රාජ්‍ය නිලධාරීන් 70 ක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට යයි ලිංගික අපයෝජන, නීතිවිරෝධී ලෙස බලපත්‍රදීම ආදී චෝදනා ලැබූ දිස්ත්‍රික් ලේකම්වරුන්, ප්‍රාදේශීය ලේකම්වරුන් ඇතුළු ඉහළ පෙළේ රාජ්‍ය නිලධාරීන් 70 දෙනකු ඉදිරි දිනකදී රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට කැඳවීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 01 September 2019
මාලිංග විස්සයි-20ලෝක වාර්තාව හිමිකරගනී විස්සයි-20 අන්තර්ජාතික තරග වලදී වැඩිම කඩුලු සංඛ්‍යාවක් දවාගැනීමේ ලෝක වාර්තාව මීට ටික වේලාවකට පෙර ලසිත් මාලිංග විසින් හිමිකරගන්නා ලදි. 01 September 2019
කැලණියේ දායක සභාවෙන් අගමැති ඉවත්කළ බවට පළවූ වාර්තා ගැන එජාපය කරුණු දක්වයි කැලණි රජමහා විහාරාධිපති නාහිමියන්ට එල්ල වී තිබෙන දේපල චෝදනා සම්බන්ධයෙන් නිදොස් වීමක් වනතුරු දායක සභාවේ සභාපති ධූරයෙන් ඉවත්ව සිටින බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කලින්ම දැනුම් දී තිබුණු බව එක්සත් ජාතික පක්ෂය ප්‍රකාශ කර සිටී. 01 September 2019
‘කුරුණෑගල මන්ත්‍රී ධූරය සති දෙකක් ඇතුළත පිරවිය යුතුයි‘ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරප්පාඩු වී ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය හිමි වන්නේ කාටද යන්න කුරුණෑගල දිස්ත්‍රික් ලේකම්වරයා තවත් සති දෙකක පමණ කාලයක් ඇතුළත ප්‍රකාශ කළ යුතු යැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ‘ලංකාදීප’ යට අද(1) පැවසීය. 01 September 2019
ජනපතිවරණය ගැන පියවර ගන්න 10 වැනිදායින් පසු මැතිවරණ කොමිසමට බලය ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය පියවර ගැනීමට මේ මස 10 වැනි දිනෙන් පසුව මැතිවරණ කොමිසන් සභාවට බලය හිමිවන බව එම කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය. 01 September 2019
දන්ත පිරවුම්වලට නව විසඳුමක් දත් පිරවීම්වලට විසඳුමක් ලෙස එනමලය ස්වභාවිකව වර්ධනය කිරීමට උපකාරී වන නව ද්‍රව්‍යයක් නිපදවීමට චීන විද්‍යාඥයින් පිරිසක් සමත් වී ඇත. 01 September 2019
ටෙක්සාස් වෙඩි තැබීමකින් 5 ක් මරුට ඇමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ සිදුවූ වෙඩි තැබීමකින් පස්දෙනකු පමණ මියගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 01 September 2019
ඇමෙරිකානු බලධාරීන් හා තලේබාන් සංවිධානය අතර එකඟතාවයක් වසර 18ක ගැටුම් අවසන් කරමින් ගිවිසුමකට පැමිණීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපද බලධාරීන් සහ තලේබාන් සංවිධානයේ සාමාජිකයන් අතර එකඟතාවක් ඇති වී ඇතැයි සාකච්ඡාවලට සම්බන්ධ වී සිටින ඉහළ පෙළේ ඇමෙරිකානු නිලධාරියෙක් පැවැසීය. 01 September 2019
‘විනය ක්‍රියා මාර්ග ගන්නා බව එජාපයෙන් දැනුම් දී නැහැ‘ තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවට එක්සත් ජාතික පක්ෂයෙන් මෙතෙක් කිසිදු දැනුම් දීමක් සිදු කර නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹදී පැවැසූහ. 01 September 2019
අලුත්කඩේ උද්ඝෝෂණ ගැන අධිකරණයෙන් නීති මාලාවක් අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණ බල ප්‍රදේශය තුළ අද (1) දින සිට එළැඹෙන 10 වැනි දා දක්වා උද්ඝෝෂණ, රැස්වීම්, පෙළපාලි සඳහා අධිකරණ නියෝගයක් ලබාදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 01 September 2019
ට්විටර් නිර්මාතෘගේ ට්විටර් ගිණුමට නීතිවිරෝධීව අයෙක් ඇතුළු වෙයි ට්විටර් සමාගමේ ප්‍රධාන විධායක සහ සම-නිර්මාතෘ ජැක් ඩෝර්සි මහතාගේ ට්විටර් ගිණුමට අනවසරයෙන් වෙනත් පුද්ගලයෙක් ඇතුළු වී ඇති බව වාර්තා වේ. 31 August 2019
රිෂාඩ් බදියුදීන්ට ජනතා විරෝධය වෘත්තීය පුහුණු කටයුතු සහ නිපුනතා සංවර්ධන අමාත්‍යංශය විසින් අහංගම අහන්ගම්කන්දේ ඉදිකරවන ලද සංචාරක හෝටල් පාසැල වෘත්තීය පුහුණු නිපුනතා සංවර්ධන, පුද්ගලයින් නැවත පදිංචිකරවීම සහ සමුපකාර ඇමති රිෂාඩ් බදියුදීන් මහතා අතින් අද (31) විවෘත කිරිමට නියමිතව තිබුණද එම උත්සවයට විශාල පිරිසක් විරෝධය පල කිරිම නිසා දැඩි උණුසුම් තත්වයක් ඇති විය. 31 August 2019
සමහරුන්ට මියයන තෙක්ම අර්ධසාධක පාරිතෝෂිකය ලබාගන්න බැරිවෙලා පුද්ගලයෙකු විශ්‍රාම ගොස් සතියක් තුළ සිය අර්ථසාධක පාරිතෝෂිකය ලබාදීමේ වැඩපිළිවෙළක් ලඟදීම සකස් කරන බව කම්කරු හා වෘත්තීය සමිති සබඳතා ඇමති රවීන්ද්‍ර සමරවීර මහතා අද (31) බදුල්ලේදී පැවසීය. 31 August 2019
දීඝවාපි චෛත්‍ය ප්රතිනිර්මාණ කටයුතු ඇරඹෙයි බුදුන් වහන්සේගේ නිය ධාතුව තැන්පත්කල ඵෙතිහාසික දීඝවාපිය විහාරස්ථානයේ අභිනව චෛත්‍ය ප්රතිනිර්මාණ කටයුතු අද 31 දින නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. 31 August 2019
පුතුගේ පහරින් පියා මරුට තම පුතු විසින් එල්ල කළ පහරදීමකින් 54 වන වියේ පසුවන පියෙකු ඔවුන් පදිංචි නිවස තුළදීම ඊයේ (30) රාත්‍රි මිය ගොස් ඇති බව පල්ලම පොලිසිය කියයි. 31 August 2019
අලි රොෂාන් ඇතුළු පිරිසට නීතිපති පවරා ඇති නඩුවට විත්තියේ නීතීඥවරුන්ගෙන් විරෝධයක් වනජීවී දෙපාර්තමෙන්තුවේ තිබූ අලි ලියාපදංචි කරන පොත කූඨ ලෙස වෙනස් කර බලපත්‍ර නොමැති අලි පස්දෙනෙකු ලඟ තබා ගත් බවට චෝදනා කරමින් නීතීපතිවරයා පවරා ඇති නඩුව සම්බන්ධයෙන් මූලික විරෝධතාවයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව විත්තියේ නීතීඥවරුන් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් අතර ලබන සැප්තැම්බර් 18 වැනිදා එම විරෝධතාවය පිළිබඳව කරුණු විමසීමට විනිසුරු මඩුල්ල නියම කළේය. 30 August 2019
සිව් වසරක් උතුරේ ජනතාව රැවටුවා වසර හතර හමාරක් ආණ්ඩුවේ සිටි පිරිස ජනාධිපතිධූරය අහෝසි කරනවා කියා උතුරේ ජනතාව රවටා දකුණේ ජනතාව රට බෙදනවා කියා වෛරයට ලක්කරගත් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (30) පැවසීය. 30 August 2019
‘‘කම්කරු කොංග්‍රසයේ කරුණු 31 ට එකඟවන ඕනෑම අපේක්ෂකයෙකුට සහය දෙනවා‘‘ වතුකරයේ ජනතාවගේ අනාගතය වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්රසය සකස් කර ඇති කරුණු 31 ට එකඟතාවය පල කරන ඕනෑම ජනාධිපති අපේක්ෂකයෙකුට තම පක්ෂයේ සහයෝගය ලබා දෙන බව ලංකා කම්කරු කොන්ග්රසය පවසයි. 30 August 2019
එජාප නායකත්වයෙන් රනිල් ඉවත් විය යුතුයි එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයෙන් රනිල් වික්‍රමසිංහ මහතා වහාම ඉවත් වී දෙවන පෙළ දක්ෂ නායකයෙකුට පක්ෂ නායකත්වය සහ ජනාධිපති අපේක්ෂකත්වය බාරදිය යුතු යැයි එක්සත් නීතිඥ සංගමය පවසයි. 30 August 2019
ප්‍රමාණවත් කරුණු නැතිකමින් රංජන්ගේ නඩුව අවසන් වෙයි පාර්ලිමේන්තුව තුළ කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කරන අමාත්‍යවරුන් සිටින බවට සදහන් කරමින් මහාමාර්ග සහ මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මාධ්‍ය වෙත සිදුකරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ පරීක්ෂණයට අදාළව ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් නොවිම මත එම නඩුව අවසන් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය අද (30) නියෝග කළාය. 30 August 2019
මඩකලපුව බෝම්බකරුගේ සිරුර සුදුසු තැනක මිහිදන්කිරීමට නියෝග පාස්කු ඉරු දින මඩකලපුව සියොන් දේවස්ථානයට බෝම්බ ප්‍රහාරය එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බකරුගේ සිරුර මඩකලපුව කල්ලියන්කාඩු සුසාන භූමියෙන් ඉවත් කර සුදුසු තැනක මිහිදන් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් ඒ.සී. රිස්වාන් මහතා දිසාපතිවරයාට නියෝග කළේය. 30 August 2019
වෙන්නප්පුව ප්‍රා. සබේ මන්ත්‍රිනී තවදුරටත් රිමාන්ඩ් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනී හා ඇගේ සොයුරිය තවදුරටත් ලබන මස 6 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (30) නියෝග කළේය. 30 August 2019
ගෝඨාභයට නිල මාධ්‍ය ප්‍රකාශකවරු දෙදෙනෙක් ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා මැතිවරණ ව්‍යාපාරය සඳහා නිල මාධ්‍ය ප්‍රකාශකවරුන් දෙදෙනෙකු පත්කළ බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සදහන් කරයි. 30 August 2019
‘ගෝඨාභයගේ ජනපති අපේක්ෂකත්වය වෙනස් කරන්නේ නැහැ’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ එක්වුවද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් නම් කර තිබෙන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනාධිපතිවරණ අපේක්ෂකත්වය කිසිදු ලෙසකින්වත් වෙනස් නොකරන බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා අද (30) පැවැසීය. 30 August 2019
‘විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම මේ අවස්ථාවේදී සුදුසු නෑ’ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවත් ඒ පිළිබද මීළඟ මැතිවරණයෙන් පසු සාකච්ඡා කර තීරණය කිරීම සුදුසු බවත් දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් මහතා පැවසීය. 30 August 2019
මැදමුලන නඩුව ඔක්තෝබර් 15 දා සිට දිනපතා විභාගයට හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ ගොනු කර ඇති නඩුව ඔක්තෝබර් 15 වැනි දා සිට දිනපතා විභාගයට ගැනීමට අද (30) අධිකරණය නියම කෙරිණි. 30 August 2019
ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට තර්ජනයක් ආගමික අන්තවාදය ඉන්දීය සාගර කලාපයේ සාමයට සහ ස්ථාවරත්වයට දැඩි තර්ජනයක් යැයි කොළඹ ආරක්ෂක සමුළුව අමතමින් ආරක්ෂක ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා අද (29) පැවැසීය. 29 August 2019
2020 විරුජන සම්මාන උළෙලට අයදුම්පත් කැඳවයි ජාතික විරුජන සම්මාන උළෙල - 2020 සඳහා නාම යෝජනා අයදුම්පත් භාර ගැනීම ආරම්භ කර ඇතැයි වීර පොදුජන පදනම සඳහන් කරයි. 29 August 2019
විජයදාසට - රතන හිමිට එජාපයෙන් විනය පරීක්ෂණයක් එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජයදාස රාජපක්ෂ මහතාට සහ අතුරලියේ රතන හිමියන්ට විනය පරීක්ෂණ කිරීමට එක්සත් ජාතික පක්ෂය තීරණය කළ බව එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය. 29 August 2019
අපේක්ෂකයා තේරීම කළ යුත්තේ නාම යෝජනා කැඳවීමේ නිවේදනයෙන් පසුවයි එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාව අනුව පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා තේරීම කළයුතු වන්නේ මැතිවරණ කොමිසන් සභාව විසින් ජනාධිපතිවරයාට නාම යෝජනා කැඳවීම පිළිබඳ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව යැයි එක්සත් ජාතික පක්ෂ නීති ලේකම් ජනාධිපති නීතිඥ නිශ්ශංක නානායක්කාර මහතා පැවැසීය. 29 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026