IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


අයිස්ලන්තයේ කොරෝනා අවදානම අඩුවෙයි : අනතුරු ඇඟවීම් ලිහිල් කරයි

අයිස්ලන්තයේ කොරෝනා වයිරස සම්බන්ද අනතුරු ඇඟවීම් ලිහිල් කර තිබේ.

ඒ අනුව 200 නොඉක්මවූ පිරිසක් සහභාගී වන මහජන රැස්වීම් සඳහා අවසර ලබා දී ඇති අතර රාත්‍රී සමාජශාලා සහ ජිම් නැවත විවෘත කිරීමට ඉඩ ලබාදී ඇත.

බාර් සහ අවන්හල් රාත්‍රී 11 දක්වා විවෘත කර තැබීමට අවසර තිබේ.

අයිස්ලන්තයේ මේ වනවිට වාර්තා වී ඇත්තේ කොරෝනා ආසාදිතයින් 1 804කි. එහි මරණ 10ක් සිදුවී තිබේ.

එරට බලධාරීන් පවසන්නේ අයිස්ලන්තය යථා තත්ත්වයට පත්වෙමින් පවතින බවයි.

මැයි මාසයේදි වාර්තා වූයේ ආසාදිතයින් 5දෙනකු පමණක් බවත් ආසාදිතයින්ගෙන් 99%ක් පමණ සුවය ලබා ඇති බවත් වෛද්‍ය අංශ පවසයි. 

සූක්ෂම පරීක්ෂණ ක්‍රියාදාමයක්, ආසාදිතයන්ගේ සම්බන්දතා හඹා යෑමේ ක්‍රමයක් සහ සෞඛ්‍යමය උපායමාර්ග අනුගමනය කිරීම හේතුවෙන් වෛරසය පැතිරීම සීමා කළ බව ඔවුහු පවසති.

අයිස්ලන්තයේ රෝහල්වල මේ වනවිට ප්‍රථිකාර ලබමින් සිටින්නේ ආසාදිතයින් තිදෙනෙක් පමණි.

අයිස්ලන්ත ජනතාවගෙන් 16%කට වැඩි පිරිසකට කොරෝනා වයිරස පරීක්ෂණ සිදුකර ඇත.

එහි කුඩා ජනගහනය හා සලකා බලන විට එය වෙනත් අටවලට වඩා විශාල ප්‍රතිශතයකි.

කෙසේවුවද තවදුරටත් සමාජ දුරස්ථ රීතීන් අනුගමනය කිරීමට ජනතාවට උපදෙස් දී තිබේ.

අයිස්ලන්තයේ අගුලු දැමීම් මැයි මස මුල සිට ඉවත් කිරීම ආරම්භ කළ අතර කොණ්ඩා කපන ස්ථාන, කෞතුකාගාර සහ පාසැල් නැවත විවෘත කිරීමට ඉඩ ලබා දුන්නේය.

ඉතිරි සීමාවන් ජුනි 21 දිනෙන් ඉවත් කිරීමට නියමිතය.

කොරෝනා වසංගතය හේතුවෙන් සංචාරක කර්මාන්තය මත යැපෙන අයිස්ලන්තයේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල විය.


(රොයිටර් පුවත් ඇසුරිණි - 085)



අදහස් (0)

අයිස්ලන්තයේ කොරෝනා අවදානම අඩුවෙයි : අනතුරු ඇඟවීම් ලිහිල් කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31674 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14137 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11116 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 190 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1118 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site