මඩකලපු විරෝධයට වියාලේන්ද්‍රන් ඇතුළු 5 කට නොතීසි මඩකලපුව දිස්ත්‍රිකයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වියාලේන්ද්‍රන් මහතා ඇතුලු පස්දෙනකුට මෙම 30 වැනිදා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට මඩකලපුව මහේස්ත්‍රාත්වරයා අද (28) නොතිසි නිකුත් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 28 August 2019
විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් තමන්ට නොතිබූ බව රංජන් කියයි තමන්ට විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත් තමාගේ අරමුණ වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම යැයි තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණ අපහාස නඩුව අද (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගනු ලැබූ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය. 28 August 2019
ඔක්තෝබර් 14 තෙක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කරයි ඔක්තෝබර් 14 වැනිදා දක්වා පාර්ලිමේන්තුව අත්හිටුවනු ඇතැයි බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් අද (28) නිවේදනය කළේය. 28 August 2019
එල්.ටී.ටී.ඊ හැඳුනුම්පත් හැදීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට එල්.ටී.ටී.ඊ සංවිධානය නැවත ගොඩ නැගීම සඳහා කටයුතු කරායැයි සැලකෙන පුද්ගලයෙක් පොලිස් විශේෂ කාර්ය බලකායේ කල්මුණේ කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 28 August 2019
සුප්‍රසිද්ධ නඩු 3කට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු 3ක් රතුපස්වල ප්‍රදේශවාසීන්ට වෙඩි තබා තිදෙනෙකු ඝාතනය කර තවත් 45 දෙනෙකුට තුවාල සිදුකිරීම, මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් මරාදැමීම සහ ලංකාව අවට මුහුදේ ‘පාවෙන අවි ගබඩාවක්’ පවත්වාගෙන යෑම යන සිද්ධීන්ට අදාළ නඩු විභාග කිරීම සඳහා අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා විසින් විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුලු තුනක් අද (28) පත් කරන ලදී. 28 August 2019
කුඩු ජාවාරම්කරුවෙක් ජීවිතාන්තය තෙක් හිරේට අපරාධ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර බාරයේ පසුවෙද්දී වැලිකඩ බන්ධනාගාරය තුළදී හෙරොයින් ළඟ තබාගැනීමේ චෝදනාවකට වරදකරුවු කුඩු ජාවාරම්කරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ජීවිතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම කළේය. 28 August 2019
දණ්ඩනීති සංග්‍රහයේ එන වැරදි සම්බන්ධ දඩ මුදල් වැඩිකෙරේ දණ්ඩ නීති සංග්‍රහයේ සඳහන් වැරදි සම්බන්ධයෙන් වන දඩ මුදල් වැඩි කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 28 August 2019
අන්තරේ පාගමනට ජල හා කඳුළු ගෑස් අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනට කොළඹ - කොටුව ලෝටස් පාර අසල දී මීට සුළු මොහොතකට පෙර පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් එල්ල කරන ලදී. 28 August 2019
ශ්‍රී ලංකන්-මිහින් ලංකා අක්‍රමිකතා සෙවූ කොමිෂන් සභාවේ වාර්තාව නීතිපතිට ශ්‍රී ලංකන් හා මිහින් ලංකා ගුවන් සමාගම්වල සිදුවු බව කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ වාර්තාවේ සඳහන් නිර්දේශ අනුව ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා එය නීතිපතිවරයා වෙත යොමු කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 28 August 2019
ශ්‍රීලනිප සංවත්සරයට පොහොට්ටුවටත් ආරාධනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ 68 වන සංවත්සර සැමරුම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ආරාධනා පත්‍රයක් යොමු කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය. 28 August 2019
නිධන් හාරමින් සිටි 5 ක් අත්අඩංගුවට අවිස්සාවේල්ල නගරය ආසන්නයේ පිහිටි නිවසක් තුළ නිධන් හාරමින් සිටි පුද්ගලයන් පස් දෙනකු අද (28) අලුයම අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 28 August 2019
වැඩවර්ජනයෙන් සියලු විශ්වවිද්‍යාල කටයුතු අඩාලයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව අරඹා ඇති වැඩ වර්ජනය හේතුවෙන් මේ වන විට සියලු විශ්වවිද්‍යාලවල වැඩකටයුතු අඩාල වී ඇතැයි විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති ධම්මික එස්. ප්‍රියන්ත මහතා පැවසීය. 28 August 2019
දුම්රිය ගැටීමට යාමේ සිද්ධියට 4කගේ වැඩ තහනම් දුම්රිය දෙකක් එකට ගැටීමට යාමේ සිද්ධිය සම්බන්ධයෙන් මරදාන සිට කළුතර බලා ධාවනය වෙමින් තිබූ අංක 741 දරන දුම්රියේ රියදුරු, රියදුරු සහායක, ප්‍රධාන නියාමක හා උප නියාමකගේ වැඩ තහනම් කර ඇතැයි දුම්රිය සාමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා පවසයි. 28 August 2019
කුණු ලොරිවල ආරක්ෂාවට හමුදා - පොලිස් ආරක්ෂාව වනාතවිල්ලුව අරුවක්කාලු කසළ අංගනය වෙත කොළඹ සිට කසළ ගෙන එන රථවල ආරක්ෂාවට යුද හමුදා හා පොලිස් නිලධාරීන් 55දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් යොදවා ඇතැයි පුත්තලම පොලිස් අධිකාරි චන්ද්‍රසේන ජයකොඩි මහතා සඳහන් කළේය. 28 August 2019
ගලේවෙලදී වාහන 4ක් ගැටී 11 කට තුවාල ගලේවෙල පොලිස් බල ප්‍රදේශයේ මොරගොල්ල ප්‍රධාන මාර්ගයේ හොම්බාව ප්‍රදේශයේදී අද(28) වෑන් රථයක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයන් 11දෙනෙකු තුවාල ලබා ගලේවෙල සහ දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබෙන බව ගලේවෙල පොලිසිය කියයි. 28 August 2019
දුම්රිය අනතුර නූලෙන් වැළකෙයි කොළඹ කොටුව සිට හලාවත දක්වා ධාවන වන දුම්රිය සහ මරදාන සිට කළුතර දක්වා ධාවනය වන දුම්රිය මරදාන කෝවිල ආසන්නයේදී එකිනෙක ගැටීමට ගොස් නතර වී ඇතැයි දුම්රිය පාලන ආංශය කියයි. 28 August 2019
මඩකලපු විරෝධතාවයට පොලිසියෙන් කඳුළු ගෑස් මඩකලපුව කල්ලඩි පාලම අසල විරෝධතාවයේ නිරත වූ පිරිසක් විසුරුවා හැරීමට පොලිසිය විසින් අද (27) රාත්‍රියේ කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර ඇත. 27 August 2019
ව්‍යාජ ලේඛන පෙන්වා ප්‍රංශයට යෑමට තැත්කළ ගුවන් මගියෙකු අත්අඩංගුවට ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ගමන් බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශ පත්‍ර උපයෝගී කර ගනිමින් මාලදිවයින වෙත යන බව හඟවා ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයෙකු අද (27) කටුනායක ගුවන් තොටුපළේ ආගමන විගමන නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. 27 August 2019
ත්‍රස්තවාදය මඩින්න සහය දෙන බව ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම් කියයි ලංකාවට තවමත් ජාත්‍යන්තර ත්‍රස්තවාදී බලපෑම තිබෙනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙරට විමර්ශකයින් තින්දු කළ යුතු බවත් එලෙස බලපෑම් ඇත්නම් ඒවා මැඩපැවැත්වීම සඳහා තමන් පූර්ණ සහයෝගය දක්වන බවත් ජාත්‍යන්තර පොලිසියේ මහ ලේකම්වරයා කොළඹ හිල්ටන් හෝටලයේ පැවැති මාධ්‍ය හමුවේදී අද (27) ප්‍රකාශ කළේය. 27 August 2019
‘‘බැටික්ලෝ සරසවිය විවෘත කරන්න ඉඩ දෙන්නේ නෑ‘‘ උතුරේ හිටපු මහ ලේකම් හිස්බුල්ලා මහතාගේ ‘බැටික්ලෝ කැම්පස්‘ ආයතනය ලබන ජනවාරියේදී විවෘත කිරීමට තීරණය කර ඇතැයිද එහෙත් ඊට කිසිසේත් ඉඩ නොදෙන්නේ යැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවැසූහ. 27 August 2019
ජනපතිවරණය ගැන හදිසි විය යුතු නෑ ජනාධිපතිවරණය නාමයෝජනා කැඳවීමට තවත් මාස දෙකකටත් වැඩි කාලයක් තිබෙන බැවින් ජනාධිපතිවරණය ගැන හදිසිවිය යුතු නැතැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (27) පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභා රැස්වීමේදී ප්‍රකාශ කර ඇත. 27 August 2019
හකීම්ගේ ක්‍රියාකලාපය කැබ්නට් ඇමැතිවරු විවේචනය කරති බැටික්ලෝ කැම්පස් ආයතනය රජයට පවරා ගන්නැයි යෝජනා කරමින් පාර්ලිමේන්තුවේ අධ්‍යාපන ආංශික කාරක සභාවෙන් දුන් වාර්තාව සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් නොගැනීම පිළිබදව අද (27) පැවති කැබිනට් රැස්වීමේදී ඇමැතිවරුන් කිහිපදෙනෙකු ඇමැති රාවුෆ් හකීම් මහතාගේ ක්‍රියාකලාපය විවේචනය කර ඇතැයි වාර්තා වේ. 27 August 2019
මනෝ ගනේෂන්ගෙන් චන්ද්‍රිකාට චෝදනාවක් ජාතික සංහිඳියා කාර්යාලය තම අමාත්‍යංශය යටතේ ඇති ආයතනයක් වුවද එහි සභාපතිනිය ලෙස කටයුතු කරන හිටපු ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය අමාත්‍යංශ ලේකම්වරයාගෙත් අනුදැනුමකින් තොරව කටයුතු කරන බව ජාතික ඒකබද්ධතා හා රාජ්‍ය භාෂා ඇමැති මනෝ ගනේෂන් මහතා අද (27) පැවති කැබිනට් රැස්වීමේ දී ප්‍රකාශ කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි. 27 August 2019
මෛත්‍රීපාල සිරිසේන මහතා යළි තරඟ කළ යුතුය යන ස්ථාවරයෙන් ශ්රීලනිපය ඉවත් වී නෑ එළඹෙන ජනාධිපතිවරණය සඳහා වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළ යුතුය යන ස්ථාවරයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවමත් ඉවත් වී නැතැයි එහි මහලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසීය. 27 August 2019
ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස්වරිය - විපක්ෂනායක අතර හමුවක් විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා සහ ශ්‍රී ලංකාවේ දකුණු අප්‍රිකානු මහ කොමසාරිස් රොබීනා මාකස් මහත්මිය අතර හමුවක් කොළඹ, විජේරාම මාවතේ පිහිටි විපක්ෂනායක නිල නිවසේදී අද (27) පැවැත්විණ. 27 August 2019
පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවන් ලෙස නම් කර යළිත් ගැසට්ටුවක් පොදු ප්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යළිත් අද (27) අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. 27 August 2019
අගමැති ලේකම්ගෙන් පැය 5 ක් ප්‍රකාශ ගනී කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යන බත්තරමුල්ලේ පිහිටි පෞද්ගලික ගොඩනැගිල්ල පිළිබඳ ලැබී ඇති පැමිණිල්ලට අදාළව අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා අද (27) වත්මන් රජයේ ආයතනවල සිදුවී ඇතැයි කියන දූෂණ වංචා සෙවීමේ ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකය හමුවේ පැය පහකට ආසන්න කාලයක් ප්‍රකාශයක් ලබා දී ඇත. 27 August 2019
ජනපතිට ජාත්‍යන්තර පොලිසියෙන් සම්මානයක් ජාත්‍යන්තර පොලිසියේ මහලේකම් ජර්ගන් ස්ටොක් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සම්මානයක් ලබාදී තිබේ. 27 August 2019
‘‘පාස්කු ප්‍රහාරය ගැන විරුද්ධ පක්ෂයේ අදහස් වලින් ජනතාවගේ දුක පහව යන්නේ නෑ‘‘ පාස්කු ප්‍රහාරය සම්බන්ධව විරුද්ධ පක්ෂයේ සිටින අය මේ මොහොතේ ලබාදෙන පොරොන්දු වලින් ජනතාවගේ දුක පහව යන්නේ නැති බවත් ඉන් අත්වන ප්‍රයෝජනයක් නොමැති බවත් අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණෝ ප්‍රකාශ කර සිටිති. 27 August 2019
සැප්තැම්බර් 2 ඉන්දීය සාගර සමුළුවට අගමැති මාලදිවයිනට මාලදිවයිනේ පැවැත්වෙන ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සැප්තැම්බර් 02 දින මාලදිවයින් රාජ්‍ය බලා පිටත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාල සඳහන් කරයි. 27 August 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026