( බිඟුන් මේනක ගමගේ )
වරකාපොල ගනේගම ප්‍රදේශයේ දී පසුගිය ජනවාරි 14 වැනිදා නිරෝෂා නිරංජනී නිමල්ශාන්ත නමැති තරුණියට වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් සිදුවන පොලිස් පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසියේ වෙනත් ඒකකයක් යටතට පත්කරන්නැයි එම මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය ජාතික පොලිස් කොමිසමෙන් ලිඛිත ඉල්ලීමක් කර ඇත.
ඝාතනය සිදුකළ බවට සැක කරන යුද හමුදාවෙන් පලා ආ සෙබළෙකු වන හර්ෂ ජයරත්න නමැත්තා හා වරකාපොල පොලිසිය අතර මිත්‍රත්වයක් ඇතැයි ද එමනිසා ඝාතනයට අදාළ පොලිස් විමර්ශන අපක්ෂපාතී අයුරින් සිදු නොවන බවට සාධාරණ සැකයක් ඇතැයි ද කියමින් මරණකාරියගේ වැඩිමහල් සහෝදරිය වන නිශානි මධුෂිකා නිමල්ශාන්ත මහත්මිය මෙම ඉල්ලීම කර ඇත.
සිය නැගණිය ඝාතනය කර මසකට ආසන්න කාලයක් ගෙවී ඇතත් සැකකරු අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය අසමත්ව ඇතැයි ද නිමල්ශාන්ත මහත්මිය චෝදනා කර තිබේ.
ඝාතනයේ ඇසින් දුටු සාක්ෂිකරුවන් වන සිය මව හා බාල
නැගණියගේ ජීවිත ද මෙම පසුබිම යටතේ අනාරක්ෂිතව ඇති නමුත් ඒ සම්බන්ධයෙන් වරකාපොල පොලිසිය ප්‍රමාණවත් සැලකිල්ලක් යොමු කර නැතැයි ද ඇය තම ලිපියේ සඳහන් කර ඇත.
සැකකරු මාදෙනිය ප්‍රදේශයේ ප්‍රසිද්ධියේ කසිප්පු ජාවාරමේ නිරත අයකු යැයි ද එම ජාවාරම ගැන ප්රදේශවාසියකු පොලිසියට පැමිණිල්ලක් කළහොත් පැමිණිලිකරුවන්ගේ සියලු විස්තර සැකකරුට ලැබෙන තත්ත්වයක් නිර්මාණය වී ඇතැයි ද එම ලිපියේ සඳහන් වේ.
තම නැගණිය ඝාතනය වීමට පෙර ඇයගේ ජංගම දුරකතනය පැහැර ගැනීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පසුගිය ජනවාරි 8 වැනිදා වරකාපොල පොලිසියට පැමිණිලි කළේ යැයි ද පැමිණිල්ල විභාග කිරීමට පොලිසියට පැමිණි අවස්ථාවේදී සැකකරු “පොලිසිය මගේ අල්ලේ ඉන්නේ. මම මාසෙකට රුපියල් පනස්දාහක් පොලිසිය වෙනුවෙන් වියදම් කරනවා. ඒ නිසා උඹලා පැමිණිලි දැම්මාට මට කරන්න පුළුවන් දෙයක් නෑ” යනුවෙන් තමාත් මවත් මියගිය නැගණියත් ඉදිරියේ ප්‍රකාශ කළේ යැයි ද නිමල්ශාන්ත මහත්මිය සිය ලිපියේ සඳහන් කර ඇත.
මෙම පැමිණිල්ලෙන් පසුව ජනවාර් 13 වැනිදා රාත්‍රී 7.00ට පමණ සැකකාර හර්ෂ ජයරත්න නමැත්තා තම මව සහ නැගණිය වසන නිවෙසට පැමිණි තර්ජනය කර ඇතැයි ද ඒ ගැන 119 පොලිස් හදිසි ඇමතුම් අංශයට පැමිණිලි කළ නමුත් පොලිසියෙන් පැමිණ ඇත්තේ පසුදින (14) අළුයම 4.00 ට පමණ යැයි ද නිමල්ශාන්ත මහත්මිය චෝදනා කර ඇත.
සැකකාර ජයරත්න නමැත්තා තම නැගණියට හා මවට වෙඩි තබා ඇත්තේ පොලිසිය නිවෙසින් පිටත්වනවා සමගම යැයි ද එම ලිපියේ කරුණු සඳහන් වේ.
සැකකරුගේ කසිප්පු ජාවාරම සම්බන්ධයෙන් තමා ජනමාධ්‍යට කරුණු අනාවරණය කළේ යැයි ද එයින් පසුව ජනවාරි 29 වැනිදා වරකාපොල පොලිස් ස්ථානාධිපතිවරයා තමා එසේ මාධ්‍යට කරුණු කීම ගැන බැණවැදුණේ යැයි ද නිමල්ශාන්ත මහත්මිය තම ලිපියෙහි සඳහන් කර ඇත.
වරකාපොල දොරවක ප්‍රදේශයේ කසිප්පු ජාවාරම මැඩපැවැත්වීම සඳහා වරකාපොල පොලිස් ස්ථානය ක්‍රියාත්මක නොවීම මෙවැනි අපරාධ වීමට මූලික හේතුව යැයි ද මෙම කරුණු සැලකිල්ලට ගෙන තම නැගණියගේ ඝාතනයට අදාළ පොලිස් විමර්ශනය පොලිසියේ වෙනත් ඒකකයකට යටත් කරන්නැයි ජාතික පොලිස් කොමිසමෙන් ඉල්ලා සිටින්නේ යැයි ද එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරකාපොළ පොලීසිය කසිප්පු, ගංජා, කුඩු කාරඉන්ගෙ අතේ නැලවෙන කතාව ඇත්තක්, ඒ පළාත්වල ඉන්න අය අත්විදින කාරණයක්. කොච්චර පැමිණිලි කළත් පලක් නැහැ. අඹේපුස්ස, වරකපොල, අවට ගම්බදව මේ මත්ද්‍රව්‍ය උවදුර තදටම තියනවා. ගම්වසීන් බලයට, මැරකමට බයේ ඉන්නවා.
ගමේ ඉන්න කුඩු මුදලාලි ගැන පැමිණිල්ලක් දැම්මොත් විනාඩියෙන් කුඩු මුදලාලිට පණිවිඩේ යවන පොලිසියක් ඉන්න රටක් මේ. මිනිස්සුන්ගේ ආරක්ෂාවට ඉන්න පොලීසිය රකින්නේ පාතාලයෝ, කුඩු මුදලාලිලා ,හොරු....?
මේක බොහොම ප්‍රසිද්ධ කරුණක්. ගම්වල මිනිස්සු අසරණයි. නීති විරෝධී කටයුතු කරන අය, ප්‍රදේශයේ දේශපාලඥයා සහ පොලිසිය අතර තිබෙන සම්බන්ධතාවය ගැන කථාකිරීමත් භයානක ප්‍රතිඵල ගෙන දෙන දෙයක්. කොටකෙතන ඝාතනවලට තවම පැහැදිලි උත්තර හොයා ගන්න බැරි වුණේ ඇයි ? සමාජ සාධාරණත්වය ගැන කොච්චර කථා කළත් ප්‍රායෝගික තත්වය ඊට හාත්පසින් ම වෙනස්. සාක්ෂිකාරයාගේ ආරක්ෂාව ගැන සහතිකයක් කොයින් ද ? නව දේශපාලන තත්වය යටතේ හෝ නීතියේ, යුක්තියේ ධර්මයේ සාධාරණත්වයක් ඇතිවේ දෝයි සැකයකි තියෙන්නේ. විකල්ප දේශපාලන බලවේගයක් නායකත්වක් රටට අවශ්‍ය වූයේ මේ තිබෙන බියකරු තත්වයෙන් රට සහ ජනතාව බේරා ගැනීමටයි. නමුත් ගරු ජනාධිපතිතුමාට මේ තත්වය වෙනස් කළ හැකි නම් මුළු ජනතාවගේම ගෞරය හිමිවේ.
මෙහෙමත් නිවට නිලධාරීන් පොල්පිති වලිනුත් කපාගන්න පුළුවන්. නිල ඇදුමටත් නිගාකරන මෙවන් බූරුවන් මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් පිහිටවා තිබෙන ආයතනය හෙවත් පොලිසියටත් මහා අවනම්බුවකි. මෙම නිවට නිලධාරීන් අපේ බදුමුදලින් වැටුප් ලබන්නෝය. එබැවින් ආයතන ප්‍රධානියා වන පොලිස්පතිගෙන් අප බලාපොරොත්තු වන්නේ මෙහි සත්‍ය මහජනතාවට දැනගැනීමට සැලැස්වීම හා ඒ ඒ අදාළ වැරදිකරුවන් හැකි ඉක්මනින් ආයතනයෙන් පන්නා දැමීමය. " පොලිස්පතිත් අපගේ බදුමුදල් වලින් ජීවිකාව ගැටගහ ගන්නා " බැවින් ඔහුගේ වගකීම සහ යුතුකම තමන් මහජනතාවගෙන් ලබාගන්න වැටුපට සරිලන සහ අවංක සේවය ඔවුන්ට ලබාදීමය.මෙම අදහස් රටේ මුල් පුරවැසියාට සහ පොලිස්වාතිටද කියවීමට හැකි වේවා !!! මහජනතාවට තම සේවය අවංකව ලබාදීමට බැරි කිසිවෙකු හට වැටුප් ලබාදීමට අප කිසිවිට දායකවීමට ද කැමති නැතිබව මුල්පුරවසියාට මෙන් පොලිස්පතිටද දැන්වීමට අපි කැමැත්තෙමු.
ලංකාවේ පොලිසිය යැපෙන්නේ අසාධාරණෙන් මුදල් හම්බ කරන අයගෙන්.
දුන්වත් තේරුනාද? මම හැමදාම කිව්වේ නීතිය කරවන්නේ එක එක්කෙනාගේ හෙලුව වහගන්න ඒ අයට ඕනේ විදියට.
ඔන්න සමහර පොලිස් ස්ථාන වල තත්ත්වය. රටේ ලොකු උවදුරක් වන මේ කසිප්පු ජාවාරම් නිසා වෙන අපරාධ. මේවා නැති කරන්න බැරි මේ වගේ නිලධාරීන් නිසා.
ඕවා හැකිතරම් මේ මාධ්‍යවලට කියන්න.