පැවසීය. 27 February 2019
කිරිවෙහෙර නාහිමිට වෙඩි තැබීමේ සිද්ධියේ සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ් කතරගම කිරි වෙහෙර නාහිමි ඝාතනය කිරීමේ සැලසුම අනුව කළ සියලූ පරික්ෂණ අනුව රස පරික්ෂක දෙපාර්තමේන්තුවට යවන ලද නඩු භාණ්ඩ සම්බන්ධයෙන් හා රුධිර සාම්පල් සම්බන්ධ වාර්තා ලබා ගැනීම සදහා එම ආයතන වලට පසු විපරම් ලිපි යවන ලෙසත් සිද්ධියට සම්බන්ධ සියලූම සැකකරුවන් මාර්තු 13 වන දින දක්වා යළි බන්ධනාගාර ගත කරන ලෙස තිස්සමහාරාම මහේස්ත්‍රාත් කාංචනමාලා ගුරණසේකර මහත්මිය 27වනදා නියෝග කළාය . 27 February 2019
‘ඉවසුවා ඇති’ පළමු ජන රැළිය මාර්තු 08 වැනිදා ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන ‘ඉවසුවා ඇති’ ජන රැළි මාලාවේ පළමු රැළිය විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මාර්තු 08 වැනිදා පස්වරු 3.00ට මහනුවර දී පැවැත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (27) පැවසීය. 27 February 2019
ජනපති ඝාතන කුමන්ත්‍රණ චෝදනාවෙන් ඉන්දීය ජාතිකයා නිදහස් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතන කුමන්ත්‍රණ සිද්ධියට සැක පිට අත්අඩංගුවට ගෙන මාස 5 ක කාලයක් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ඉන්දීය ජාතික මර්සලිස් තොමස් නැමැත්තා සම්බන්ධ මූලික විමර්ශන අවසන් බැවින් ඔහු මුදා හැරිමට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානයක්කාර මහතා අද නියෝග කළේය. 27 February 2019
නාලක ද සිල්වා තවදුරටත් රිමාන්ඩ් හිටපු නියෝජ්‍ය පොලිස්නාලකද සිල්වා මහතා ලබන මස 06 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ කොටුව වැඩබලන මහෙස්ත්‍රාත් ජයන්ත ඩයස් නානයක්කාර මහතා අද නියෝග කළේය 27 February 2019
පාකිස්ථානය ඉන්දීය ගුවන් යානා දෙකක් බිමහෙළයි කාෂ්මීර ප්‍රදේශයෙන් තම ගුවන් සීමාවට ඇතුළු වූ ඉන්දීය ගුවන් හමුදාවට අයත් යානා දෙකක් වෙඩි තබා බිමහෙලූ බව පකිස්ථානය පවසයි. 27 February 2019
ටවුන් හෝල් අවට වාහන තදබදයක් උද්ඝෝෂණයක් හේතුවෙන් කොළඹ පුරහල අවට මාර්ග දැඩි රථවාහන තදබදයක් පවති. 27 February 2019
රත්ගම ව්‍යාපාරිකයන් ඝාතනයට පොලිස් නිලධාරීන් දෙදෙනා යළි රිමාන්ඩ් රත්ගම ව්‍යාපාරිකයන් දෙදෙනකු පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් පරීක්ෂකවරයා සහ උප පොලිස් පරීක්ෂකවරයා මාර්තු 13 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවල මහතා නියෝග කළේය. 27 February 2019
ඉන්දියාවේ ප්‍රහාරයෙන් පසු සතුට සමරා උත්සව පාකිස්තානයේ ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර එල්ල කරමින් පුහුණු කඳවුරක සිටි සටන්කාමීන් සිය ගණනක් ඝාතනය කළ බව ඉන්දීය රජය විසින් නිවේදනය කරනු ලැබීමත් සමඟ එරට විදීවල සැමරුම් උත්සව පැවැති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි. 27 February 2019
යාපනය සරසවියේ තාක්ෂණ පීඨය වසා දමයි යාපනය විශ්වවිද්‍යාලයේ කිලිනොච්චියේ පිහිටි තාක්ෂණ පීඨය ඊයේ (26) සිට සතියක පමණ කාලයක් තාවකාලිකව වසා දැමීමට විශ්වවිද්‍යාල පාලක සභාව තීරණය කළ බව යාපනය විශ්වවිද්‍යාල උප කුලපති මහාචාර්ය රත්නම් විග්නේශ්වරන් මහතා පැවසීය. 27 February 2019
ඉන්දීය ගුවන් හමුදා යානයක් කාශ්මීරයේදී කඩා වැටෙයි ඉන්දීය ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ඉන්දීය කාශ්මීර ප්‍රදේශයට කඩා වැටී ඇතැයි වාර්තා වේ. 27 February 2019
‘සාගර කේන්ද්‍රස්ථානයක් වීමේදී ශක්තිමත් බාහිර සම්බන්ධතා වැදගත්’ සාගර කේන්ද්‍රස්ථානයක් බවට පත්වීමේ ඉලක්කය සපුරාගැනීමේදී බාහිර ලෝකය සමඟ ශක්තිමත් සබඳතා ඇති කරගැනීම ඉතා වැදගත් යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පැවැසීය. 27 February 2019
ඉන්දුනීසියාවේ රන් පතලක නායයෑමකින් 60ක් අතුරුදන් ඉන්දුනීසියාවේ සුලවාසි දිවයිනේ බොලෑං මොන්ගොන්ඩෝ පළාතේ රන් ආකරයක සිදුවූ නායයෑමකින් 60 දෙනකු පමණ අතුරුදන්ව ඇතැයි වාර්තා වේ. 27 February 2019
නකල්ස් රක්ෂිතයට අවදානමක් අවිධිමත් මානව ක්‍රියාකාරකම් රැසක් හේතුවෙන් ලෝක උරුම නකල්ස් රක්ෂිතයේ පිහිටි පිටවල පතනේ ශාක හා සත්ව කොටස් රැසක් විනාශ වී යෑමේ දැඩි අවදානමකට ලක්ව ඇතැයි දේශිය වනාන්තර සුරැකීමේ සංගමය කියයි. 27 February 2019
ඕපාල්ගල රක්ෂිතයටත් බහිරවයාගේ ඇස මොරගහකන්ද ජලාශය පෝෂණය කරන ජල උල්පත් පිහිටි නාවුල ඕපාල්ගල මහ රක්ෂිතය කිසියම් පිරිසක් විසින් අල්ලාගෙන වැටවල් ගසා වන විනාශයක් ආරම්භ කර ඇතැයි ඕපාල්ගල ප්‍රදේශවාසීහු චෝදනා කරති. 27 February 2019
නවක වෛද්‍යවරු 1080 කට පත්වීම් සෞඛ්‍ය සේවයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා නවක වෛද්‍යවරුන් 1080 කට පත්වීම් ලබාදීමේ උත්සවය සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ දී අද (26) පැවැත්විණි. 26 February 2019
කොකේන් සමඟ බොලිවියානු ජාතික කාන්තාවක් අත්අඩංගුවට කොකේන් කිලෝ 2 යි ග්‍රෑම් 615 ක් සමඟ කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන සිටි 50 හැවිරිදි බොලිවියානු ජාතික කාන්තාවකට මීගමුව මහධිකරණ අද (26) ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 26 February 2019
සත්‍ය හා සංහිදියා යෝජනාව දෙවන වරටත් කල් දමයි සත්‍ය හා සංහිදියා කොමිසමක් පත් කිරීම සඳහා ඉදිරිපත් කරන ලද යෝජනාව කැබිනට් මණ්ඩලය විසින් අද (26) දෙවන වරටත් කල් දමනු ලැබීය. 26 February 2019
පෞද්ගලික පාසල් සිසුන්ගේ විභාග ප්රශ්නය ගැන මානව හිමිකම් කොමිසම කරුණු විමසයි පෞද්ගලික පාසල් සිසුන්ට උසස් පෙළ විභාගයට පෞද්ගලික අපේක්ෂකයන් ලෙස අයදුම්කරන්නැයි විභාග දෙපාර්තමේන්තුවෙන් කර ඇති දැනුම්දීම ගැන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අධ්‍යාපන අමාත්‍යංශයෙන් කරුණු විමසීමක් කර තිබේ. 26 February 2019
මන්ත්‍රීවරුන් 13ක් 2018 දී මැතිසබේ දවසක්වත් කතා කර නෑ පසුගිය 2018 වර්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 13 දෙනකුම පාර්ලිමේන්තුවේදී අදහස් ප්‍රකාශ කර නොමැති බව වාර්තා වේ. 26 February 2019
ඉන්දියාවේ ප්‍රහාරයට පිළිතුරු දෙන්න ඉස්ලාබාද් සැරසෙයි ඉන්දියාව විසින් පකිස්තානයේ ත්‍රස්ත කඳවුරුවලට එල්ල කළ ගුවන් ප්‍රහාර වලට පිළිතුරුදීමේ අයිතිය ඉස්ලාමාබාද් සතුව ඇතැයි පකිස්තාන විදේශ ඇමති ෂා මෙහොමඩ් ක්රේෂි පවසයි. 26 February 2019
සනත් ජයසූරියට වසර දෙකක තහනමක් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ දුෂණ මර්ධන නීති පද්ධතියේ වගන්ති දෙකක් උල්ලංඝණය කළ බව පිළිගැනීම හේතුවෙන් ශී‍්‍ර ලංකා ටෙස්ට් පිලේ හිටපු නායක සනත් ජයසූරියට වසර දෙකක පූර්ණ තහනමක් පැනවීමට අන්තර්ජාතික කි‍්‍රකට් සභාව තීරණය කර තිබේ. 26 February 2019
කප්පම්කරු පහරකා රෝහලේ - වෙළෙඳසල් හිමියත් පුතාත් අත්අඩංගුවට ගාල්ල නගරයේ වෙළඳ සලකින් කප්පම් ගැනිමට පැමිණි පුද්ගලයෙකු වෙළඳසල් හිමියාගේ පහරකැමට ලක්ව තුවාල ලබා මීට ටික වේලාවකට පෙර කරාපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. 26 February 2019
සීමාවාසික වෛද්‍ය පත්වීම් දීම අත්හිටුවමින් අතුරු නියෝගයක් වෛද්‍ය උපාධිධාරීන් සඳහා සීමාවාසික වෛද්‍ය පත්වීම් ලබාදීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) අතුරු නියෝගයක් නිකුත් කෙරිණි. 26 February 2019
උසස් තාක්ෂණ සිසුන්ට කදුළු ගෑස් ප්‍රහාර උසස් තාක්ෂණ ඩිප්ලෝමා සිසුන්ට කොටුව ලෝටස් පාර අසල දී පොලිසිය විසින් කදුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කරන ලදී. 26 February 2019
කෙරවලපිටිය විදුලි බලාගාරයේ ටෙන්ඩරය ගැන සෙවීමට ඇමැති අනුකමිටුවක් කෙරවලපිටිය ඉදිරිකිරිමට යෝජිත මෙගාවොට් 300 ක අනාදෝලනාත්මක ස්වාභාවිත වායු විදුලි බලාගාර ටෙන්ඩරය චීන සමාගාමකට ලබාදීම සම්බන්ධයෙන් සොයා බැලීමට ඇමැති අනුකමිටුවක් කැබිනට් මණ්ඩලය විසින් පත්කරනු ලැබ ඇත. 26 February 2019
ලංගමයේ නව සභාපති උපාලි මාරසිංහ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ නව සභාපතිවරයා ලෙස උපාලි මාරසිංහ මහතා පත් කිරීමට නියමිත බව එම ආමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි. 26 February 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026