(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ විනය කඩකළ බවට චෝදනා එල්ල වී ඇති රාජ්‍ය අමාත්‍යවරුන් වන එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන ඩිලාන් පෙරේරා, විජිත් විජිතමුණි සොයිසා යන මහත්වරුන් අවසන් විනය පරීක්‍ෂණ කිහිපයක් සදහා ලබන 14, 15 දිනවල කැදවා ඇතැයි පක්‍ෂයේ මහ ලේකම්, කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පැවසීය.
එස්.බී දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් ලබන 14 වැනිදාත්, විජිත් විජිතමුණි සොයිසා මහතා 15 වැනිදාත් විනය කමිටුව හමුවට කැදවා තිබෙන බව ද මහලේකම්වරයා සදහන් කළේය.
පක්‍ෂ විනය කඩකරමින් ක‍්‍රියා කළ අයට එරෙහි පරීක්‍ෂණ දිගටම සිදුවන බව ද දයාසිරි ජයසේකර මහතා කීවේය. ඔහු මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී අද (11) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ශක්තිමත් කරමින් ඉදිරියට ගෙනයාම සදහාත් මේ වන විට පියවර රැසක් ගෙන ඇතැයි දයාසිරි ජයසේකර මහතා පැවසීය.
ඉදිරි මහ මැතිවරණයේදී සන්ධානයක් ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා එක්ව තරග කර ශක්තිමත් ආණ්ඩුවක් බිහිකිරීමට හා ආණ්ඩුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙනයාමට අවශ්‍ය සියලූ සහයෝගය ලබාදීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අරමුණ බව මහලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

( ඡායාරූපය-ජයමාල් චන්ද්‍රසිරි)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අහිංසක තොත්ත බබාලගෙන් විනයක් බලාපොරොත්තු වෙන්න බැහැනේ. ඒ නිසා ඔන්න ඔහේ ඕක අත්හැර දාන්න.
එල්ලෙන්න වැල් නැති ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ මෙතුමන්ලා විනය පරික්ෂණයකට ගියොත් පුදුමයට කරුණක්.
විනය පරීක්ෂණ සදහා කැඳවන්න යන කෙනාටත් විනයක් තියෙනවද අනේ...
එතකොට මහින්ද ඇතුළු පොහොට්ටුව නියෝජන අනිකුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීලාට විනය පරීක්ෂණ නැත්තේ බය නිසාද? නැත්නම් ඇමතිකම් නොලැබේයි කියලා බයද? මහින්දලා පොහොට්ටුවේ සාමාජිකත්වය ප්‍රසිද්ධියේ ගනිද්දීත්, ඔවුන් තාම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීලා කියලා බොරු සහතික නිකුත් කල ඔයාලාට විනය පරීක්ෂණ නැද්ද?
තමුන්ගේ වාසියට, පැවැත්මට එහෙට මෙහෙට පනින, අනුන්ගෙ කූඩාරම් වලට රින්ගන්නෙ නෑ කියාපු ඔයා ගැනත් අපි හොන්දාකාරවම දන්නවා.
දත් නැතිදා උක් දඩු ගිනි තපින්නද ? තේරවිල්ල පක්ෂයක් බවට පත්වෙමින් සිටියදී මොන විනය පරීක්ෂණද ?
මුළු පොහොට්ටුවටම (ශ්‍රී ලංකා එකෙන් ගිය) විනය පරීක්ෂණ තියන්න වෙයි. හැබැයි ජනතා පරීක්ෂණයෙන් නම් පොහොට්ටුව පිපුනා. පුලුවන්නම් විජිතමුණි සොයිසව යුඑන්පී එකට මුද්දරයක් උඩ අත්සන් කරලා දෙන්න. හැබැයි මෙතන ෆවුසිගේ නමත් නැහැ ප්‍රසිද්ධියේ යුඑන්පී එකට සහය දීපු චන්ද්‍රිකාත් නැහැ.
දයාසිරි, මයුරපාද ඉස්කොලෙටත් ලැජ්ජයි. එහාට මෙහාට පනින රිලවුන් වෙනුවට ඔය ඉස්කෝලෙන් ඇති කලේ වීරෝදාර රණවිරුවන්...