(ශාන්ත සෙනෙවිරත්න)
“ග්‍රාම සේවා මට්ටමින් ආණ්ඩුව රැකියාවක් දෙනවා කියනවා. මේ රැකියා දෙන්නේ අදියර දෙකකින් කියලත් ආණ්ඩුව කියනවා. ඒ කියන්නේ ඡන්දෙන් පස්සේ තමයි ඉතිරි කොටස දෙන්නේ. නමුත් ඉල්ලුම්පත් කලින් ගන්නවා. ලක්ෂයකට රැකියා දෙන වැඩේ ප්‍රෝඩාවක්” යැයි එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතා පැවසීය.
කෝට්ටේ පිහිටි සිරිකොත පක්ෂ මූලස්ථානයේ අද(10) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මන්ත්‍රීවරයා මෙසේ කීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු මෙසේද කීය.
“ආණ්ඩුව සමෘද්ධි පවුල්වලින් තෝරාගත් තරුණ පිරිසකට රජයේ රැකියා ලබාදෙනවා කියලා කියනවා. මුලින් ලක්ෂයකටයි දෙනවා කියලත් කියනවා. තෝරන්නේ ග්‍රාමසේවක ග්රාමස සේවා වසම් මට්ටමින් තෝරාගන්නා අයට හමුදා පුහුණුවක් දෙනවලු. එහෙම කරන්නේ ඇයි කියලා කියන්න ඕනෑ.
මේ අය කඳවුරුවලදී ලබන පුහුණුවකින් පසු රැකියා දෙනවා කියලත් කියනවා. මේ වැඩෙන් කොටසකට සමෘද්ධි අහිමිවෙනවා රැකියාව දුන් පසු සමෘද්ධිය නෑ, ග්‍රාම සේවා වසම් 14,000කට වැඩිය රටේ තිබෙනවා. කීදෙනෙකුට රැකියා දෙන්න පුලුවන්ද කියලා ගණන් හදලා බලන්න. මේ දෙන්නේ සාමාන්‍ය කම්කරු රැකියා. දෙන වැටුප ප්‍රමාණවත් නැහැ. අදියර දෙකකින් රැකියා දෙනවා කිව්වට එක් අදියරක් ක්‍රියාත්මක වෙන්නේ ඡන්දෙන් පස්සේ. ඡන්දෙට කලින් දෙන්න බැරි නම් ඇයි කියලා මම අහනවා. මේ ක්‍රියාව ප්‍රෝඩාවක්. දුම්රිය මාර්ග දෙපස ගස් කපන කම්පකරු රැකියා ලබාදෙන්න යනවා. ඡන්දය දුන්නොත් ඉතිරි කොටසට ලැබෙනවා වගේ කතාවක් තමයි අපිට නම් ඇහෙන්නේ. මේ ආණ්ඩුව ජනතාව රවට්ටන්න හදනවා. මේවට අහුවෙනවද කියලා කල්පනා කරලා බලන්න” යැයිද කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ ඔයාලා කරපු වැඩ... දැක්කම ඇඟ හිරිවැටෙනවා. එ් නිසා ඔය ටිකක් ඉන්න... අනුන්ගේ කුණු හොයන්නේ නැතුව ඔයාලා කරන පව්වැඩවලින් දුරස් වෙන්න නැත්නම් මෙදා පාර ගෙදර තමයි...
දේශපාලුවන් කොහොමටත් රැවටිලිකාරයින් කියලා අපි නොදන්නවා නෙවෙයි...
මේ අනිත් කෙනා අවංකද, වංකද, ප්රෝඩාකාරයෙක්ද නැද්ද කියලා "වාචාලයා" වගේ කියවන්නේ නැතිව අවංකද? ප්‍රෝඩාකාරයෙක් නොවේද කියලා ඔය වාචාල කටින්ම කියනවකෝ පළමුව... අනිත් එකාගේ කිළුටු රෙදි හෝදන්නේ.. හරිම පාරිශුද්ධ අපතයෙක්නේ මේ කියවන්නේ... නොදකින්... කවදා අපේ රට ගොඩයයිද මේවගේ අවස්ථාවාදී මූසලයන් රට පාලනය කරනතුර...?
අපේ රටේ ඔක්කොම ප්‍රෝඩා තමයි සර් තියන්නේ. ජනතාවට ප්‍රෝඩා ඔයාලට ප්‍රාඩෝ.... කොහොමද දෙකේ වෙනස....?
සම්පූර්ණ ප්‍රෝඩාවක්. ජනාධිපතිවරණයට දුන්නා වගේ කළනොහැකි බොරු පොරොන්දු...
එහෙනම් ඔයාලාගේ රැකියා දශ ලක්ෂයේ ප්‍රෝඩාවට අහුවෙන්නම්.. එහෙමනේ ආස....!!
දුප්පත්කම දේශපාලන අවියක් කරගෙන දුප්පතා දුප්පතෙක් විදිහට දේශපාලකයන් මතම යැපෙන්න හදා ගත්ත ක්‍රමයක් තමයි හාල් පොත... ඊට පස්සේ ජන සවිය. ඊටත් පස්සේ සමෘධිය. දැන් කම්කරු රැකියා. එදා වේල නැති මිනිහෙක්ට මේවා මහමෙරක් වගේ වුණාට රටේත් ජනතාවගේත් අභිවෘද්ධිය ගැන දේශපාලකයින් අවංකව හිතුවා නම් දේශපාලන බල ලෝභය වෙනුවෙන් ජනතාවගේ දුප්පත්කම පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන මේ ක්‍රමය නැතිවෙලා තියෙන්න ඕනේ. සුද්දා, කළු සුද්දන්ට ලංකාවේ පාලනය භාර දීලා අවුරුදු 72ක් ගියාට පස්සෙත් මේ වතාවෙත් පාලකයන්ගේ ප්‍රතිපත්ති ප්රකාශනවල දුප්පත්කම තුරන් කිරීම, විරැකියාව නැති කිරීම, රට සංවර්ධනය කිරීම, ආර්ථිකය ගොඩ නැංවීම, විදේශ ආයෝජන මත යැපීම වගේ දේවල් තිබීම හාස්‍යයට කරුණක් නෙමේද?
සමෘද්ධි කියන්නේ ජනතාව අගාධයකට දමන, නිකමුන් දිරිමත් කරන දෙයක් ලෙස මා දකින්නේ... මිනිස්සුන්ට දෙන්න ඕනෑ ක්‍රමවේදයන් ආදායම් උපයාගත හැකියි. නිකන් ආධාර නොව...
ප්‍රෝඩා කරපු කෙනා තමයි දන්නේ ප්‍රෝඩාවක් වෙන්න කලින් හැරෙනකොට එ්ක ප්‍රෝඩාවක්ද? නැතිද? කියලා...
ඔයගොල්ලන්ගේ ෆොක්ස්වැගන් ෆැක්ටරිය, නැතිනම් රැකියා දශලක්ෂය, ඒත් නැතිනම් රත්තරන් චේන්, බ්‍රේස්ලට් වගේ ප්‍රෝඩාවක්ද?
ව්‍යාපෘති සහායක ජොබ් 7500ක්ද? ප්‍රෝඩාවක් නෙමෙයිද?
වැඩබැරි ටාසන්ලාට පේන්නේ මේවා ප්‍රෝඩාවල් වගේ තමයි.
සේරම එකවල්ලේ පොල් තමයි.
එහෙනම් කියන්න බලන්න බෝතලේ තිබුණෙ මොනවා කියල
බොරුවට දොඩවනවා.
නියම කෙනා තමයි ප්‍රෝඩා ගැන කතා කරන්නේ. හරියට රන්ජා හොරු ඇල්ලුවා වගේ.
ඔස්කාර් දිනපු පැරසයිට් කියන ෆිල්ම් එක වගේ මමත් එකක් හදනවා පාර්ලිමේන්තුවේ ඉන්න පැරසයිට් 225 ගැන.
අර මත්පැන් බෝතලය වතුර බෝතලයක් කිව්ව එක ප්‍රෝඩාවක් නොවෙයිද?