අවන්හළක ගැටුමකින් අයෙක් මරුට- දෙදෙනකු රෝහලේ ඇල්පිටියේ අවන්හලකදී දෙපිරිසක් අතර වූ ගැටුමකින් එක් අයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව පොලීසිය කියයි. 24 February 2020
තුර්කියේ සිදුවූ භූ කම්පනයකින් 9 ක් මරුට තුර්කියේ නැගෙනහිර ඉරාන දේශසීමාව ආසන්නයේ සිදු වූ භූ කම්පනයක් හේතුවෙන් නවදෙනකු මියගොස් 37 දෙනෙකු පමණ තුවාල ලබා ඇතැයි වාර්තා වේ. 23 February 2020
‘‘අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් රටේ නැහැ‘‘ අධිවේගී මාර්ගය තරම් විවේචනයට ලක්වූ වෙනත් ව්‍යාපෘතියක් මේ රටේ නැතුව ඇති. හරියට මහ ගහක් වගේ. ගහට කොටන්න එන පොරෝකාරයාටත් ගහ හෙවණ දෙනවා. ඒ වගේ තමයි මේ පාරත්” යැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (23) පැවසීය. 23 February 2020
නොදන්වා විදුලිය කැපීම ගැන හොයන්න පත්කළ කමිටු වාර්තා හෙට ලංකා විදුලිබල මණ්ඩලයේ නිලධාරින් පිරිසකගේ අවශ්‍යතාවය මත ඉකුත් 03 වැනිදා නොදන්වා විදුලිය කැපීමේ සිදුවීම සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ කමිටු දෙකේ වාර්තාව හෙට (24) විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයට ලබාදීමට නියමිතය. 23 February 2020
ඕමන්තේ රිය අනතුරකින් 5 ක් මරුට යාපනය නුවර ඒ 09 මාර්ගයේ වව්නියාව ඕමන්තේ පණ්ඩිකෙයිදකුලම් ප්‍රදේශයේදී අද (23) රාත්‍රී බස් රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් පුද්ගලයින් පස්දෙනකු ජීවිතක්ෂයට පත්ව තවත් 20 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි ඕමන්ත පොලිසිය කියයි. 23 February 2020
පොලිස් කොස්තාපල්වරයාගේ ඝාතනයට සම්බන්ධ 5 ක් රිමාන්ඩ් කඩවත පොලිස් ස්ථානයට අනුබද්ධ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කළ සැකකරුවන් පස් දෙනෙකු ලබන 03 වැනිදා දක්වා රිමාන්ඩ් ගත කිරීමට මහර වැඩ බලන මහේස්ත්‍රාත් රුසංකා සමරනායක මහත්මිය අද (23) වැනිදා නියම කළාය. 23 February 2020
‘‘ආණ්ඩුව බලයට එනවිට කී සුරංගනා කතා දැන් නෑ‘‘ ඉන්දියාවට ගොස් ණය කාලය අඩුකරගැනීමට හිඟමන් යදින අගමැතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ණය සීමාව වැඩිකරගන්නට උදව් ඉල්ලන්නේ බුදුසරණයි කියාගෙන ලොරියක හොර හරක් පටවාගෙන යන ජාවාරමක් වාගේ යැයි මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා අද (23) පැවසීය. 23 February 2020
පිළිමතලාව - වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් පිළිමතලාව හා වත්තේගම අතර නව කාර්යාල දුම්රියක් හෙට (24) සිට ධාවනයට යොදවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසීය. 23 February 2020
ජිනිවා යෝජනාව ගැන ලක් රජයේ තීරණය මානව හිමිකම් කවුන්සිලයට දැනුම් දෙයි ‘ශ්‍රී ලංකාවේ සංහිඳියාව‘ වගවීම හා මානව හිමිකම් ප්‍රවර්ධනය කිරීම’ පිළිබඳ 2019 මාර්තු 40/1 දරන යෝජනාවෙන් සිය සම අනුග්‍රහාය ඉවත් කරගැනීමට ශ්‍රී ලංකා රජය ගත් තීරණය විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ මහතා ජනීවා නුවරදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ සභාපතිනි එළිසබෙත් ටිචි ෆිෂ්ල්බර්ගර් මහත්මියට දැනුම් දී ඇත. 23 February 2020
බස් රථයක් - මෝටර් රථයක් ගැටී දෙදෙනෙක් මරුට හබරන පොලොන්නරුව ප්‍රධාන මාර්ගයේ හතේ කණුව දේවාල හන්දිය 39 කණුව ආසන්නයේදී අද (23) මෝටර් රථයක් සහ බස් රථයක් ගැටී දෙදෙනෙකු මියගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පැවසීය. 23 February 2020
නව අධිවේගී මාර්ගය ආවරණය කරන්න ගිය මාධ්‍යවේදීන්ට තහන්චි මාතර හම්බන්තොට නව අධිවේගී මාර්ගය විවෘත කිරීම සඳහා මාතර ගොඩගම පැවති සමාරම්භක උත්සවය ආවරණය කිරීමට දේශීය මාධ්‍යවේදීන්ට අද (23) අවස්ථාව හිමි නොවීය. 23 February 2020
මොරටුවේ ලී බඩු ආයතනයක ඇතිවූ ගින්න පැතිර යයි මොරටුව විල්ලෝරාවත්ත කිතලන්දලුව ප්‍රදේශයේ ලී බඩු නිෂ්පාදන ආයතනයක ඇති වූ ගින්න මේ වනවිට යාබද නිවාස කරා පැතිර ගොස් ඇතැයි මොරටුව නගර සභාවේ ගිනි නිවීමේ ඒකකයේ ස්ථාන භාර නිලධාරි දුල්සර කුමාර මහතා පැවසීය. 23 February 2020
වනජීවි නිලධාරීන්ගේ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අවසන් වනජීවි නිලධාරීන් ආරම්භ කර ඇති වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය අද (24) තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළබව සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවි නිලධාරින්ගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවසීය. 23 February 2020
මාතර - හම්බන්තොට අධිවේගී මාර්ගයේ ලංගම බස්ගාස්තු ප්‍රකාශයට පත්කෙරේ දක්ෂිණ අධිවේගි මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා අධිවේගි මාර්ගය අද (23) විවෘත කිරීමෙන් පසු අධිවේගි මාර්ගයේ ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගි ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය බස් ගාස්තු ප්‍රකාශයට පත්කර තිබේ. 23 February 2020
මෙරට ධීවරයින් 24 දෙනෙකු බංග්ලාදේශයේදී අත්අඩංගුවට නීති විරෝධී ලෙස බංග්ලාදේශ මුහුදු සීමාවට ඇතුළු වූ මෙරට ධීවරයින් 24 දෙනෙකු බංග්ලාදේශ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇතැයි බංග්ලාදේශ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි. 23 February 2020
දකුණු කොරියාවේ ලාංකිකයන්ගේ ආරක්ෂාවට විශේෂ වැඩපිළිවෙළක් දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීම සඳහා දරන ප්රයත්න පිළිබඳව සෝල් නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ එක්ව තමන් සමීප ලෙස අධීක්ෂණය හා සම්බන්ධීකරණය කරමින් සිටින්නේ යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 23 February 2020
ලොකු ලුනූ වලට උපරිම සිල්ලර මිලක් ආනයනික ලොකු ලුනූ කිලෝවක් සඳහා රුපියල් 190 ක උපරිම සිල්ලර මිලක් අද (23) සිට නියම කර ඇතැයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක මහතා පැවසීය. 23 February 2020
ලක්ෂ 60 ක මත්කුඩු සමඟ මව-දියණිය ඇතුළු 6ක් අත්අඩංගුවට පිළියන්දල දැල්තර ප්‍රදේශයේදි නිවසක හෙරොයින් මත් කුඩු පැකට් කරම්න් සිටි මවක් , දියණියක් ඇතුළු පුද්ගලයින් 6 දෙනකු රුපියල් ලක්ෂ 60 කට අධික හෙරොයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස දූෂණ මර්ධන ඒකකය කියයි. 23 February 2020
නාලන්ද අනතුර කළ බස් රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ශ්‍රී පාද පුදබිම දක්වා වන්දනා ගමනක් යන අතරතුරදී මහනුවර ප්‍රදේශයෙන් පැමිණි බස් රථයක ගැටී නාඋල - නාලන්ද ප්‍රදේශයේ දී සිදුවූ බස් රථ අනතුර සම්බන්ධයෙන් බස් රථ රියදුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 23 February 2020
චමරිගේ උත්සාහය අපතේ යයි සොෆී ඬේවින්ගේ (නොදැවී 75) වේගවත් පිතිහරඹය හමුවේ කාන්තා විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ඕස්ට්‍රේලියාවේ පර්ත්හිදී පැවැති තරගයෙන් කඩුලු 7 ක ජයක් වාර්තා කිරීමට නවසීලන්තය අද (22 වැනිදා) සමත් විය. 22 February 2020
වනිඳු ශ්‍රී ලංකා පිල දිනවයි වනිඳු හසරංගගේ ධෛර්යවන්ත පිතිහරඹය හමුවේ ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් දූපත් අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුල්ලක තියුණු ජයක් අත්කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. 22 February 2020
මිහින්තලේට පරිසර හිතකාමී රෝහලක් පරිසර හිතකාමී ක්‍රමවේදයන්ට අනුව මිහින්තලේ ඉදිකිරීමට නියමිත ලොව ප්‍රථම සත්කාර සේවා රෝහලට මුල්ගල් තැබීම වනජිවි හා ඉඩම් අමාත්‍ය එස්.එම්.චන්ද්‍රසේන සහ යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (22) සිදුකෙරිණි. 22 February 2020
බැංකු කොල්ලයක් ව්‍යර්ථ වෙයි අනුරාධපුර ලංකා බැංකු ශාඛාවට ඇතුල්වී මුදල් මංකොල්ල කෑමට පුද්ගලයෙකු විසින් ගත් උත්සායක් අසාර්ථක වී ඇතැයි අනුරාධපුර පොලිසිය පැවසීය. 22 February 2020
දියේ ගිලී මියගිය සිසුන් ගැන ආණ්ඩුකාරවරයා වාර්තාවක් ඉල්ලයි සිසුන් සිව් දෙනෙකු දියේ ගිලී මියයෑමේ සිද්ධිය සම්බන්ධයෙන් මූලික පරීක්ෂණයක් පවත්වා දින 14 ක් ඇතුළත වාර්තාවක් ලබාදෙන ලෙස ඌව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ රාජා කොල්ලුරේ මහතා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරියට නියෝග කර තිබේ. 22 February 2020
අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ ගින්නක් අම්බලන්ගොඩ මාදම්පා රක්ෂිතයේ කොටසක අද (22) ගින්නක් හටගෙන ඇතැයි පොලිසිය පැවසීය. 22 February 2020
මානව හිමිකම් කැඩීමේ කොමිසමේ වාර්තා සමාලෝචනයට තවත් කොමිසමක් මානව හිමිකම් හා ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනයවීම පිළිබඳ විමර්ශනය කිරිමට මීට පෙර පත් කර තිබූ ශ්‍රී ලාංකික විමර්ශන කොමිසමේ වාර්තා සමාලෝචනය කිරීමට සහ ඒවායේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය තක්සේරු කර නව රජයේ ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරයකුගේ ප්‍රධානත්වයෙන් කොමිසමක් පත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තාවේ 21 February 2020
ලංවීමට රාජ්‍ය බැංකු දෙකකින් කෝටි 1500 ක ණයක් දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ දී සිටින ලංකා විදුලිබල මණ්ඩලයට රාජ්‍ය බැංකු දෙකකින් තවත් රුපියල් කෝටි 1500 ක ණය මුදලක් හදිසි පදනම මත ලබාදීමට රජය තීරණය කර ඇත. 21 February 2020
මාතර - මත්තල අධිවේගී මාර්ග කොටසේ ගාස්තු අයකෙරේ මාතර සිට මත්තල දක්වා අලුතින් ඉදිකළ දක්ෂිණ අධිවේගී මාර්ග කොටස භාවිතා කරන වාහන සඳහා ගාස්තු අය කෙරෙන බව සඳහන් කරමින් මාර්ග සහ මහාමාර්ග අමාත්‍යවරයා අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. 21 February 2020
‘‘තුර්කි රජය ලංකාවට එවූ ලිපිය ගැන බලධාරීන් අවධානය යොමු කළේ නෑ‘‘ තුර්කියේ ක්‍රියාත්මක ෆේටෝ ත්‍රස්ත සංවිධානයේ සාමාජිකයන් 50 ක් ලංකාවට පැමිණ ඇති බවට තුර්කි රජය මෙරටට එවා තිබුණු ලිපිය කෙරේ එවකට සිටි ආරක්ෂක අමාත්‍යාංශයේ බලධාරීන් නිසි අවධානය යොමු නොකළ බව රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නීතිය හා සාමය අංශයේ වැඩබලන අතිරේක ලේකම් මාලිකා ශ්‍රීමතී පීරිස් මහත්මිය පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ සාක්ෂි ලබාදෙමින් අද (21) ප්‍රකාශ කළාය . 21 February 2020
‘‘පරිපූරක ඇස්තමේන්තුව ඉදිරිපත් නොකිරීමෙන් විපක්ෂයේ බලාපොරාත්තු සුන්වුණා‘‘ පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකිරීමෙන් ආණ්ඩුව පරාජයට පත් කරන්න බලාගෙන සිටි විපක්ෂයේ බලාපොරොත්තු සුන් වූ බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කීය. 21 February 2020
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026