මුලතිව් කැලයකින් කිලෝ 250ක අධි බලැති බෝම්බයක් හමුවේ මුලතිව්, කේපාපිලව් 11 වන ඉංජිනේරු බලකා කඳවුර ආසන්නයේ කැලෑ ප්‍රදේශයක තිබී කිලෝ 250 යුත් අධිබල බෝම්බයක් අද(06) සොයාගත් බව මුල්ලියාවේලි පොලිසිය කියයි. 06 September 2019
ඇවන්ට්ගාඩ් නඩුවේ සැකකරුවන් සිව් දෙනා යළි රිමාන්ඩ් ගාල්ල වරාය ආසන්න මුහුදේ ඇවන්ට්ගාඩ් නෞකාවේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාම සම්බන්ධ නඩුවේ සැකකරුවන් සිව් දෙනෙකු තවදුරටත් 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා අද (6) නියෝග කළේය. 06 September 2019
පාන් මිල අද මැදියම් රැයේ සිට ඉහළට පාන් රාත්තලක මිල අද (6) මධ්‍යම රාත්‍රීයේ සිට රුපියල් 2.00 කින් වැඩි කිරිමට තීරණය කළ බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය. 06 September 2019
ඉතාලියේ රූ රැජින තරගයේ අවසන් වටයට ලාංකික තරුණියක් ඉතාලියේ පැවැත්වෙන 2019 වර්ෂයේ රූ රැජින තේරීමේ අවසන් මහා තරගයට ශ්‍රී ලාංකික තරුණියක වන සෙව්මි තාරුකා ප්‍රනාන්දු (20) සුදුසුකම් ලබා සිටින්නීය. 06 September 2019
රනිල් - සජිත් අතර විශේෂ හමුවක් ඉරිදා එක්සත් ජාතික පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පමණක් හමුවන විශේෂ හමුවක් ඉරිදා (8) පැවැත්වීමට නියමිතය. 06 September 2019
වෙන්නප්පුව ප්‍රා.සභා මන්ත්රීනිය-සොහොයුරිය යළි රිමාන්ඩ් වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රිනිය සහ ඇගේ වැඩිමල් සොහොයුරිය ලබන 11 වැනිදා තෙක් යළි රක්ෂිත බන්ධනාරගත කිරීමට මාරවිල අතිරේක දිසා විනිසුරු හා මහේස්ත්‍රාත් තේමියසිරි පෙරේරා මහතා අද (06) නියෝග කර තිබේ. 06 September 2019
ඡන්ද නාමලේඛනයේ නම ඇද්දැයි සොයා බලන්න 2019 ඡන්ද නාමලේඛනයේ තමන්ගේ නම ලියාපදිංචි වී ඇද්දැයි සොයා බලන ලෙස පුරවැසියන්ගෙන් ඉල්ලා සිටින බව මැතිවරණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. 06 September 2019
ප්‍රීමා සමාගම තිරිඟු පිටි මිල ඉහළ දමයි ප්‍රීමා සමාගමේ නිෂ්පාදිත සෑම තිරිඟු පිටි කිලෝවක්ම අද (06) සිට රු 5.50 කින් ඉහළ දමන්නැයි එම සමාගමේ පාලන අධිකාරි මගින් දිවයිනේ සියලුම ප්‍රීමා පිටි ඒජන්තවරුන්ට දැනුම් දී ඇත. 06 September 2019
‘මහේන්ද්‍රන් ගෙන්වීම ලේසි නෑ’ සිංගප්පූරු නීතියට අනුව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මෙරටට ගෙන්වා ගැනීම අතිශය දුෂ්කර වනු ඇතැයි බටහිර ඉන්දීය කොදෙව්හි තාක්ෂණ විශ්ව විද්‍යාලයේ නීති පීඨාධිපති ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා අද (6) පැවසීය. 06 September 2019
බඹරු ඇනීමෙන් වතුකම්කරු කාන්තාවෝ 55 ක් රෝහලේ බගවන්තලාව පොලිස් වසමට අයත් තේ වතු දෙකක දලු නෙළමින් සිටි වතු කම්කරුවන්ට බඹරු ඇනීමෙන් තුවාල ලැබූ කම්කරු කාන්තාවන් 55 දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශීය රෝහලට අද (06) ඇතුළත් කර ඇති බව බගවන්තලාව ප්‍රාදේශීය රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ඒ.එස්.කේ ජයසුරිය මහතා පැවසීය. 06 September 2019
හම්බන්තොට නගරාධිපතිට-විශ්‍රාමික මේජර්ට අධි චෝදනා ගොනු කරයි හම්බන්තොට නගරාධිපති එරාජ් රවින්ද්‍ර ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් දෙදෙනෙකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඉදිරියේ අධිචෝදනා බාර දිම සිදු කෙරුණි. 06 September 2019
ඕස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දූපතේ සිටින ලාංකික දෙමළ යුවළ ගැන තීරණය 18 ඕස්ට්‍රේලියාවේ මහත් ආන්දෝලනයට තුඩුදුන් ශ්‍රී ලාංකික දෙමළ ජාතික යුවළ සහ ඔවුන්ගේ දරුවන් දෙදෙනා ශ්‍රි ලංකාවට පිටුවහල් කිරීම සම්බන්ධයෙන් වන නියෝගය ප්‍රකාශයට පත් කිරීම ලබන 18 වන දින දක්වා කල් තැබීමට එරට අධිකරණය තීරණය කර ඇතැයි එරට පළවන ද ඕස්ට්‍රේලියන් පුවත් වෙබ් අඩවිය වාර්තා කර ඇත. 06 September 2019
ඉන්දියාවට ගිය සරණාගතයින් 27ක් යළි කැඳවයි පසුගිය යුද සමයේදී මන්නාරම් ප්‍රදේශයේ සිට ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රදේශයට මුහුදු මාර්ගයෙන් සංක්‍රමණය වූ සරණාගතයන් 27දෙනෙකු නැවත මෙරටට ගෙන්වූ බව නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය සඳහන් කරයි. 06 September 2019
පාර්ලිමේන්තුවේ කටයුතු විනාඩි 45 කට සීමාවෙයි පාර්ලිමේන්තුවේ අද දිනට නියමිත ආණ්ඩු පක්ෂයේ කටයුතු ඉල්ලා අස්කර ගැනීම හේතුවෙන් අද දිනයේ දී පාර්ලිමේන්තු රැස්වීම විනාඩි 45 කට සීමා විය. 06 September 2019
දෙහිවල සත්වෝද්‍යාන වෘත්තීය සමිති එක්දින වර්ජනයක දෙහිවල ජාතික සත්වෝද්‍යාන වෘත්තීය සමිති එකමුතුව අද (6) ඉල්ලීම් කීපයක් මුල්කර ගනිමින් එක්දින වැඩවර්ජනයක් ක්‍රියාත්මක කර තිබේ. 06 September 2019
රොබට් මුගාබේ සමුගනී නිදහසින් පසු සිම්බාබ්වේ පළමු නායකයා වූ රොබර්ට් මුගාබේ මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 06 September 2019
ඇල්පිටියේදී බස් රථයක වෙඩි තැබීමක්: අයෙක් මරුට ඇල්පිටිය අලුත්ගම ප්‍රධාන මාර්ගයේදී අලුත්ගම සිට ඇල්පිටිය දක්වා ගමන් කළ ලංගම බසයක සිටි පුද්ගලයකුට බසයේ සිටි තවත් පුද්ගලයකුම වෙඩිතබා ඝාතනය කර ඇතැයි ඇල්පිටිය පොලීසිය කියයි. 06 September 2019
පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා සැකකරුවෝ පලා යති අකුරැස්ස නගරයේ රාජකාරි යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙකු අද (06) අලුයම දී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පළා ගොස් ඇතැයි පොලීසිය කියයි. 06 September 2019
ගුවන් විදුලිය ඩිජිටල් වෙයි නවීන තාක්ෂණය සිය ශ්රාවකයින්ට සමීප කරමින් ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ශ්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීම ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (5) පස්වරුවේ ආරම්භ කෙරිණ. 05 September 2019
‘‘එජාපයේ නායකයන්ගේ එකමුතුවෙන් සුදුසුම අපේක්ෂකයා නම් කරනවා ‘‘ එක්සත් ජාතික පක්ෂයේ සියලුම නායකයින්ගේ එකමුතුවෙන් ඉදිරි ජනාධිපතිවරණය සඳහා සුදුසුම අපේක්ෂකයා නම් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා කොළඹදී අද (5) පස්වරුවේ පැවැසීය. 05 September 2019
ගුවන් තොටුපළවල් 4ක් එකිනෙකට සම්බන්ධ කිරීමේ වැඩපිළිවෙළක් කටුනායක, මත්තල, රත්මලාන සහ මඩකලපුව යන ගුවන්තොටුපොළ එකිනෙකට සම්බන්ධ කෙරෙමින් කලාපීය සහ ජාත්‍යන්තර ගුවන් ගමන් සේවා ආරම්භ කෙරෙන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද(05) පැවසීය. 05 September 2019
‘යාහූ ‘ ඊමේල් සේවය බිඳවැටීමෙන් ලොව පුරා පරිශීලකයින් අපහසුතාවට යාහූ ඊමේල් සේවයේ හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ලොව පුරා පරිශීලකයෝ විශාල පිරිසක් දැඩි අපහසුතාවට පත්වූහ. 05 September 2019
ශ්‍රීලනිපයෙන් අපේක්ෂකයකු ඉදිරිපත් කරන බව දයාසිරි මැතිවරණ කොමිසමට කියයි ශ්ර්රී ලංකා නිදහස් පක්ෂය ඉදිරි ජනාධිපතිවරණය සඳහා ජනාධිපතිවරණ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවට පක්ෂ මහලේකම්, කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මැතිවරණ කොමිසමට අද (05) සවස දැනුම්දුන් බව ශ්ර්රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පැවැසීය. 05 September 2019
අත්‍යවශ්‍ය ඖෂධ ගැන දැනුම් දෙන්න ක්ෂණික දුරකතන අංකයක් රෝහලක අත්‍යවශ්‍ය ඖෂධ සහ ජීවිතාරක්ෂක ඖෂධ හිඟයක් ඇතිවුවහොත් ඊට පිළියම් ලෙස හදිසි වෛද්‍ය සැපයුම් ඒකකයක් සහ ක්ෂණික දුරකතන අංකයක් හඳුන්වාදීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 05 September 2019
මහජන බැංකු හිටපු සභාපතිට - අමාත්‍යාංශ අතිරේක ලේකම්ට කෝප් කමිටුවේ පෙනී සිටීමට නියෝග මහජන බැංකු සාමාන්‍යාධිකාරීවරයකු ලෙස කටයුතු කළ වසන්ත කුමාර නැමති අයෙකුට සේවා දිගුවක් ලබානොදෙන ලෙස පොදු ව්‍යාපාර කාරක සභාව හෙවත් කෝප් කමිටුව නියෝග කර තිබියදීත් ඔහුට මාස හයක සේවා දිගුවක් ලබාදීම සම්බන්ධයෙන් බැංකුවේ හිටපු සභාපති හේමසිරි ප්‍රනාන්දු සහ අදාළ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ලෙස කටයුතු කළ එස්.සේමසිංහ යන අය පාර්ලිමේන්තුවේ වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමට කෝප් සභාපති සුනිල් හඳුන්නෙත්ති මහතා අද (05) නියෝග කළේය. 05 September 2019
‘‘ජාතිය ගොඩනැගීමේදී මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙනවා‘‘ ජාතිය ගොඩනැගීමේදීත් ජාතිය සුවපත් කිරීමේදීත් මාධ්‍යවේදීන්ට විශාල වගකීමක් තිබෙන බව මෙරට සංචාරයක යෙදී සිටින දකුණු අප්‍රිකාවේ මයිකල් ලැප්ස්ලි පියතුමා අද (5) ප්‍රකාශ කළේය. 05 September 2019
කොළඹ රාජකීයේ රග්බි කමිටුවේ හිටපු භාණ්ඩාගාරික ගැන සීඅයිඩීයෙන් පරීක්ෂණයක් කොළඹ රාජකීය විද්‍යාලීය රග්බි තරඟ සංවිධායක කමිටුව වෙනුවෙන් ලැබිය යුතු රුපියල් එක්කෝටි පනස් හය ලක්ෂයකට අධික මුදලක් එම කමිටුවේ හිටපු භාණ්ඩාගාරිකවරයා විසින් වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ අද (05) කරුණු වාර්තා කර ඇත. 05 September 2019
‘‘පාස්කු ප්‍රහාරය ගැන පෙර දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම්ට ලැබී නෑ‘‘ පාස්කු ඉරිදා ප්‍රහාරය ගැන පූර්ව අනතුරු ඇඟවීමක් සම්බන්ධයෙන් කිසිඳු දැනුම් දීමක් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට ලැබී නොමැති බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටින ජනාධිපති නීතිඥ අනුජ පේ‍්‍රමරත්න මහතා අද ( 05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 05 September 2019
පූජිතගේ දිවුරුම් ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දෙයි නීතිපතිවරයා , ජනාධිපතිවරයා සහ බුද්ධි අංශ ප්‍රධානි එක්ව තමන්ට එරෙහිව කුමන්ත්‍රණය කරනවා යැයි සඳහන් කරමින් පූජිත් ජයසුන්දර මහතා ගොනු කර ඇති දිවුරුම් ප්‍රකාශ ඉල්ලා අස් කර නොගන්නා බව ඒ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ විරාන් කොරයා මහතා අද (05) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 05 September 2019
සජින් ද වාස්ට ඇප හිටපු පාර්ලිමේනතු මන්ත්‍රී සජින් ද වාස් ගුණවර්ධන මහතාට එරෙහි අධි චෝදනා පත්‍ර බාරදුන් කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා කොන්දේසි සහිත ඇප මත ඔහු මුදාහැරීමට අද (05) නියම කළේය. 05 September 2019
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026