බොරැල්ල ඕඅයිසී අනතුරට ලක් කළ රියදුරාට ඇප බොරැල්ල පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා අනතුරකට ලක් කර පළා ගිය ඩිෆෙන්ඩර් රථයේ රියදුරා වශයෙන් කටයුතු කළ පුද්ගලයාට එරෙහි අධිචෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ඔහු ඇප මත මුදාහැරීමට අද (5) නියම කළේය. 05 September 2019
යාපනය නගර ශාලාව ඉදිකරන්න කෝටි 235 ක් යුද්ධයෙන් මුළුමනින්ම විනාශයට පත්වූ යාපනය නගරශාලාව මිලියන 2350 ක වියදමින් ඉදිකිරිමට මහනගර සභා හා බස්නාහිර පළාත් සංවර්ධන ඇමැති පාඨලී චම්පික රණවක මහතා පියවර ගෙන ඇත. 05 September 2019
‘අපේක්ෂා රෝහලේ ඖෂධ හිඟයක් නෑ’ මහරගම අපේක්ෂා රෝහල ඇතුළු රෝහල්වල උග්‍ර ඖෂධ හිඟයක් ඇති බවට පැතිර යන කතා සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බවත් දිවයිනේ කිසිදු රෝහලක එවැනි ඖෂධ හිඟයක් නොමැති බවත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් අංශයේ අධ්යක්ෂ වෛද්‍ය ඒ. ටී සුදර්ශන මහතා කොළඹදී අද (5) පැවැසීය. 05 September 2019
සෝමාවතීය ක්‍රීඩාපිටියේ ඉදිකිරීම් නවත්වන්න අධිකරණ නියෝගයක් අනවසරයෙන් සෝමාවතීය ජාතික ජල ගැලුම් නිම්න ජාතික උද්‍යානයේ ඉදිවෙමින් පවතින ක්‍රීඩාංගණය පොළොන්නරුව අධිකරණය විසින් ලබාදුන් අධිකරණ නියෝගයෙන් වහාම ඉදිකිරීම් අද (5) සිට අත්හිටවූ බව සෝමාවතීය උද්‍යාන බාරකරු කියයි. 05 September 2019
මැතිවරණ නීති උපරිම ලෙස ආරක්ෂා කරන්නැයි නිවේදනයක් ජනාධිපතිවරණයේ නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත් කිරීමෙන් පසුව මැතිවරණ නීති රීති උපරිම ආකාරයෙන් ආරක්ෂා කරන ලෙස ආයතනවලින් හා පුද්ගලයින්ගෙන් ඉල්ලීමක් කරමින් නිවේදනයක් නිකුත් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය. 05 September 2019
පාර්ලිමේන්තුව තාවකාලිකව කල් තැබෙයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග පිළිබඳ විවාදය පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙමින් තිබූ අතර එහි විවාදය අවසන් වීමෙන් පසු පනතට අදාළ ඡන්ද විමසීම කල් දැමීමට ආණ්ඩු පක්ෂය උත්සාහ කිරීම නිසා පාර්ලිමේන්තුවේ කලබලකාරී තත්වයක් ඇති විය. 05 September 2019
අසු දහසක රුක් රෝපණ ව්‍යාපෘතියක් ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉහළ නැංවීමේ අරමුණින් සංවිධානය කරන ‘අසූ දහසක් රුක් රෝපණ’ ව්‍යාපෘතිය සඳහා අද (05) මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යංශය සහ ලංකා බැංකුව අවබෝධතා ගිවිසුමකට එළඹිණි. 05 September 2019
පාස්කු ප්‍රහාරයේ සැකකරුවන් 41කගේ බැංකු ගිණුම් 100ක් අත්හිටුවයි පාස්කු දින එල්ල වු බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇති ත්‍රස්තවාදී සැකකරුවන් හා ඔවුන්ට ආධාර අනුබල දුන් 41 දෙනකුට අයත් බැංකු ගිණුම් 100 ක් අත්හිටුවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය. 05 September 2019
කංජිපානීව 9 වැනි දා උසාවියට ගෙන එන්නැයි නියෝග මොහොමඩ් නජීබ් මොහොම්ඩ් ඉම්රාන් නොහොත් කංජිපානි ඉම්රාන් නැමැත්තා ලබන 9 දා අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (5) බූස්ස බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළාය. 05 September 2019
නීතිවිරෝධීව රැඳී සිටි ඉන්දියානු කම්කරුවෝ 44ක් අත්අඩංගුවට වීසා කාලය ඉක්මවා නීතිවිරෝධී ලෙස මෙරට රැඳී සිටිමින් ඉදිකිරීමේ වැඩබිමක සේවය කළ ඉන්දියානු ජාතිකයින් 44දෙනෙකු ආගමන විගමන විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අද(05) කොම්පඤ්ඤවීදියේ වැඩබිමකදී අත්අඩංගුවට ගෙන ඇත. 05 September 2019
හෝර්ටන්තැන්නට ගිනිදැල්වීමේ උපකරණ ගෙනගියාට දඩ හෝර්ටන්තැන්න වනෝද්‍යානයට ගිනි දැල්විය හැකි උපකරණ නීතිවිරෝධීව රැගෙන යාමේ චෝදනාවට වරද පිළිගත් පුද්ගලයෙකුට රුපියල් 20,000ක දඩ මුදලක් ගෙවන ලෙස නුවරඑළිය මහේස්ත්‍රාත් පමෝද ජයසේකර මහතා අද(05) නියෝග කළේය. 05 September 2019
හම්බන්තොට රෝහලේ වෛද්‍ය වර්ජනයට රෝගීහු විරෝධය දක්වති හම්බන්තොට මහ රෝහලේ වෛද්‍යවරුන්ගේ වෛද්‍ය වැඩවර්ජනයට විරෝධය දක්වා රෝගීහු අද(05) එම රෝහල ඉදිරිපිට දී උද්ඝෝෂණයක නියැලුණහ. 05 September 2019
ඇල්පිටි ප්‍රා. සභා මැතිවරණයේ තැපැල් ඡන්ද සැප්. 13 තෙක් බාරගනී ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේ තැපැල් ඡන්ද ඉල්ලුම්පත් සැප්තැම්බර් මස 13 වැනි දා දක්වා බාර ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. 05 September 2019
කොළඹ වරාය නවීකරණයට ජපානයේ - ඉන්දියාවේ සහාය කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය නවීකරණය කිරීමේ කටයුතු ජපාන සහ ඉන්දීය මැදිහත්වීම යටතේ ආරම්භ කෙරේ. 05 September 2019
පස්කපන යන්ත්‍රයක සිර වී රියැදුරු සහයක මරුට නාවලපිටිය කලපිටිය ප්‍රධාන මාර්ගයේ කිරිමැටියාව 33 කණුව ප්‍රදේශයේදී අද(05) පස්කපන යන්ත්‍රයක දෝෂයක් පරීක්ෂා කරමින් සිටි එහි රියදුරු සහයකවරයා එම යන්ත්‍රය හදිසියේ ක්‍රියාත්මකවීම හේතුවෙන් ඊට සිරවී මිය ගොස් ඇතැයි නාවලපිටිය පොලිසිය පවසයි. 05 September 2019
මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන්න පාර්ලිමේන්තුවට ඇමතිවරු පැමිණ නෑ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදීම සඳහා අදාළ ඇමතිවරුන් පැමිණ නොසිටීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු විරෝධය පළ කළහ. 05 September 2019
ඇල්පිටිය ප්‍රා. සභා ඡන්දයට සුදානම් වෙන්නැයි අගමැතිගෙන් උපදෙස් දැනට ප්‍රකාශයට පත්කර තිබෙන ආසන්නතම මැතිවරණය වන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය සඳහා සූදානම් වන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ සහ එක්සත් ජාතික පක්ෂ නායකයින්ට උපදෙස් දෙනු ලැබීය. 05 September 2019
ග්‍රෑන්ඩ්පාස් ඝාතන සිද්ධියේ මහ මොළකරු ‘කුඩු රොෂාන්’ සහ 6ක් අල්ලයි ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසානභූමියේ පුද්ගලයන් දෙදෙනෙකු මන්නා පිහිවලින් කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව කියන ‘කුඩු රොෂාන්’ නමැත්තා ඇතුළු හත්දෙනෙකු අද(05) පොලිස් විශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව එම බලකාය කියයි. 05 September 2019
රජයේ විධායක නිලධාරීහු වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරිති ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් අද (04) එක්දින සංකේත වැඩ වර්ජනයක නිරතවූ රජයේ ඒකාබද්ධ නිලධාරීන්ගේ කමිටුවේ නියෝජිතයින් හා රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතා අතර එම අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකින් පසු සිය වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත් වූ බව එහි ලේකම් එච්.ඒ.එල් උදයසිරි මහතා පැවැසීය. 04 September 2019
වරාය නගරයේ ඉදිකිරීම් සඳහා ආයෝජකයින්ගෙන් යෝජනා කැඳවේ කොළඹ වරාය නගරයෙහි ඉදිකිරීමට නියමිත ජාත්‍යන්තර පාසල යාබද බිම් කොටසේ සම්මන්ත්රණ හෝටලයක් සහ ජාත්‍යන්තර රෝහල සඳහා ආයෝජකයන්ගෙන් යෝජනා කැඳවීම අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ. 04 September 2019
නෙළුම් කුළුණ වාණිජකරණ කටයුතු සඳහා රාජ්‍ය සමාගමක් ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව වෙත නුදුරේදී ම භාර දීමට නියමිත කොළඹ නෙළුම් කුළුණ ව්‍යාපෘතිය වාණිජකරණ කටයුතුවලට යොදාගැනීම සඳහා රජය සතු සමාගමක් ස්ථාපනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. 04 September 2019
පාස්කු බෝම්බකරුවන් භාවිතා කළ දුරකතන වාර්තා එෆ්බීඅයි ආයතනය සීඅයිඩීයට බාරදෙයි පාස්කු ප්‍රහාරයට අදාළ බෝම්බකරුවන් සහ ඊට සහාය දැක්වූ පුද්ගලයින් භාවිත කරන ලද බවට අනාවරණය වූ ජංගම දුරකතන කිහිපයක් සහ දුරකතන කොටස් කිහිපයක ඇතුළත්ව තිබූ දත්ත වලට අදාළ වාර්තා 05 ක් ඇමරිකා එක්සත් ජනපද විමර්ශන කාර්යාංශය (FBI) මගින් තමන් වෙත භාරදී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ වැඩිදුර වාර්තාවකින් අද (04) දැනුම් දුන්නේය. 04 September 2019
‘‘විජයදාසගේ කෘතිය ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පවත්වන්න හේතුවක් විය හැකියි‘‘ විජයදාස රාජපක්ෂ මහතා ලියූ රාජ්‍ය පාලනයේ විකාශය හා ශ්‍රී ලංකාවේ අනාගතය ග්‍රන්ථය හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරයෙක් වූ ඔහුට විරුද්ධව විනය පරීක්ෂණයක් පැවැත්වීමට හේතුවක් වනු ඇතැයි සැක සිතෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේය. 04 September 2019
පොදුජන පෙරමුණ සන්ධානයක් ලෙස සන්ධාන ගතවීමට යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ශ්‍රී ලංකා පොදු ජන සන්ධානය නමින් සන්ධාන ගතවීම සඳහා පක්ෂ නායකයින් හමුවේ පැවැති සාකච්ඡාවකදී එකඟතාවයකට පැමිණි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා අද (04) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවැසීය. 04 September 2019
‘‘ත්‍රස්තවාදී තර්ජනයට මුහුණදීමට ශක්තිමත් දේශීය නීති රාමුවක් අවශ්‍යයි‘‘ ලෝක ත්‍රස්තවාදී තර්ජනයට මුහුණ දීම සඳහා ජාත්‍යන්තර නීතියට අනුකූල වන ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම්වලට ගරු කරන ශක්තිමත් දේශීය ප්‍රතිත්‍රස්ත නීතිමය රාමුවක් සහ යාන්ත්‍රණයක් අවශ්‍ය බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිව්වැනි ඉන්දීය සාගර සමුළුවේ ආරම්භක සැසියේ මුඛ්‍ය දේශනය පවත්වමින් මාලදිවයිනේ ඊයේ (03) පැවසීය. 04 September 2019
පූජිත ගොනු කළ දිවුරුම් ප්‍රකාශය පිළිගන්නවාද නැද්ද යන්න නියෝගය හෙටට කල්යයි අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ නීතිපති දප්පුල ද ලිවේරා යන මහත්වරුන්ට කුමන්ත්‍රණ චෝදනා එල්ල කරමින් ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශය පිළිගන්නවාද නැද්ද යන්න පිළිබඳ නියෝගය ප්‍රකාශයට පත් කිරීම හෙට (05) දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (04) තීන්දු කළේය. 04 September 2019
සජිත්ට චෝදනා කළ යෝජනාව පිළිබඳ විවාදයට ඒකාබද්ධයේ අදහස් අඩුවෙයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් මිලියන 3600 ක් මුදා හැරීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී ටී.බී ඒකනායක මහතා ගෙන ආ යෝජනාවක් පාර්ලිමේන්තුව කල් තැබීමේ යෝජනාව ලෙස අද (04) පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනිණි. 04 September 2019
ජාතික නිදහස් පෙරමුණේ ජාතික මහා සමුළුව 8 වැනිදා ජාතික නිදහස් පෙරමුණේ තුන්වැනි ජාතික මහා සමුළුව ලබන 08 වැනිදා පස්වරු 2.30 ට කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවැත්වෙන බව එහි නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවැසීය. 04 September 2019
මධ්‍යම සංස්කෘතික අරමුදලේ මුදල් වියදම් කළේ පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් නෙවෙයි පාලක මණ්ඩල අනුමැතියකින් තොරව මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලබාගෙන ඇති බව කියන රුපියල් මිලියන 3600ක මුදලින් කළ ව්‍යාපෘති රටට පෙනෙන්නට තිබෙන බවත් එම මුදල් පෞද්ගලික සුබසාධනය වෙනුවෙන් වැය කර නොමැති බවත් නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (04) පැවසීය. 04 September 2019
අගැමැති ලේකම් යළිත් ජනපති කොමිසම හමුවට වත්මන් රජයේ ආයතනවල දූෂණ හා වංචා සෙවීමේ ජනාධිපති කොමිසන් සභාව හමුවේ (06) වැනිදා නැවත පෙනී සිටින්නැයි අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා වෙත දැනුම් දී තිබේ. 04 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026